ශ්‍රී ලංකා ‐ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසමේ දෙවැනි සැසි වාරය මේ වසර අගදී කොළඹ දී පැවැත්වීමට දෙරටේ විදේශ අමාත්‍යවරු එකඟතාවය පළ කළහ.
මෙරට නිල සංචාරයක් සඳහා ඉකුත්දා පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමති ෂීක් අබ්දුල්ලා බින් සයිඩ් අල් නයාන් මහතා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේදී මෙම එකඟත්වයට එළැඹියේය.
දෙරට වෙළඳ හි ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයිනගේ සුබ සාධනය ඉහළ නැංවීම, කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන කාරණා සම්බන්ධයෙන් මෙම ඒකාබද්ධ කොමිසම් දෙවැනි සැසි වාරයේදී සාකච්ඡා කෙරෙනු ඇත.
එමෙන්ම රජය විසින් නව ආර්ථික සංවර්ධන කලාප 45 පිහිටුවීමට අදහස් කරන බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම් වලට මෙරට ආයෝජන අවස්ථා ඇති බවද එරට විදේශ අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන දෙලක්ෂ පනස් දහසක් පමණ වන ශ්‍රී ලාංකික විසින් මෙරට ආර්ථිකය සවිබල ගැන්වීම සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යවරයාට ස්තූතිය පළ කිරීමට අමතක නොකළේය.ගෘහ සේවකයින් ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැකියා සඳහා යන සියලූ ලාංකිකයින්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පොරොන්දු වීය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් චිත‍්‍රාංගනී වාගීෂ්වර , විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්, ආයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම ආදායම් මාර්ගය තෙල් සම්පතයි. ඔවුන්ගේ දළජාතික නිෂ්පාදනයෙන් 80%-90% ප්‍රමාණයක් වන්නේ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයි. නමුත් අපේ රටෙන් එම කර්මාන්තයේ සේවයට යන්නේ හරිම අඩු ප්‍රමාණයක්. ඉංජිනේරුවන් සුපවයිසර්වරුන් වැනි වෘත්තිකයන් ඇත්තෙම නැතිතරම්. ගියත් යන්නේ අහම්බෙන්. මෙහෙකාරකමට අපේ අම්මලා සහෝදරියන් යවන්නේ නැතුව එම කලාපයේ ආර්ථිකයට ගැළපෙන වෘත්තිකයන් යවන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. (නි)
ඉතා හොඳ වැඩක්. රටවල් අතර සහයෝගය හරිම වැදගත්. (නි)
සමන් වසන්ත ඔබ තුමා කියන දේ තරමක් වෑරදි එක්සත් අරාබි එමීර් රටේ විශාල ශ්‍රි ලාන්කිකයන් ප්‍රමාණයක් විවිධ රෑකියාවල නිරත වෙනවා.හෝටල් , ඉදිකිරීම් , වෑනි ක්ශෙත්‍රවලින් විශාල අදායමක් අපේ රටට ලෑබෙනවා.ලෝකයේ පිළිගත් ආයතන විශාල ප්‍රමාණයක ශාකා මේ රටේ තිබෙනවා. මොවුන් අපේ රටේ ආයෝජනය කීරීම අපේ රටට විශාල වාසියක්. (අ)