ඇමරිකාවේ හූස්ටන් ප්‍රදේශයේ තෙල් පිරවුම්හලක් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු එහි සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙකුගේ පහරකෑමට ලක්ව වැඩ වරද්දා ගත්හ.
පහරකෑ එක් අයෙක් සිහිවිසඥව ඇදවැටුණි. ඒ දුටු අනෙකා පැමිණි වාහනයේම නැගී පළා ගියේය.
පහරකෑමට ලක්ව සිහිවිදඥවූ තැනැත්තා දැන් සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.
මෙම තරුණයාගේ නම මයුර දිසානායකය.ඔහු මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාව පිළිඹද ප්‍රවීණයෙකි.
ශ්‍රී ලංකාවේ සිටි කාලයේ ඔහු ජාතික තලයේ ක්‍රීඩා කර ඇති බව සදහන්ය.
හූස්ටන් ප්‍රදේශයේ මාධ්‍යකරුවෝ මෙම සිදුවීමට වැඩි තැනක් වෙන්කර තිබුණු අතර ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලෙස මයුර පවසා තිබුණේ මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කරුවෙකු ලෙස තමන් උගත් දේ කොල්ලකරුවන් මර්දනය කිරීමට තමන්ට උපකාරී වු බවයි.
මයුරගේ වීර ක්‍රියාව පිළිඹදව සියලූදෙනා පැසසුම් සහගතව අදහස් දක්වා තිබුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයුක්තියට අසාධාරණයට විරුද්ධව අනුන් වෙනුවෙන් සටන් කරන එක ශ්‍රී ලාංකිකයන්ගේ ජානමය පුරුද්දක්. ඒක ඉතිහාසයේ ඉඳලා මේ දක්වා ඔප්පුකරලා තියෙන දෙයක්. (නි)