කැලණිය පට්යහන්දියේ පාතාල නායකයකු බව කියන පුද්ගලයකු සැප ජීප් රියක සිටියදී නාරාහේන්පිටදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජීත ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව ජීප් රියේ තිබි ඉබේ දිගහැරෙන යකඩ පොල්ලක්,උල්පිහි දෙකක් ඔහුගේ නායකයා බව කියන තවත් පාතාලයකුගේ විසිටින් කාඩ් තොගයක් හා රුපියල් ලක්ෂ දා හතක ගනුදෙනුවක බිල්පත්ද එහි තිබු බව පොලිසිය පවසයි.එම ජීප් රියේ තිබී ලේ පැල්ලමක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
මොහු බස්නාහිර පළාතේ සන්ධාන දේශපාලනඥයකුට ආරක්ෂාව සැලැසී යැයිද පොලීසියට තොරතුරු ලැබී ඇතැයිද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය වල් වැදුනම මිනිසුන් සතුන් සේ ක්‍රියා කරනවා. කාලයක් යනවා යහපාලනයට (නදී)
අනේ ඇසිලින්, ඩෙංගු මදුරුවන් තැලුවහම විතරද ලේ පැල්ලම්? බබ්බු වෙන්න හදනවා (නි)
පුජීත ජයසුන්දර මහතා බොහොම දක්ෂ නිලධාරියෙක්. ඔහුට දේශපාලන බලපෑම් වලින් තොරව කටයුතු කිරීමට අවස්ථාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. (නදී)
මෙයාල තමා රටේ රජකරමින් පාලනය ගෙනිච්චේ. මිනිස්සු අතරමන් වෙලා කරගන්න දෙයක් නැතිව මෙයාලට යටත් වෙලා හිටියේ. මොනදේ කලත් කප්පන් ගත්තා. නුදුන්නා නම් මැරබලය පාවිච්චි කළා. (නදී)
ඒ ඩෙංගු මදුරුවෙක් තැලිලා නේ ඒ පැල්ලම... (ර)