සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමවූ ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සෞදි අභියාචනාධිකරණයට යොමු කළ බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් මහතා කියයි.
ඇයට සහනයක් ලබා ගැනීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය,රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.
අනියම් සබඳතාවක් පැවැත්වී යැයි චෝදනා යටතේ වරදකාරිය බවට පිළිගත් හෙයින් ලාංකික සේවිකාවට සෞදියේ රියාද් අධිකරණය මෙම දඬුවම පනවා ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිසානාගේ බෙල්ල කපා මරා දාන්න නියම කරපු වෙලාවෙත් ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතිතුමා සෞදි රජතුමාගෙන් එයාව නිදහස් කරන ලෙස ඉල්ලීමක් කළා. එ්ත් එයාල නීතිය වෙනස් කරන්න කැමති වුනේ නැහැ. මෙම කාන්තාවටවත් සහනයක් ලැබුනොත් ලොකු පිනක්. අපි එයාට සහනයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු. (බ)
රිසානාගේ වැරද්දයි මේ වැරද්දයි දෙකක්. රිසානාට සමාව නොදුන්නේ අගතියට පත් පාර්ශවය. මේක, ඇය විසින් වැරැද්ද කළා කියල පිළිගෙන තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඇගේ නිදහස වෙනුවෙන්. (බ)
සෞදි වල ජීවත්වෙනවා නම් එරට නීතියට, සංස්කෘතියට අනුව හැඩගැහෙන්න ඕනෑ. (නි)
දෙවියන්ගේ නාමයෙන් හසරක් නොදන්නා ලක්කතුන් ඔය රටවලට යැවීම දැන්වත් නවත්වන්න (නි)