IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලක් අසරණයාට උසාවියෙන් සහන

වසර 32 තිස්සේ රාජ්‍ය සේවයේ යෙදී සිටි ශ්‍රී ලංකා සරණාගතයෙකුට නිසි පරිදි ගෙවීම් නොකළේ යැයි සමාජ සුභසාධක අධ්‍යක්ෂකවරයාට නැඟී තිබුණු චෝදනා විභාග කළ ඉන්දියාවේ චෙන්නායි ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික මුදලින් ඔහුව හිමි මුදල් ප්‍රමාණය ලබාදෙන ලෙසට නියෝග කළේය.

ජෝති ගාන්ධි නම් වන මේ ශ්‍රී ලංකා ජාතිකයා ආරක්ෂාව තකා ඉන්දියාවට පැමිණ තිබෙන්නේ 1973 වසරේදීය. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් වලට අනුව ඔහුට තැපැල් කාර්යාලයක සහයයෙකු ලෙස රැකියාවේ නිරත වීමට අවස්ථාව හිමිව ඇත.

අවුරුදු 10 ක් රාජකාරි කළ පසු ඔහුව උසස් කෙරුණද පසුව ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් නැවත පුරුදු රැකියාවටම ඔහුව අනුයුක්ත කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.

2010 වසරේදී නැවත වතාවක් ඔහු ඇතුළු 59 දෙනෙක් උසස් කිරීමට බළධාරීන් පියවර ගෙන ඇත.මෙවර ඒ කටයුතු සදහා මැදහත්වී ඇත්තේ සමාජ සුභසාධන දෙපාර්තමෙන්තුවයි.

කාලය ගතවී ගොස් 2013 වසරේදී තම සේවා කාලය නිමා කොට විශ්‍රාම ගැනීමට ජෝති ගාන්ධි සූදානම් වෙමින් සිටියදී විශ්‍රාම යෑමට දින දෙකකට කලින් සමාජ සුභසාධක දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ අත්සනින් ඔහු වෙත ලැබී ඇති ලිපියක සඳහන්ව තිබී ඇත්තේ නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති නම් උසස් කළ නව තනතුරේ සිටියදී ඔහු ලබාගත් වැටුප ඔහුගේ විශ්‍රාම වැටුපින් කපා ගැනෙන බවයි.

කළ හැකි දෙයක් නොමැති තැන නීතියේ සරණ පැතීමට ජෝති කටයුතු කර ඇත.

තදබල ලෙස සමාජ සුභසාධක දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂකවරයාට දෝෂාරෝපණය කළ විනිසුරුවරයා වන්දි ලෙස ජෝතිට රුපියල් 10000 ක් හා ඔහු සේවය කළ කාලයට අදාළ දීමනා සියයට 12 ක වරප්‍රසාදයක් ඇතිවත් ගෙවන ලෙස නියෝග කළේය.



අදහස් (0)

ලක් අසරණයාට උසාවියෙන් සහන

අමිල Monday, 20 October 2014 12:11 PM

ඉන්දියවේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ.(හේ)

:       0       0

චානක Tuesday, 21 October 2014 01:27 AM

මේක ලංකාවේ උනා නම් අධ්‍යක්ෂකට ගෙවන්න කියනවා (නදී)

:       0       0

සෙනරත් Monday, 20 October 2014 07:04 AM

මෙහෙම අයට පුලුවන්ද අධ්‍යක්ෂකකම් කරන්න ? උසස්වීම දෙනකොට අධ්‍යාපන සුස්දුසුකම් හෝ ඔහුගේ සේවා කාලය බලල තමයි උසස්වීම දෙන්නේ. නිලදාරීන්ගේ වරදට දැන් ඒ අහිංසකයාගේ පැන්ෂන් එක කපල හරියනවද ? හොඳ නඩුතීන්දුවක් අනෙක් අයටත් පාඩමක් ඉගෙනගන්න. (ස)

:       0       0

රූපවති Monday, 20 October 2014 07:15 AM

මිනිසාට ක්‍රියා කරවන්න බැරි සාධාරණය, ස්වභාවධර්මයා විසින් නීතිය ක්‍රියාවට නංවා ඇත. ඔහුට සාධාරණය ඉටුකිරීම ගැන මා හදවතින්ම සතුටුවෙනවා.(හේ)

:       0       0

අශෝක් Monday, 20 October 2014 07:20 AM

එයාලටත් අපේ රටෙන් ඉගනගන්න, වෙයි. (අ),

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site