වසර 32 තිස්සේ රාජ්‍ය සේවයේ යෙදී සිටි ශ්‍රී ලංකා සරණාගතයෙකුට නිසි පරිදි ගෙවීම් නොකළේ යැයි සමාජ සුභසාධක අධ්‍යක්ෂකවරයාට නැඟී තිබුණු චෝදනා විභාග කළ ඉන්දියාවේ චෙන්නායි ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික මුදලින් ඔහුව හිමි මුදල් ප්‍රමාණය ලබාදෙන ලෙසට නියෝග කළේය.
ජෝති ගාන්ධි නම් වන මේ ශ්‍රී ලංකා ජාතිකයා ආරක්ෂාව තකා ඉන්දියාවට පැමිණ තිබෙන්නේ 1973 වසරේදීය. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් වලට අනුව ඔහුට තැපැල් කාර්යාලයක සහයයෙකු ලෙස රැකියාවේ නිරත වීමට අවස්ථාව හිමිව ඇත.
අවුරුදු 10 ක් රාජකාරි කළ පසු ඔහුව උසස් කෙරුණද පසුව ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් නැවත පුරුදු රැකියාවටම ඔහුව අනුයුක්ත කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.
2010 වසරේදී නැවත වතාවක් ඔහු ඇතුළු 59 දෙනෙක් උසස් කිරීමට බළධාරීන් පියවර ගෙන ඇත.මෙවර ඒ කටයුතු සදහා මැදහත්වී ඇත්තේ සමාජ සුභසාධන දෙපාර්තමෙන්තුවයි.
කාලය ගතවී ගොස් 2013 වසරේදී තම සේවා කාලය නිමා කොට විශ්‍රාම ගැනීමට ජෝති ගාන්ධි සූදානම් වෙමින් සිටියදී විශ්‍රාම යෑමට දින දෙකකට කලින් සමාජ සුභසාධක දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ අත්සනින් ඔහු වෙත ලැබී ඇති ලිපියක සඳහන්ව තිබී ඇත්තේ නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති නම් උසස් කළ නව තනතුරේ සිටියදී ඔහු ලබාගත් වැටුප ඔහුගේ විශ්‍රාම වැටුපින් කපා ගැනෙන බවයි.
කළ හැකි දෙයක් නොමැති තැන නීතියේ සරණ පැතීමට ජෝති කටයුතු කර ඇත.
තදබල ලෙස සමාජ සුභසාධක දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂකවරයාට දෝෂාරෝපණය කළ විනිසුරුවරයා වන්දි ලෙස ජෝතිට රුපියල් 10000 ක් හා ඔහු සේවය කළ කාලයට අදාළ දීමනා සියයට 12 ක වරප්‍රසාදයක් ඇතිවත් ගෙවන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියවේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ.(හේ)
මේක ලංකාවේ උනා නම් අධ්‍යක්ෂකට ගෙවන්න කියනවා (නදී)
මෙහෙම අයට පුලුවන්ද අධ්‍යක්ෂකකම් කරන්න ? උසස්වීම දෙනකොට අධ්‍යාපන සුස්දුසුකම් හෝ ඔහුගේ සේවා කාලය බලල තමයි උසස්වීම දෙන්නේ. නිලදාරීන්ගේ වරදට දැන් ඒ අහිංසකයාගේ පැන්ෂන් එක කපල හරියනවද ? හොඳ නඩුතීන්දුවක් අනෙක් අයටත් පාඩමක් ඉගෙනගන්න. (ස)
මිනිසාට ක්‍රියා කරවන්න බැරි සාධාරණය, ස්වභාවධර්මයා විසින් නීතිය ක්‍රියාවට නංවා ඇත. ඔහුට සාධාරණය ඉටුකිරීම ගැන මා හදවතින්ම සතුටුවෙනවා.(හේ)
එයාලටත් අපේ රටෙන් ඉගනගන්න, වෙයි. (අ),