නාවලපිටිය මහ පාරේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව නාවලපිටිය පොලිසියේ මූලස්ථාන පරීක්ෂක එතැනට ගිය නමුත් මළ සිරුර එහි නොවූ නමුත් පාර මැද ලේ පැල්ලම් තිබුණි. කිලෝ මීටර් 17 ක් දුර ලේ පැල්ලම් ඔස්සේ ගිය ඔහු ගම්පොළදී සිරුර සොයා ගත්තේය. නාවලපිටියේදී මියගිය පුද්ගලයකුගේ සිරුර ගම්පොළ තිබීම ප්‍රශ්නයක් බව පොලිසිය කියයි.
එක්කෝ අපරාධයකට පසු එය එහි ගෙනැත් දමන්නට ඇති බව හෝ මිය ගිය පුද්ගලයා වාහනයක හැපුණේ නම් වාහනයක ඇමිණී ඇදී යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ඔය දෙකම නෙවේ නම්, මැරිච්ච එක්කෙනා යන්න ඕන. (ර)
අහන්න, ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. ඒවා ඇහැව්වොත් පලවෙන්නෙත් නැහැ. එනිසා නිකම්ම ඉන්නවා. (ර)
ශරීරය දිහා බැලුවම හිතාගන්න බැරිද ඔයතරම්ම මොනවා වෙලාද මරුනේ කියලා. (ර)
වාහනයක ඇමිනිල යන්න පුළුවන්. එහෙමඋනානම්, මළසිරුරේ ඇතිවෙන තුවාල වලින් ඒක ලේසියෙන්ම අදුනගන්න පුළුවන්. ගොඩක්දුරට වෙන්න ඇත්තේ ගාතනයකර වාහනයක දමාගෙන යාමයි. (ර)
විපුල, මටත් කියන්න තියෙන්නේ ඔබ කියූ දේමයි. පුවත්පත් නිදහස කෝ? (ර)
මෙහෙමත් අපරාධ! (නි)
වාහනයක පැටලිලා යන්න ඇති.(හේ)
කි.මී.17ක් තාර පාරේ ඇදගෙන ගියා නම් සිරුරේ බාගයක් විතර ගෙවිලා ඇති. (නි)
මේක නම් අභිරහස් ඝාතනයක් වගෙයි (නි)
සේනාරත්න, මළ මිනිය දැකලවත් නැතුව පේන කියන්න එපා. එක පශ්චාත් මරණ පරීක්ෂකට අයිති කාර්යයක්. (බ)
තවත් අභිරහසක මුලද? මට ඉස්සර කාලේ බලපු/ කියවපු රහස් පරීක්ෂක කතා මතක් වෙනවා (බ)
මට නම් මොකුත්ම ලියන්න බැහැ. බය හිතෙනවා (නි)
මේක ගිනස් පොතට දාමුද ,,,(බ)
ඉතින් තොරතුර දුන් තැනැත්තා දැන් කොහෙද ? ඔහුගේත් තොරතුරක් නැද්ද? ඔහුගෙන් පුලුවන්නේ වැඩිදුර විස්තර අහගන්න. (නි)
ඇයි අනේ මේ පුවත පටන් ගන්නෙම නාවලපිටිය මහපාරේ මළසිරුරක් තියෙන බව කියල තොරතුරක් ලැබුන කියලනේ ..වාහනේක අමිනිලා මෙච්චර දුර ගියානම් ඒක පදවපු රියදුරා මේ ලෝකේ රියදුරෙක් වෙන්න බෑ... හප්පපු මිනිහා එහෙමම ඇදගෙන ගියානම් මළසිරුරක් මහපාරේ තියෙනවා කියල පණිවිඩයක් එන්නත් බෑ ...මේ පුවතේ හැටියට මට නම් හිතෙන්නේ මිනියක් පාරේ තිබිල ඒක කවුරු හරි කිලෝමීටර් 17 ක් අරන් ගිහින් බැරිම තැන අතහැරලා තියෙනවා ... (බ)
මරල ගෙනත් දාපු එකක්..(අ)
මැරුන කෙනා තනිවම ඇවිදගෙන එන්ට ඇති..මම හිතන්නේ කූඩැල්ලෙක් කාලා වෙන්ට ඇති කියල (අ)
ළමයිනේ, ඕක වෙන්න පුලුවන් තවත් විදියක් නම් තියෙනවා (නි)
මාර්ගය දෙපස ඇති සී.සී.ටී.වී. කැමරා වලින් හොඳ සාක්ෂියක් ලබාගන්න පුලුවන් වේවි (නි)
මැරුණට පස්සේ මිනිය කවුරුහරි ගෙනිච්චාවද්ද? (නි)
විපුල, ඔබගේ අදහසට මමත් ගරු කරනවා. (නි)
කිලෝමීටර් 17 ක් දුර වාහනයක ඇමිණී ඇදී යන්න පුලුවන්ද මිනිහෙක්? (නි)
සේනාරත්න, කියන දේ පිළිගන්න බැරිනම් නිකම් ඉන්න. (නි)
ලංකාවේ පුවත්පත් බලන හැම දවසකම ,හිත මහත් කණගාටුවකින් තමයි පිරෙන්නේ. සත්ව විද්‍යාත්මක න්‍යායයක් තිබෙනවා පුළුවන් එකා ජීවත්වේ, බැරි එකා අතුරුදහන් වේ කියලා.ඒ සත්තු අතර දැන් ලංකාවේ මිනිස්සුත් ඉන්නවා වගෙයි. සතුන් හා මිනිසුන් අතර වෙනස දුරස්වෙලා. (නි)
පුදුම කතාවක්. මල සිරුරක් පාරේ තිබුන බව දැන්වූ තැනැත්තා මෙන්ම අවට සිටි ය මෙතන වූ දේ දැනගන්ට එපාය. මොකද සතෙක් වත් පාරේ මැරී සිටින කොට ඔතන සෙනග විමසිල්ලෙන් ඉන්නවනේ. (අ)
මේ ගැන නම් හිතන්න දේවල් ගොඩක් තිබෙනවා (නි)
කිලෝමීටර් 17 ක් දුරට ලේ වැටෙන්නේ කොහොමද? එච්චර වෙලා ලේ ගලායන්න විදියක් නැහැනේ (නි)
මේක නම් විශ්වාස කරන්නත් අමාරුයි (නි)
දැන් එතකොට තොරතුරු දුන්නේ කවුද? නැත්නම් මෙතන ඔත්තුව දුන් කෙනාගෙන් වැඩි විස්තර දැනගන්න බැරිවුණේ ඇයි? (නි)
වට්සෝන් මහත්තය අපිට නාවලපිටියට යන්නවෙනවා මේ ගැන වැඩි තොරතුරක් දැන ගන්න. පොලීසියට ගියාට වැඩක් වෙන්නේ නැහැ, ඔබ දන්නවනේ ලංකාවේ පොලීසියේ හැටි. ඒ නිසා අපි ගම්මුන්ගෙන් කට උත්තර ගමු, අපිට මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වේවි. දැන් ඉක්මන්කර ලෑස්ති වෙන්න....(අ)
දස වද දීල ඝාතනය කරලා පාරදිගේ ඇද ගෙන ගියාද දන්නේ නැහැ. එහෙම වෙලා තියෙනවනම් එය කළ අයගේ සිත් තුල මැරුණු කෙනා ගැන කොහොම වයිරයක් තියෙන්ට ඇතිදැයි සිතා ගන්ට පුළුවන්. අනේ මන්ද බොහොම සුළුවෙන් සහ සාකච්චා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් සුළු ප්‍රශ්න පවා දැන් මිනිස්සු විසදන්ට හදන්නේ ඇන කොට ගෙන එහෙමත් නැතිනම් ජිවිත විනාස කර ගෙන. (හේ)
නාවලපිටියේ මහා පාරේ මිනියක් තියෙනවා යයි යමෙක් කිව්වා නම් එක එතන තියෙන්න ඕනනේ..කිලෝ මීටර් 17 ක දුරක් එම මල සිරුර වාහනයක පැටලී ගියාද? නැත්නම් පටවාගෙන ගියාද? ඇදගෙන ගියා නම් සලකුණු නැද්ද? මෙන්න මේවා තමයි මගේ හිතට එන ප්‍රශ්න.බලමුකෝ පොලිසිය අද හෙටම හොයා ගනීවි. (හේ)
පැහැදිලිවම කි.මී. 17ක් දුර වාහනයක ඇමිණිලා යන්න විදියක් නැහැ. (නි)
මේ යුගයේ සිරිලංකාවේ සිදුවන අද්භූත දේවල් දිහා බලනකොට මෙහි ඇති සත්‍ය කතාව එළිවෙයි කියා හිතන්න අමාරුයි. මතුවට බලමු (දිල්)
වාහනේක ඇමිණිලා ඔච්චර දුරක් ඇදගෙන යනකම් රියදුරාට කෙසේ වෙතත් මගදෙපස ගමන් කරන මිනිස්සු හරි දැකල පොලිසියට ඔත්තුව දෙනන්වනේ. හිතාගන්න බැහැ මෙය කොහොමද උනේ කියලා. (ර)