ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්වන ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාවට ඉන්දීය රජය සහාය නොදක්වන බව ‘ද හින්දු‘ පුවත්පත කියයි.
ශ්‍රී ලංකාවේ නව රජයක් බලයට පත්වී වැඩි කාලයක් ගතවී නොමැති බැවින් ඉකුත් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කාලයක් ලබාදිය යුතු බව ඉන්දීය රජය කියන බව හින්දු පත්‍රය පවසයි.
ඉකුත් යුද සමයේදී මෙරට සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් පසුගිය වසරේ මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසියේදී සම්මත කරගත් යෝජනාවට ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මෙවැනි ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවක් තුළින් නව රජය අපහසුතාවයට පත් කිරීම අනුමත කළ නොහැකි බව ඉන්දීය රජයේ අදහස වී ඇත. චීනය හා රුසියාවද මේ බව කියයි.
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාව මාර්තු 2 වැනිදා සිට 28 වැනිදා තෙක් ජිනීවා හි ඇරඹෙන මානව හිමිකම් කවුන්සිල 28 වැනි වාර්ෂික සහ සභා සැසියට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ලොකු අයියා‘ මෙවරත් උදව්වට
වැකෝ Wednesday, 11 February 2015 04:07 PM
මෙතෙක් විදේශ ඇමති චීනයට සහ රුසියාවට ගොස් නැත. කනගාටුයි. (ර)
වැකෝ Wednesday, 11 February 2015 04:15 PM
චීනය සහ රුසියාව දිගටම උදවූ කරන රටවල් දෙකක්. (ර)
දුමින්ද Thursday, 12 February 2015 02:58 AM
බලමු ඇමරිකාවේ අදහසත්... (නි)
අවන්ති Thursday, 12 February 2015 03:36 AM
බටහිරින් ඉර පායයිද? බලාගෙන ඉන්න ලොකු අයියා අපිට උදව් කරනකම්. (නදී)
මාපලගම පත්මා Wednesday, 11 February 2015 02:18 PM
එක හැළියේ බත් කන්නේ, අයියා මල්ලී වාගේ දැන් ඉන්දියාව සහ ලංකාව. ඔහොම තමා අපි ඉන්නට ඕනේ අයියාට ගරු කරමින්, අයියාගෙ උදව් උපදෙස් ලබමින් (නදී)