
තාලිෆ් ඩීන්- ද සන්ඩේ ටයිම්ස්
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆනි ට්‍රෙම්බ්ලේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
ඒ අනුව සාමාජිකයන් 193 දෙනකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2025 වසරේ සඳහා ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා අවසන් කළ 93 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වූ බව ද ඇය පැවැසුවාය.
සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සිය හිඟ සාමාජික ගාස්තු ගෙවා අවසන් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව ද ඇය ප්‍රකාශ කළාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම හිඟ මුදලක් ගෙවීමට ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය වේ. ඩොලර් බිලියන 2.8 ක හිඟ මුදලක් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතුව ඇතත් ඇමෙරිකාව එය තවමත් ගෙවා නොමැත. ඉන් ඩොලර් බිලියන 1.5 ක් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සාමාන්‍ය අයවැයට ගෙවිය යුතුව ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
243
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි