ලොව ප්‍රකට විකට රංගන ශිල්පියෙකු වන කැනේඩියානු ජාතික රසල් පීටර්ස් මහතා අද අළුයම දිවයිනට පැමිණියේය.
ඔහු විකට ප්‍රසංග පවත්වමින් ලොව වටා යන චාරිකාවේදි බැංගලොරයට පැමිණිමෙන් අනතුරුව මෙරට ප්‍රෙක්ෂකයින් සිනහවෙන් රස ගැන්වීමේ අරමුණින් මෙහි පැමිණ ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී නතාෂා කැස්ටෙලීනෝ මෙනවිය විසින් මෙරටට පැමිණි රසල් පීටර්ස් මහතාව ඉතා උනුසුම් අන්දමින් පිළිගත්තාය.
දින තුනක් මෙරට රැදී සිටින රසල් පීටර්ස් මහතා හෙට ඉරිදා සවස අටට කොළඹ ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීමට නියමිතය.
මේ වන විට චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසකට දායක වී ප්‍රේක්ෂකයින් සිනහවෙන් කුල්මත් කර ඇති ඔහු ජාත්‍යන්තර සම්මාන රැසකටද හිමිකම් කියයි.
මෙම අවස්ථාවට ඊ.එල් 89 ස්ටීඩියෝ ආයතනයේ අධ්‍යක්ෂක ශමල් රාජපක්ෂ ඒ.කේ.සී ඉවෙන්ටිස් ආයතනයේ අධ්‍යක්ෂක ශාන් හසන් සහ විශ් ක්‍රාප්ට් හරේෂ් හයිඩ්‍රාමනී යන මහත්වරුන් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරි විකට නළුවෝ එන එක හොදයි (නි)
බැරි වෙලාවත් මෙයා අපේ අහවල් බංගලාවේ කට්ටියගේ ලෝකේ හිනස්සන විකට රසාංග දැක්කා නම්, ආයේ ජීවිතේටවත් ලෝකප්‍රකට විකට නළුවෙක් වෙන්න හිතන්නෙවත් නැතිවෙයි (නි)
කවුද ඒ ඔහුත් සමගම ඉන්න ගැහැණු ළමයා? (නි)
මෙයා කැනඩාවේ ප්‍රසිද්ධ විකට ශිල්පියෙක්.එයාව මගුල් බෙර ගහලා පිළිගන්නවා නම් කැනඩා අගමැති අාවොත් කොහොම පිළිගනිවිද? (නි)
කවුද අර ගැහැණු ළමයා? (නි)
මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ? සෑමදේටම පාහේ උඩරට නර්තනය යොදාගන්නවා.ගුවන් යානයක් ලංකාවට ආවිට උඩරට නර්තනය යොදාගන්නවා.මේකේ වටිනාකම නැතිවෙලා යනවා.අපේ ලංකාවට කීර්ති නාමයක් රැගෙන එන අයට මේ මොකුත් නැහැ (නි)
අර විකට නලුවාව පිළිගත් අාකාරයට අපේ විකට නලුවන්ව පිළිගන්න ඉදිරිපත් වෙන්නේ නැහැනේ අපේ ලස්සන ගැහැණු ළමයි. (නි)
කවුද අනේ මේ අනෙක් එක්කෙනා? (නි)
අපේ සමහර විකට නළුවෝ හිනස්සවන්න කරන දේවල් වලට තරහත් යනවා (නි)
අපේ පාර්ලිමේන්තුවට ගියානම් 100 විතර බලාගන්න තිබුනනේ (නි)
ඔහොම කෙනෙක් පිළිගන්නකොට ලැජ්ජා භය අැති විදියට ගියොත් තමා හොද අපේ රටේ සිරිතට නේද ? (නි)
මෙයා ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෙක්. බලන්න යූටියුබ් එකට ගිහිල්ලා. (නි)
අපි සාදරයෙන් ඔබ පිළිගන්නවා. දැන් ලංකාවට එන්න බයක් සැකක් නැහැනේ. පුලුවන් නම් මෙතුමා අතේ අගමැති හාපර් මහත්තයට පණිවිඩයක් යවන්න පුලුවන් නම් හොඳයි, ලංකාවෙ ඉන්න බහුතරයක් ආගන්තුක සත්කාර දන්න යහපත් මිනිස්සු කියලා. (නි)
අපිට ඔය වගේ ගැහැනු ළමයි මල් මාල දාන්නේ නැහැනේ. කොහොම වුණත් දුක තමයි රන්ජනී... (නි)
මෙයා ඇවිල්ලා ඉන්නේ සමුළුවටද? (නි)
දවසේ වැඩි හරියක් සැටලයිට් නාලිකා වල යන චිත්‍රපටි බලන මම මෙයාව දැක්කේ අදමයි (නි)
සිංහල බෙර වැයූවට සිංහල ක්‍රමයට නෙමෙයි නේද සැරසිලා ඉන්නේ? මේවා තමයි නියම විකට වැඩ. (නි)
සනත් ඇෆ්ගනිස්තානය, උගත්තු විරැකියාවෙන් පසුවෙද්දී මෝඩයෝ ලොකු තැන් වලට ගියාම ඔහොම තමයි. මේක තමයි ලංකාවේ සාමාන්‍ය ස්වභාවය. (නි)
සනත් ළමයෝ,යථාර්තවාදිව සිතාබලන්න. අපේ නර්තන කලාවගෝලීයකරණය තුලින් ලෝකකරණය තුලට එලිදක්වනවා මිස අාදියුගයේ වනවාසින් ඉදිරියේ එළිදැක්වු යුගය අප අනුකරණය නොකළ යුතුයි (නි)
මෙයාට වඩා හොඳ විකට නළුවෝ අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ (නි)
බීන් මහත්තයාවත් ගෙනල්ලා සංදර්ශන ටිකක් පවත්වන්නකෝ. අපේ මිනිස්සුන්ට තිබෙන බඩගින්න නැති කළ හැකියි (නි)
අපේ විකටයෝ මේවට මොකුත් කියන්න ඕනෑ නැහැ.ඒගොල්ලෝ දැක්කත් ඇති අපට. අපේ දේශපාලන විකටයෝ කියන විහිලු කතා අහලා අපට එපා වෙලා දැන් ඉන්නේ. (නි)
මෙයාගේ විහිළුවලට අපේ කට්ටියට හිනා යන එකක් නැහැ. මොකද අපේ රටේනේ නියම විහිළුකාරයො ඉන්නේ. අපි ඉතින් කව්ද කියලා කියන එක හොද නැහැ. අපි දැන් කිව්වොත් ඒගොල්ලන්ගේ විහිළු නැතුව ගිහින් අපිට හිනාවෙන්න බැරිවෙයි (නි)
එතකොට අරහේ ඉන්න අයට තැනක් නැතිවෙයිද? (නි)
අර කැලණිය පැත්තේ ඉන්න අපේ අහවලාට කේන්ති යයිද දන්නේ නැහැ (නි)
ගැහැණු ළමයි ඇදුම් අදිද්දී අපි සභ්‍යයත්වයක් තිබෙන ශ්‍රී ලාංකිකයන් බව සිහියේ තබාගත යුතුයි (නි)
රසල් පීටර්ස් කැනඩාවේ පදිංචි ඉන්දියානු තරුණයෙක්. ඔහු ඉතාම ජනප්‍රිය විකට ශිල්පියෙක්. කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් වැඩිදෙනා දෙමළ ජාතිකයින් වීමේ හේතුවෙන් සහ සිංහල අය මෙවැන්නන් ආශ්‍රය කිරීම මගහැර ඇති හේතුවෙන් ශ්‍රී ලංකාව ගැන ඔහුගේ අදහස වී ඇත්තේ දෙමළ ජාතින් ඉන්න රටක් ලෙසටයි. ඔහුට ලංකාවේ නියම තත්වය පැහැදිලි කරදීම වැදගත් වෙනවා. කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රතිපත්තිමය පිළිවෙතක් අනුගමනය කරන නිසා සමහරවිට ඔහුගේ චාරිකාවේ යටි අරමුණ වෙනකක් වන්නත් පුළුවන්. මේ ගමන විහිළුවක් ලෙස සැළකිය යුතු නොවන්නේ ඒ නිසයි. (නි)
මොන බොරුද? ලෝකේ හොඳම විකට නළුවා ඉන්නේ අපේ රටේ. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් කලේ ලෝකේ ඉන්න හොඳම විකට නළුවා.(නදී)
අනේ අපේ සංස්කෘතියද මේ? (නි)
විකට නළුවා ඇවිල්ල ඔහොම නම්. අගමැති අවොත් අපේ මෝඩයෝ දණ ගහල වදී......(නදී)..
ඇත්තටම හිනා එනවා! (නි)
මේ කාන්තාව ඔසරියකින් සැරසී මෙයාව පිළිගත්තා නම් කොතරම් වටිනවද? සිරිගේ අදහස ගැන මොකද අපේ අයට හිතෙන්නේ? ඔහු කියන දේ ඇත්තාක් කියලා මටත් හිතෙනවා. (නි)
නිකන් කැසිනෝ පොරක් වගේ...(නදී)
හරි කියන්න බලන්න ඒ පොටෝස් වලින් නියම විකට කව්ද කියල.?. (නදී)
මොහු ගේ ජවනිකා බලන්න යන විට තම දරුවන් සමග යන්න එපා!.එකට හිදගෙන නැරබිය හැකි කමක් නැ.(නදී)
ඒ රටේ එක්කෙනාද ඉන්නෙ? මෙහේ නම් දෙසිය ගණනක් ඉන්නවා (නි)
අපිටත් ඉන්නවා දෙසිය ගණනක්. (නි)
අපේ අන්දරේ පරදවයිද මෙයා? (නි)
ඇයි අනේ මේ පිටරටින් ඕනෑම කෙනෙක් එනකොට උඩරට නර්තනයෙන් පිළිගන්නේ? මම මෙතුමාට අපහාස කරනවා නොවෙයි.ඒත් උඩරට වෙස් නැට්ටුවා කියන්නේ අපේ ජාතියේ අභිමානය. (නි)