(මනෝප්‍රිය ගුණසේකර)
ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජ්‍යෙෂ්ඨත්වය නොසලකා අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා කළ පත් කිරීම නීතීවිරෝධී බව සඳහන් කරමින් විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවරයකු ඇතුළු තිදෙනෙකු ගොනු කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ ධූරයට වෙනත් අයකු පත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.
පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියම කරමින් වගඋත්තරකරුවන්ට නොසීසි නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් මහතා හමුවේ පෙත්සම සලකා බැලීණි.
ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු තිදෙනෙකු ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපතිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ල.වි.බ.ම. අතිරේක සමාන්‍යාධිකාරි ධූරය අත්හිටුවමින් අතුරු තහනමක්
Dasanayaka Wednesday, 24 July 2024 04:20 AM
ඔහු තමයි එකම පුද්ගලයා ඒසම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් තියන මොරටුව විශ්ව විද්‍යාලයේ. අන්න ඒ නිසා ඔහුට එම තනතුර හිමි විය යුතුයි
Rataperata Wednesday, 24 July 2024 06:27 AM
වැඩ කටයුතු හරියාකාරව කරන්න බැරිනම් ජ්‍යේෂ්ඨත්වය වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවල අවශ්‍ය ආකාරයට සුදුසු තීරණ අරගෙන කටයුතු කරන්න බැරි කෙනෙක් කොතරම් ජ්‍යේෂ්ඨ වුනත් පාලන කටයුතු සදහා සුදුසුම නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇරඹූ වැඩ කිරීමේදී ජ්‍යේෂ්ඨත්වයට වඩා වැඩ කටයුතු කිරීමේ හැකියාව තමයි බැලුවෙ .ඔහු කොතරම් උගතෙක් වුනත් උපාධිය නොමැති අයෙක් වුනත් ස්ථානෝචිත ප්‍රග්ඣාව ඇති අයෙක් නම් ඔහුට රාජකාරි පැවරීම කලා .ජ්‍යේෂ්ඨත්වය තිබුන පලියට වැඩ බැරිනම් වැඩක් ඇත්තෙම නැහැ. මණ්ඩලය දන්නවානේ කවුද දක්ෂයා කියලා .ඒකයි ඔහු පත්කරන්න ඇත්තෙ.වැඩ බැරි වුනත් ගම ගාල්ලෙ කියලා හරියන්නේ නැහැ. දැන්වත් ඔය තනතුරු දෙනවිට මණ්ඩලයේ සිටින සුදුසු අයගෙන් අයදුම්පත් කැදවා විභාගයක් පවත්වා ඉහලින්ම සමත් කෙනා පත්කිරීමට විධිවිධාන යොදන්න
Tharika Wednesday, 24 July 2024 07:48 AM
ඕකේ තනිකර ඉන්නේ උද්දච්ච පල් හොරු