ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අද (8) සිට ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාලය පරිහරණය කරන්නන්ට පිවිසිය නොහැකි අයුරින් අවහිර කර (Block) ඇතැයි වාර්තා වේ.
මීට පෙර පසුගිය රජය යටතේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම් කෙරුණු අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එය යළි ශ්‍රී ලංකාවේ දී නැරඹීමට හැකි පරිදි අදාළ වාරණය ඉවත් කරන ලදි.
කෙසේ වෙතත් අද (8) පෙරවරුවේ සිට ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වූ බව වාර්තා විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී.ජයතිලක මහතා පැවසුවේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සම්බන්ධයෙන් එවැනි වාරණයක් ක්‍රියාත්මක කර නැති බවයි. වෙබ් අඩවියට එරෙහිව පැමිණිල්ලක් හෝ ලැබී නැතැයි ද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි සංදේශ නියාමන කොමිසමට පිටින් නියෝග දෙන අද්භූත කොමිසමක් හදලා වගේ...
මාධ්‍යයට වැට බැඳලා ඇත්ත වහන්න බැහැ. සිදුවිය යුත්තේ එයාලා කියන ඒවාට උත්තර දීමයි.. නැතිනම් වැරදි හදා ගැනීමයි.
ලංකා ඊ නිව්ස් වලට සෙල්ලම් දාපු ඔක්කොම සල්ලන් වුණා.
මේකේ වැඩිපුර තියෙන්නේ සත්‍යම නොවේ. එජාපයට අවාසි වන සහ රවීට අවාසි වන කිසි සත්‍ය පුවතක් පළනොවේ.
රාජපක්ෂලා බය වුණෙත් මේකට, මොකද මේකම බ්ලොක් කරන්නේ? මෛත්‍රී දින්නෙත් හුඟක්ම මේකේ සහයෝගයෙන් තමයි.
ඒක හොඳයි බොරු මඩ පත්තරේ බ්ලොක් කරපු එක
ලංකා ඊ නිව්ස් කියන්නේ කිසිම මාද්‍ය සදාචාරයක් නෙති පදනමක් නැති බොරු කුණුහරුප පිට රට ඉදන් ලියන පාත්‍රයක්. ඕක තහනම් කරපු එක සේවයක් ලංකාවට.
අයියෝ සුලු දෙයක්නෙ. සයිට් එක ප්‍රොක්සි සර්වර් එකක් හරහා බලන්න.
මේවට තමයි කියන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවයි කියල.
මෙය අසර්ථක ප්රයත්නයක්. මෙම වෙබ් අඩවියට යන්න කරන ක්‍රම තියෙනවා. අපි රාජපක්ෂගේ කලෙත් මෙය බැලුව. සිරිසේන මහත්තයා බලේටගෙන්න මෙම වෙබ් අඩවිය විශාල වැඩ කොටසක් කළා. තමුන්ගේ වැරදි පෙන්නුවම එයට කිපෙන එක මහත්මා ගතියක් නොවඊ.
එංගලන්තයේ කවුරුත් දන්නවා සඳරුවන් කියන මානසික රෝගියා ගැන. අපේ ශ්‍රී ලංකාව ගැන පුදුම ද්වේෂයකින් ඉන්නේ.
චන්ද්‍රා, සෙනෙවි, මට විශ්වාසයි ඔයාල මෙක කියවන්නෙ නෑ කියල. මොකද ශාක්ශි එක්ක එයාල ඔප්පු කරන විස්තර මඩ සහ බොරු කියන්නෙ නොදන්න කමට විය යුතුයි. ලංකාවෙ මිනිස්සු තමන්ගෙ නායකයින් හොරු කියල පිලිගන්න අකමැතියි.අපි හැමදාම දුශිත රටක් හැටියට ප්‍රසිද්ධ ඒකයි
බොරු නිවුස් දාන ඊ නිවුස් තහනම් කල යුතුව තිබුනේ මීට හුගක් කලින්.හොඳ තීරණයක්.
54.86.146.54 ඔස්සේ මෙම වෙබ් අඩවියට පිවිසිය හැක
තමුන් බලයට එන්න උදවු කලේ කවුද කියල මතක නැහැ . නැග්ග ඉනිමගට පයින් ගහනවා . විවේචන වලට උත්තර දෙන්න ශක්තියක් නැහැ . චන්දෙ දුන්න U N P කාරයින්ටත් අන්තිමට වහ කන්න වෙනවා .
බෞද්ධ විරෝදී බවක් මේ වෙබ් අඩවියේ තියෙනවා යති කරුවන් අන්‍ය ආගමිකයන් බව පේනවා සමාජයේ වැරදිත් දේසපාලන වැරදිත් (එජාප නායකයාගේ හැර ) පලකරනවා මෙය තිබුනත් නැති වුනත් මහජන මතය වෙනත් මගක් ගන්නවා
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ වැරදි තිබෙන්න පුළුවන්. බොරු පුවත් තිබෙන්නත් පුළුවන්. අද බොරු පුවත් නැත්තේ කොතනද? ලංකාව තුලම ඔය කියන 'මඩ' වෙබ් අඩවි කොපමණ තිබෙනවද? මෙතන වැරැද්ද තියෙන්නේ සඳරුවන්ගේ නොවෙයි. තහනම් නීති දාන අයගේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳිනවා කියන්නේ දුෂණයට පාර කපන එක. ඉතාම කනගාටු දායකයි.
ලංකාවේ මාධ්‍ය වලට වඩා ගොඩක් ඉදිරියෙන් තමයි ඊනිව්ස් තියෙන්නෙ. එය හොඳ ගවේශනාත්මක අඩවියක්
කොටින්ට සම්බන්ධ එක්කෙනෙක් තමා මේ සෛට් එක කරන්නේ..
ඊ නිවුස් එකට අනුව මහින්දට ගෝඨාට ගහන හෙමෝම හොඳා. ඒ වගේම සඳරුවන් ඇරෙන්ට ලංකාවේ සියලුම මිනිස්සු හොරු දුෂිතයෝ. ඊ නිවුස් එකට අනුව ලංකාවේ ලොකුම දුෂිතය ජනාදිපති. ජනාදිපති වැඩ කරන්ඩ ඕනේ enews කියන විදියට. එහෙම නොකෙරුවොත් මඩ ගහන එක තම කරන්නේ.
කිසිම සදාචාරයක් නැති මෙවැනි වෙබ් නවතා දැමීම ඉතා හොදයි...
මේකද යහපාලනය දෙනවා කිව්ව අපුරු නිදහස?
මේක ඊ නිව්ස් එකෙන්ම පතුරූවන බොරු ආරංචියක් එහෙම වාරණක් තවම නැහැ! මේකෙ වැඩී හරියක් තියෙන්නේ මඩ හා බොරු හැබැයි එහෙම කියලා වාරණය කරන්න කාටවත් අයිතියක් නැහෑ.
මේකද පුවත්පත් නිදහස ?
ලංකා ඊ නිව්ස් > "නුඹ නාඩාන් නුඹ නාඩාන් නුඹට ඕව හොඳ පාඩම්" යහපාලනය විනාශකල නියමුවා දුෂිත අගමැතියා බව ලොවම කියද්දී , යහපාලනයත් යු එන් පි යත් විනාශකල, රටෙත් නොසිටි පට්ට හොරුත් එක්ක හොරකම් පටන් ගත්තු අගමැති ඇතුලු නරුමයින් ආරක්ෂා කරන සියලු මාද්යයන්ට හා දුශිතයන්ව සියලු නිදහස් පුරවැසියන් විරුද්ද වන බව අවබෝධ කරගත යුතුය ! පක්ෂ පාට නොබලා දුසිතයන් ගැන ලිවීමට දැන්වත් ඉගෙන ගත යුතුය ! යහපාලනයත් යු එන් පි යත් විනාසකල මේ දුෂිත අගමැතිය එක්ක රටටත් ජනතාවටත් ඉදිරියට යෑමක් කළ නොහැක ? ලංකා ඊ නිව්ස් වාරණය කිරීම අනුමත නොකරන අපි, ලංකා ඊ නිව්ස් හොරුන් ආරක්ෂා නොකලයුතුය
ලංකා ඊ නිව්ස් වාරණය කලොත් මම අහනවා ශ්‍රී ලාංකිකයන්ට කෝ තොරතුරු දැනගැනීමේ පනත .?
පාඨකයිනි, මගුල්ගෙදර කෑම මේසයේ තියෙන කෑමවර්ග සියල්ලම අපි බෙදාගන්නේ නෑ, අපට රිසි පත්ය, අපත්‍ය ,දේවල් වෙන්කර හඳුනාගෙන ඒ අනුව තමයි අප කෑම ගන්නේ. තෝරා, බේරා වෙන්කරගැනීම අපසතු කාර්යයක්, ප්රචාරක මාධ්‍යවලින් තොරතුරු අරගත යුත්තේද එපරිද්දෙනි. උදාහරණයක් ගත්තොත්, පුවත්පතක වෙළඳ දැන්වීම්, මරණ දැන්වීම්, රටතොට තොරතුරු හෝ ලෝක තොරතුරු සියල්ලෙන්ම අප ගන්නේ මොනවාද? " ලංකා ඊ නිව්ස්" පුවත් ද එවැන්නකි. අපට වැදගත් යමක්වෙයි ද එය සිහිනුවනින් අරගැනීම තමයි වියයුත්තේ. ලොව්තුරා බුදුන්වහන්සේ දේශනාකලේ කාලාමයින්ට, " කාලාම සුත්‍රය " මේ ගැන තමා. කෙනෙක් කීවාට, ලියාතිබුණාට, පොතේපතේ තිබුණාට පිළිගන්න එපා, තමන්ගේ බුද්ධියෙන් ගලපා බලා අවබෝධ කරගන්න. "ලංකා ඊ නිව්ස් " හි ථේරවාදය චෝරවාදය ලිපිපෙළ කියවන කෙනෙකුට මේ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. ස්තුතියි !!!
ඒ අයගේ කිසිම වැරැද්දක් නොදකින ජනාධිපතිතුමාගේ වැරදි දකින කොටින්ට උදවු කරන, හොරුත් එක්ක හොරකම් පටන් ගත්තු, නරුමයින් ආරක්ෂා කරන, දූෂිතයින්ව ආරක්ෂා කරන තැනක්.....
මාධ්‍ය මගින් යමෙකුට යම් අගතියක් වූයේ නම් ගත හැකිව ඇති නීතිමය ක්‍රියාමාර්ග ඇත. ප්‍රසිද්ධ මාධ්‍ය මගින් අගමැතිවරයා ඉලක්ක කරගෙන වසර ගණනාවක සිට මාධ්‍ය මෙහෙයුම් දියත් කරමින් සිටී. ඔහු පෙරලා මාධ්‍ය විවේචනය කළත් මාධ්‍ය වාරණය වෙනුවෙන් කටයුතු කරන්නේ නැත. ප්රජාතන්ත්රවාදී සමාජයක සිදුවිය යුත්තේ එයයි.
මෙම වෙබ් අඩවියේ පලකරන තේරවාදය, චෝරවාදය ලිපි පෙල ආශාවෙන් කියවමි. එය සත්‍ය බැව් විශ්වාස කරමි. අපට කිසිදා සිදු නොවන නැවත ඉපදීමක් පෙන්වා සමහර අය හම්බ කරගනී....