
(ඉන්දිකා රාමනායක)
ලෝක කඩොලාන දිනයට සමගාමීව නාවික හමුදා විසින් අද (26) වෙරළ පිරිසිදු කිරීමේ සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් තලෙයිමන්නාරම සහ නච්චිකුඩා වෙරළ ප්‍රදේශයන්හිදී ක්‍රියාත්මක කෙරිණි.
උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව කියයි.
වෙරළ පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීමට මෙන්ම වෙරළ සංරක්ෂණය සඳහා කඩොලාන පද්ධතිය මඟින් විශාල සේවයක් සිදු වන අතර, ඒ අනුවල කඩොලාන පරිසර පද්ධතිය සුරැකීම සඳහා නිරන්තර දායකත්වය දක්වන නාවික හමුදාව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ අනාගත පරපුර වෙනුවෙන් කරන මෙම සද්ක්රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා...!!!