‘ලෝකේ කිසිම පාලකයෙක් කන බොන භාණ්ඩවලට බදු ගහන්නේ නෑ, එන්නේ කන්න දෙන්න‘ යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා බලපිටිය ජනහමුවක් අමතමින් පැවසීය.
‘මහින්ද මහතා මොකද කළේ? කන බොන බඩුවලට බදු ගැහුවා. රුපියල් දාහක් කඩේට අරන් ගිහින් වියදම් කළොත් ඒකෙන් රුපියල් 450 ක් ආණ්ඩුවට. පසුගිය කාලේ කෝටි නව ලක්ෂයක ණය අරන් තියෙනවා‘ යැයිද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිපීනයේ කඩේකට ගිහින් කෑම කෑවොත් 35% කන කෑමට බදු ගහනවා.එම බදු ගෙවන්නේ කඩහිමියා නෙමෙයි කෑම කන මහජනතාවයි. (නි)
දිනුවොත් නම් නියමයි! රටට ජයවේවා! (නි)
ඉන්දික ඇමරිකාවෙ කොහෙද ඉන්නෙ.. ඇමරිකාවේ එලවලු, පලතුරු, ටින් කල ආහාර ඇතුලු කෑම වර්ග 20 ගනනකට බදු ගැහීම සපුරා තහනම්. අන්තර්ජාලයේ සොයා බලන්න. ඇමරිකාව කලුද සුදුද කියලා නොදැන බොරුවට කොමන්ට් කරන්න එපා. (ර)
ඇමරිකන් ගොවියට බදු සහන දුන්නා මදිද.? (ර)
මෙය අනිත් රටවල් කියන්නේ මොන රට වලද දන්නේ නැහැ නේද? එක රටක් කියන්න පුලුවන්ද බදු ගහන්නේ නැති කෑම වර්ග වලට? මේවගේ කට්ටිය තමයි ඡන්දය ඉල්ලන්නේ. (ර)
අනේ ඇත්තටම එහෙම වෙනවා නම් කොච්චර හොඳද? (නි)
රටක බදු ප්‍රතිපත්ති ගැන අවබෝධයක් නැති මේ වගේ මිනිස්සු කොහොමද රටක් හදන්නේ....(ම)
නොදන්නාකමට කියනවද, කටට එන පලියට කියනවද කියා දෙවියෝ තමා දන්නේ .. අර කිව්වා වගේ මෙයා දිනුවොත් නම් නියමයි! රටට ජය නියතයි! (ම)
දුප්පතාට ඔය කරල තිබෙන දේවල්වලට පළදෙන්නේ (අ)
නොදන්නා දේවල් කතා කලාම මෝඩකම ප්‍රදර්ශනය වෙනවා. (ම)
රටේ මිනිස්සුනේ පාට කන්නාඩි ගලවලා දැන්වත් ජ වී පෙ කියන දේවල් අහල ඡන්දයක් දීපල්ලා. (අ)
මේ අනිත් විකාර කාරයෝ ටික. එක එක කාලෙට එක එක බයිලා කියනවා. අහුවෙන්න නරකයි. ඔය හදන්නේ හංසයාගෙන් හැලුන ඡන්ද ටික එකතු කරගන්න (බ)
කේතුමතිපුරේ නම් බදු ගහන්නේ නැහැ! (බ)
මෙයා ඕනකමින් බොරු කියනවා නෙමෙයි නම් හොඳට වලිගේ පාගගෙන. බටහිර රටවල හැම තැනම කෑමට නොයෙකුත් විදිහේ ටැක්ස් ගන්නවා. ආපන ශාලාවට ගිහිං කෑවත් ගෙදර උයානෙ කෑවත් නොයෙකුත් විදිහේ කෙලින් සහ වක්‍ර ටැක්ස් තියෙනවා. (හේ)
ඇමරිකාවට ඇවිල්ල බලන්න කන බොන ඒවාට බදු ගහන හැටි. ඇමරිකාව තරම් ලෝකේ වෙන රටක් නැතුව ඇති මිනිසුන්ගෙන් බදු අයකරන. (නි)
නියම කතාව. ඡන්ද ගොඩ වැඩිවෙනවා සත්තයි (නි)
මහින්ද ආවොත් පුතාලට ලැම්බෝගිනි ජනතාවට බඩගිනි. ලෝක වෙළදපොළේ මිල ඉතා පහළ වැටිලා තිබියදී පෙට්‍රල් ඩීසල් ඇතුළු අත්‍යවශ්‍ය බඩු වලින් බදූ ගැහුවා. ආයෙත් හොර පවුල් පාලනයකට රට පත්කරනවද ජනතාවට සහන දෙන යහපාලනයකට සහය දෙනවද? (නි)
නලින් හේවගේ මහතාට ජයවේවා! (නි)
කියපු කතාව හරියට හරි. ඔබතුමා උඩින්ම ජයගන්නවා. ඔබ වැනි අය දුගඳ හමන පාර්ලිමේන්තුවකට නෙළුමක් වන බව ඒකාන්තයි! (නි)
අනේ මන්දා මහත්තයෝ මේ කතා? (නි)
ඇයි දැන් බදු ගහන්නේ නැද්ද? කොත්තමල්ලි අඩු කළා. බස්ගාස්තු අඩුකළා. බදු ගහන එක නවත්තලා කියන්නකො ඔය කතා... (නි)
වෙනත් රටකට ගිහිල්ලා බලන්නකෝ (නි)
මේගොල්ලෝ ලංකාවෙන් එළියට ගිහිල්ලා නැද්ද? මම ඉන්න රටේ (බටහිර රටක)හැම දෙයකින්ම බදු ගහනවා.හැබැයි එකම වෙනස කඩේ ගිහින් ගත් බඩු වලට බදූ විදියට අපි කීයක් ගෙව්වද කියලා බිලේ සඳහන් වෙනවා.රෙස්ටුරන්ට් එකකට ගියත් බිලේ ඒක තියෙනවා. (නි)
ලෝකේ අනිත් රටවල් එක්ක බලන කොට ලංකාවේ අපි වියදම් කරන සල්ලි වලින් 40% කට වඩා දෙන්නේ බදු වලට. මේ අතින් අපි ලෝකේ මුල් රටවල් 5 ඇතුලේ විතර ඉන්නවා. අනිත් රටවලත් බදු තියනවා එත් අපට වඩා ගොඩක් අඩුයි. එක අපේ අය දන්නෙත් නෑ. හොයන්නෙත් නෑ. දන්නා කෙනෙක් කිව්වට අහන්නෙත් නෑ. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඔහේ කාට හරි අන්ද භක්තිකව වැඳ ගෙන කියන එයා කියන හැම දේ හරි කියල හිතා ගෙන ඉන්නවා. (ර)
අපි නම් දන්නා තරමින් ලෝකයේ හැමතැනම කෑම බීමට බදු ගහනවා. (නි)
හෙට දින රට බාරදෙන්න සුදුසුම අය ජවිපෙය.ජවිපෙ, ඔබට ජයෙන් ජයම වේවා! රටට ආදරය කරන සැබෑ මිනිසුන්ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ දේශයේ හෘදසාක්ෂිය..!! (නි)
මෙයාලට පව් කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? කටට එන පලියට ඕනෑම දෙයක් කියවනවා.මේක තමයි රටේ දේශපාලකයන්ගේ ආර්ථීක දැනුම.මෙයාල නේද රට හදන්න ඉල්ලන්නේ .මිනිස්සු මේවගේ බොරු වලට රැවැටුණු කාලේ ඉවරයි.මිනිස්සු දන්නවා ඈතටම රටට යමක් කළේ කව්ද කියල (බ)
ඇත්ත තමයි. කන බොන දේවල් අතහැරියා නම් තමයි හොඳ (නි)
ලොව බොහෝ රටවල් ආහාර වලට බදු අය කරනවා ඕස්ට්‍රේලියාවේ 10% ජිඑස්ටි අයකරනවා , මෙය ඔහුගේ දැනුම පිළිබඳ ප්‍රස්නයක්, , නමුත් අදායම පිළිබදයි කතා කළ යුත්තේ (ම)
මේක තමයි රටේ දේශපාලකයන්ගේ ආර්ථීක දැනුම.දේශපාලකයෝ උගුර ලේ රහ වනතුරු මැතිවරණ වේදිකා වල බෙරිහන් දුන්නාට ප්‍රශ්නයේ නියම ස්වභාවය හඳුනන්නේ නැහැ.ඕනෑම රටක ඍජු බදු සහ වක්‍ර බදු යනුවෙන් දෙවර්ගයක් තිබෙනවා.ජි එස් ටි, වැට් වක්‍ර බදු වන අතර, ආදායම් බදු ඍජු බදු ක්‍රමයට යටත්.ලංකාවේ වගේ දුප්පත් රටවල ඍජු ආදායම් බදු වලින් රජයට ලැබෙන ආදායම සාපේක්ෂව ඉතා අඩුයි.ඒ නිසා තමයි ආදායම නිරත්තරයෙන්ම වක්‍ර බදු මත යැපෙන්නේ.ඉතින් මොන ආණ්ඩුව ආවත් , කළ හැකි එකම දේ වක්‍ර බදු මත යැපීමයි (නි)
එහෙමනම් මහතයෝ දැන් බදු අයින් කරලා, සහන දෙන්න පුළුවන්නේ. ගෑස් පෙට්රෝල් අඩුකරලා කියලා තම ජනතාවට සහනයක් ලැබිලා නැහැ, (ම)
ඕස්ට්‍රේලියාවේ සමහර කෑම වර්ග වලට 10% ජිඑස්ටි නමින් හඳුන්වන බද්දක් අය කරනවා. මේ ක්‍රමය එංගලන්තය, නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක් වැට් සහ වෙනත් නම් වලින් ක්‍රියාත්මක කරනවා. ඉතින් ලෝකයේ කිසිම රටක කරන්නේ නැහැ කියන එක බොරුවක්. (නි)
ලෝකයේ එහෙම කරන්නේ නැහැ තමයි. නමුත් ලෝකයේ තිබෙන හැම රටකම සෑම භාණ්ඩයකටම බදු ගන්නවා. ඒක මිල දර්ශනයේම දාලා තියෙන්නේ (නි)