(අංජුල මහික වීරරත්න)
ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම ජපන් දූත පිරිස පැමිණ තිබේ.
මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ ජපන් දූත පිරිස ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ, වෙළෙඳ ප්‍රතිපත්ති කාර්යාංශයේ නිරිතදිග ආසියානු කාර්යාලයේ අධ්‍යක්ෂ තොෂියුකි ෂිමානො (Toshiyuki Shimano), එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හිරෝමි සුමි (Hiromi Sumi), ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු කලාපීය නියෝජිත ටොයොකසු නගමුනෙ ( Toyokazu Nagamune) යන මහත්ම මහත්මින් ඇතුළු ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජිතයෝ, ජපන් වෙළෙඳ, වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයෝ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලංකාවේ ආයෝජන සොයා ජපන් දූතයෝ එති
Bunny Preena Friday, 25 July 2025 02:53 PM
රටට හොඳක් වෙනවා නම් අපි ඔක්කෝටම හොඳයි. ඔවුන්ට ලංකාවේ ආයෝජනය කරන්නට සිත් පහළ වේවායි අපි සෑමදෙනාම ප්‍රාර්ථනා කරමු.