ඉතාලියේ වෙනොතෝ පළාතේ ජිවත්වන ලාංකික තරුණයෙකුට ඉතාලි කාන්තාවක් සතු පසුම්බියක් වැනි සටහන් පොතක් හමුවී ඇති අතර එහි ඇගේ  රියදුරුබලපත්‍රය, හැඳුනුම්පත, බැංකුකාඩ්පත, සමාජ සුරැකුම් කාඩ්පත, යුරෝ පනහක්  සහ  ඡායාරූප ද තිබී ඇත.

 රැකියාවක්  ද නැති තරුණයා කිලෝමීටර් පනහක් දුරගෙවා පියොවෙත්සානෝ ගමට පැමිණඇත. ඉන්පසු  ඉතාලි කාන්තාව පදිංචි නිවසේ දොරේ හා තැපැල් පෙට්ටියෙ තම දුරකතන අංකය සහ තමා සතුව ඇයගේ පසුම්බිය ඇතැයි සටහන් දෙකක් ලිවීය. ඒ වනවිටත් එම කාන්තාව තම නැතිවූ බලපත්‍ර සකස්කර ගැනිමට නගරයට ගොස් ඇති අතර මෙම සිද්ධිය දැනගෙන පුදුමවී ඇත.

 ලාංකිකයා පසුම්බිය කාන්තාවට දුන්නේය.  ඇය ඔහුට පිරිනැමූ මුදල් තෑග්ග තරුණයා ප්‍රතික්ෂේප කළේය.