(අංජුල මහික වීරරත්න)

දේශපාලකයන් පාරට බැස ලේ වගුරුවන්නට කතා කරන්නට පෙර ජනතාවට ජීවත්වන්නට ක්‍රමයක් හදා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශපාලනය පාර්ලිමේන්තුවේ දී පමණක් කතා කළ යුතු බව කී ජනාධිපතිවරයා  ජනතා අවශ්‍යතා ඉටු කිරීමේ වැඩපිළිවෙළට පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.

අපි සියලුදෙනා  ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක් විය යුතු බවද  ආණ්ඩු පක්ෂයේ පමණක්  නොව විපක්ෂ මන්ත්‍රිවරු පිරිසකුත් තමා සමග කතා කොට ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක්වෙන්න කැමති බවත් ප්‍රකාශ කළේ යැයිද ජනාධිපතිවරයා කීය.  ඒ අයටත් වැඩ කරන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් දෙන්නැයි  ඉල්ලීමක් කළ බව කී ජනාධිපතිවරයා  එකතු වී වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු යැයි සැමගෙන් ඉල්ලන බවද සඳහන් කළේය.