ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සහ ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මන්ත්‍රී මණ්ඩලය අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීම අරමුණු කොට ගත් සහයෝගීතා ගිවිසුම වොෂින්ටන් ඩී.සී හිදී එළිදැක්වුණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායක කරු ජයසූරිය ද ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මන්ත්‍රී මණ්ඩලයේ සභාපති පීටර් ජේ. රොස්කට් මහතාත් ගිවිසුමට අත්සන් තැබීය.
එක් එක් රටෙහි ව්‍යවස්ථාදායක පද්ධති පිළිබඳ තොරතුරු හුවමාරුව පහසු කිරීම, දැනුම හුවමාරුව, ඵලදායී ව්‍යවස්ථාදායක කළමනාකරණය පිළිබඳ උපදෙස් සැපයීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ව්‍යවස්ථාදායක කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පුහුණු ලබාදීම් තුලින් එකිනෙකාට සහාය දැක්ම යන මූලධර්ම දෙරට අතර වන සහයෝගීතාවයට පදනම සකසා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් දැන් ‘සුද්දා‘ කියන්නේ අපේ රට යටත්විජිතයක්ව තිබූ එංගලන්තේ අයට විතරයි. (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නට කලින් අමෙරිකාවෙන් උපදෙස් ලබාගත්තා නම් හොඳයි නේද? (නි)
මේකෙන් වෙන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම නිව්යෝර්ක් වල හොඳ ට්‍රිප් එකක් ලැබෙන එක. නිකන් බොරු වැඩ.... (නි)
චතුරි, සුද්දෝ මේ රටට යමක් කළා තමයි. හැබැයි ඒ එන්ගලන්තයේ සුද්දෝ (නි)
ඔහොම තමයි වැඩේ පටන්ගන්නේ. අවුරුදු 10 ක් යනකොට ශ්‍රී ලංකාවේම පාලනය ඇමරිකාවට නතුවේවි. අනේ මෙහෙමත් මිනිස්සු! යහපාලන ආණ්ඩුවේ තියෙන්නෙම සෝබන විතරයි. චතුරිලා වගේ අය නෙමෙයිනේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. එහෙම වුණොත් රට දියුණු වේවි. (නි)
සුද්දා සමග අපේ. කට්ටිය. මාස හයක පුහුණුවක් ලැබුවා නම් අපේ රටත් දිව්‍ය ලෝකයක් කරන්න. පුළුවන්. ආසාව,බලතන්හාව ,පෙරේත කම මේ හැම දෙයක්ම ඇත ඇරලා රට සහ ජනතාව ගැන පමණයි හිතන්නේ. පුරුදුවෙන්නේ අදිකාලේ අපේ රට සුද්දට බාරව තියෙනකොට කොච්චර. ලස්සනද .දැන් (අ)
චතුරි, ඔයා ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද (නි)
ඉතින් චතුරි, අපි එහෙනම් සංහිඳියාවේ නාමයෙන් සුද්දන්ටයි, මෙහි සිටින සුළු ජාතින්ටයි මේ රට බාරදෙමු. ඊටපස්සේ, පන්සල්, බුද්ධ ධර්මය, නිවන කියලා දෙයක් ඕනෑත් නැහැ. මේ රට දිව්‍ය ලෝකයක් කරමු. (නි)
චතුරි වගේ අය නිසා තමයි රට විදේශිකයන්ට කොල්ලකන්න පුළුවන් වුණේ (නි)