
(අංජුල මහික වීරරත්න)
මේ වර්ෂය ඇතුලත දිවයිනම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16 ක් (Cath lab - Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 16 කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වයේද, මඩකළපුව, රත්නපුර, බදුල්ල, ගාල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ද ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මඩකළපුව, රත්නපුර, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ ගාල්ල ජාතික රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර හතර සදහා වැයකිරීමට අපේක්ෂිත මුදළ රුපියල් මිලියන 715 කි.
ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 03ක් ස්ථාපිත කිරීමටත්, මහනුවර ජාතික රෝහල මෙන්ම යාපනය, කලුබෝවිල යන ශික්ෂණ රෝහල්වල අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 1188 ක මුදලක් වැය කිරීමට නියමිතය.
එමෙන්ම ජයිකා (JICA) ආධාර යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකක්ද, කුරුණෑගල, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ මහනුවර ජාතික රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ යන්ත්‍ර එක බැගින් ද අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 06ක් ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ සදහා වැයවන මුදල රුපියල් මිලියන 1200 කි.
මෙම සියලුම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර ස්ථාපිත කරන ව්‍යාපෘතිය සදහා වැයකරන මුළු මුදල රුපියල් මිලියන 3103 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ක්‍රමයෙන් හොද පාරකට වැටෙමින් තිබේ.