ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්වන ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාවට ඉන්දීය රජය සහාය නොදක්වන බව ‘ද හින්දු‘ පුවත්පත කියයි.
ශ්‍රී ලංකාවේ නව රජයක් බලයට පත්වී වැඩි කාලයක් ගතවී නොමැති බැවින් ඉකුත් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කාලයක් ලබාදිය යුතු බව ඉන්දීය රජය කියන බව හින්දු පත්‍රය පවසයි.
ඉකුත් යුද සමයේදී මෙරට සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් පසුගිය වසරේ මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසියේදී සම්මත කරගත් යෝජනාවට ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මෙවැනි ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවක් තුළින් නව රජය අපහසුතාවයට පත් කිරීම අනුමත කළ නොහැකි බව ඉන්දීය රජයේ අදහස වී ඇත. චීනය හා රුසියාවද මේ බව කියයි.
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාව මාර්තු 2 වැනිදා සිට 28 වැනිදා තෙක් ජිනීවා හි ඇරඹෙන මානව හිමිකම් කවුන්සිල 28 වැනි වාර්ෂික සහ සභා සැසියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් විදේශ ඇමති චීනයට සහ රුසියාවට ගොස් නැත. කනගාටුයි. (ර)
චීනය සහ රුසියාව දිගටම උදවූ කරන රටවල් දෙකක්. (ර)
බලමු ඇමරිකාවේ අදහසත්... (නි)
බටහිරින් ඉර පායයිද? බලාගෙන ඉන්න ලොකු අයියා අපිට උදව් කරනකම්. (නදී)
එක හැළියේ බත් කන්නේ, අයියා මල්ලී වාගේ දැන් ඉන්දියාව සහ ලංකාව. ඔහොම තමා අපි ඉන්නට ඕනේ අයියාට ගරු කරමින්, අයියාගෙ උදව් උපදෙස් ලබමින් (නදී)