
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
හොරණ කොළඹ මාර්ගයේ ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි ලී මෝල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර උතුර හොරේතුඩුව ගැමුණු මාවත පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
ලි මෝල් හිමිකරු ඔහුට අයත් මෝටර් රථයෙන් හොරණ පොකුණුවිට දෙස සිට ගෝනපොල දෙසට පැමිණීමේදී අද අළුයම එකත් දෙකත් අතර කාලයේදී කුබුක පන්සල හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියෙන් පැමිණ ඇති පුද්ගලයා මෝටර් රථය පැදවූ ලි මෝල් හිමිකරුට අතින් සංඥාවක් කර මෝටර් රථය නවතා එහි පිටුපස වයරයක් පැටලී ඇදී එන බවට පවසා ඔහු මෝටර් රථයෙන් බැසීමත් සමගම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මොරගහහෙන පොලිසිය කියයි.
මෝටර් රථයේ රියදුරු අසුනට පසුපස අසුනට අසල තිබෙන වීදුරුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සලකුණු දක්නට ඇතැයි පොලිසිය කියයි.
එම පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඇතිවූ වෙඩි ශබ්ද සමඟම ඒ ආසන්නයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර තමන්ට කිසියම් පුද්ගලයකු බෝතලයකින් පහර දුන් බවට පවසා තමන්ව රෝහල්ගත කරන ලෙස ඔහු ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලී මෝල් හිමිකරුට වෙඩි ප්‍රහාරයක්