පරිත්‍යාග කළ ලේ පුද්ගලයකුට ලබාදීමේ (ජාතික රුධිර පාරවිලයන) සේවය මගින් 2013 වසරේ ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතියක දී අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ මිලට ගැනීමේදී හා ව්‍යාපෘතිය වෙනුවෙන් කළ ගොඩනැගිලි ඉදිකිරීම්වලදී මූල්‍ය අක්‍රමිකතා සිදු කළැයි එවකට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ආනන්ද ගුණසේකර ට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීය.

එම ව්‍යාපෘතියේ වත්මන් අධ්‍යක්ෂකවරයාගෙන් ද ප්‍රකාශ ලබාගත් බව එෆ්සීඅයිඩිය අධිකරණයට දැන්වීය.