(අංජුල මහික වීරරත්න)
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ මූලිකත්වය ඇතිව ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන “BIRDS-X DRAGONFLY“ චන්ද්‍රිකාව අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීම සාර්ථකව සිදු කෙරුණු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කියයි.
මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වැනිදා නාසා ආයතනය විසින් දියත් කළ “SPX33“ රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.
“BIRDS-X DRAGONFLY“ චන්ද්‍රිකාව කක්ෂය වෙත මුදා හැරීම සිදුවන අයුරු නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ දී සජීවීව විකාශය කළ අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල් මොහොමඩ් නවවි මහතා සහභාගී විය.
2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ-1“ චන්ද්‍රිකාවත්, 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශ්වයන් 05ක සහභාගිත්ව යෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කරන ලද දෙවන චන්ද්‍රිකාව ලෙස “KITSUNE“ චන්ද්‍රිකාවත් අභ්‍යවකාශ ගත කිරීමෙන් අනතුරුව, මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ ගතවන “BIRDS-X Dragonfly“ පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිඳු ප්‍රාග්ධන පිරිවැයක් වැය නොවීම මෙහි එක් සුවිශේෂී කරුණකි.
ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (JAXA) හා ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය (ARDC) යන ජාත්‍යන්තර ආයතනවල සහයෝගීතාව සහිතව, ආතර් සී. ක්ලාක් ආයතනය සහ ජපානයේ “KYUSHU“ තාක්ෂණ ආයතනය මගින්, අභ්‍යවකාශ තාක්ෂණ සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබේ.
විදේශීය පාර්ශ්වයන්ගේ එකඟතාවය ලබා ගනිමින්, මෙරට පාර්ශ්වයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා ආතර් සී ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්නගේ, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ මෙහෙයුම්) ඉංජිනේරු කමනි එදිරිවීර සහ සන්නිවේදන ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු කවින්ද්‍ර ජයවර්ධන මහත්ම මහත්මීන්ගේ මගපෙන්වීමෙන් එම ආයතනයේ පර්යේෂණ ඉංජිනේරුවන් වන තරිඳු දයාරත්න, කවීන්ද්‍ර සම්පත්, උදිත ගයාන් සහ තිළිණ විජේබණ්ඩාර යන මහත්වරුන් දායක වී තිබේ.
“BIRDS-X DRAGONFLY“ පර්යේෂණ චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදු කිරීමට නියමිතය. නැනෝ චන්ද්‍රිකා තුළ භාවිතය සඳහා ඉංජිනේරු තරිඳු දයාරත්න විසින් අඩු පිරිවැයක් යටතේ අලුතෙන් නිර්මාණය කරන ලද සන්නිවේදන උප පද්ධතියක් ද, තවත් සන්නිවේදන පර්යේෂණ මෙහෙයුමක් ද, චන්ද්‍රිකාවේ මූලික උප පද්ධති වලින් සැදුම්ලත් සමස්ත පොදු ව්‍යුහය වන බස් (BUS System) පද්ධතිය ද, අභ්‍යවකාශ තත්ත්වයන් යටතේ පරීක්ෂණයට භාජනය කිරීම ඊට ඇතුළත්ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංකාවේ නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි