බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී පීසා අවන්හලක සේවය කළ කවීෂ පීරිස් (25) සිසු ඝාතනයට සිර දඬුවම් විඳින බ්‍රිතාන්‍ය ජාතික කාසිම් අහමඩි ගේ අභියාචනය බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ බව බ්‍රිතාන්‍යයේ ශ්‍රිලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි පවසයි. 2013 ඔක්තෝබර් එම සිසුවා මරාදැමූ මොහුට වසර 23ක සිර දඬුවමක් නියම විය. සිර දඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා, නඩුව අවසන්වෙලා තීන්දුව දීලා විතරක් නොවේ, තීන්දුවට එරෙහිව කළ අභියාචනයත් විභාගකර අවසන්කර තීන්දුව දීලානේ. ලංකාවේ නම් තාම "පරීක්ෂණ අවසන් නැහැ. දියුණු රටවල නම් "නඩුයන්නෝ සාධාරණය ඉටුකරගන්නෝ" කියලා තමා කියන්න වෙන්නේ. (නි)
මම අසා තිබෙන විදියට ඉන්දුනීසියාවේ පහළ උසාවියකින් දුන් නඩු තීන්දුවකට විරුද්ධව බොහෝ වරදකරුවන් ඉහළ උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කිරීමට යන්නේ නැහැ.එයට හේතුව, ඉහළ උසාවියේදී බොහෝවිට, එම දඬුවම දෙගුණ කරනවා. (නි)
පාරා, නොදන්නා දේවල් කියන්න එපා. (නි)
මිනීමරලා බේරෙන්නත් හදනවා? එංගලන්තයට මොහු ස්තුති කරන්න ඕනෑ මෙහෙම බේරුන එකට! (නි)
අවුරුදු 23 ක් වුණාට අවුරුදු 10 කින් විතර නිදහස් වෙයිද දන්නෙ නැහැ (නි)
තිලක්,ඕකටත් ආගමක් අදින්න එපා (නි)
හොඳ වැඩේ වැරදි කරනවට. (නි)
ලංකාවේ නම් මොනවා වෙයිද? (නි)
ලංකාවේ නම් නිදොස්කොට නිදහස් (නි)
බ්‍රිතාන්‍යයේ ඔන්න මානව හිමිකම්. මිනි මැරුවොත් අවරුදු 23 යි. ලංකාවෙ නම් ජීවිතාන්තය දක්වා. (නදී)
බ්‍රිතාන්‍යයේ 2013 නඩුව අහලා වැරදී කරුවන්ට දඬුවනුත් දීලා. ලංකාවේ නම් තවම නඩුව කල්යන එකයි වෙන්නේ.(හේ)
හරි නම් මේ ගොල්ලන්ගේ ෂරියා නිතිය නේද ක්‍රියාත්මක කරන්ට ඕනේ ? නැත්නම් සර්ව බලධාරියා තරහ වෙයි (නදී)
ඔන්න නීති එකට ලංකාවේ මිනිමරුවත් එළියේ ඇප දෙනවා.හැබැයි එංගලන්තෙට බනිනවා.(හේ)
නිකමට හිතල බලන්නකෝ එංගලන්තයේ නීතියේ ස්තරාවත්වය (නදී)