අහිමිව ඇති ජී එස් පී ප්ලස් සහනය ඉදිරියේ ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) අරලියගහ මන්දිරයේ දී කීවේය.
දේශීය හා විදේශීය ඇඟළුම් හල් ආයෝජනකයන් පිරිසක් හමුවූ අවස්ථාවේ අගමැති එලෙස කීවේය.
තමා ජීඑස්පී ප්ලස් සහනය ලබා දෙන නිසා සේවකයන්යට ඇඟට දැනෙන වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකිදැයි අගමැතිවරයා විමසූ විට ආයෝජකයෝ ඊට කැමැත්ත පළ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න ආර්ථිකය හදන්න රනිල් සමග අපි එකතු වෙමු.(ම)
අගමැතිතුමනි මෙය ඉටු කලොත් පොදුජන හදවත් තුළ සාදා නොමැකෙනු ඇත. ඔබතුමාට ජය පතමු! (ම)
මානවහිමිකම් චෝදනාව අවියක් කර නොගතයුතුවේ (ම)
අඩුම ගානේ රනිල් රට හදන ක්‍රමවේදයන් පැහැදිලිව කියනවා. මහින්ද නිකන් සල්ලි බෙදනවා කියනකොට නුගත් පුළාරලට බොහොම සන්තෝසේ. (ම)
මෙන්න නියම වෙනස! (නි)
ඡන්දෙ ගන්න නේද හදන්නේ ? (නදී)
තවත් දිරච්ච ලණුවක්. ගිලින එකයි ඇත්තේ ඡන්දයට පෙර. ඡන්දෙන් පසු පහරන කොට සැපම තමයි. (අ)
ජී එස් පී සහනය නැවැත්තුවේ මහින්දත් එක්ක තරහකට මිසක් වෙන දේකට නෙමෙයි කියල ඉතින් දන්නෝ දනිති. (නදී)
අනිවාර්යෙන් රනිල් ජීඑස්පී ප්ලස් සහනය ලබා ගන්නවා එතුමාගේ දක්ෂ විදෙස් ප්‍රතිපත්ති රටට ලොකු වෙනසක් කරන්න පුළුවන් වැඩකරන ජනතාව ලැබූ ජයක් !(නදී)
මට මතකයි පළාත් සභා මැතිවරණයක රැස්වීමකදී හිටපු ජනපති කිව්වා ඔය ජී.එස්.පී වලින් අපට වැඩක් නැහැ කියල. ඒත් සමහර ඇගලුම් සේවකයෝ ඒවා දන්නේ නැහැ. (නදී)
මෙම සහනය ලබාදෙන්න අවංකව ඉදිරි පත්වුනොත් රටේ විරැකියාවට සහනයක් වගේම ආර්ථිකයටත් ලොකු ගැම්මක් ඒවි. ජී.එල් පීරිස් මහත්තයා මේකට ගොඩක් මහන්සි උනත් යුරෝපා රටවල් සමග තිබුන බැඳීම පසු ගිය රජයෙන් මොට කරගත් එකේ විපාක ගෙවන්න ඇඟලුම් කර්මාන්ත කරුවන්ටත් සේවකයන්ටත් සිදුවුණා. මේක ඡන්ද ගුන්ඩුවක් නොවේ නම් එය අගය කරමි.(නදී)
ඇයි දැන් බුදිද? (නදී)