(ටී.කේ.ජී.කපිල )
රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කරනු ලැබූ " අකුරට වැඩ කිරීමේ " වෘත්තීය ක්‍රියාමාර්ගය අද(16 ) අත්හිටුවීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කුමානායක මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මැදිහත් වීම මත මුදල් අමාත්‍යාංශය විසින් රේගු නිලධාරීන් විසින් සිදු කළ ඉල්ලීම් සියල්ලටම පිළිගත හැකි සාධනීය විසදුමක් ලිඛිතව ලබා දීමට එකග වූ බව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිමාලි පුල්ලෙපෙරුම මහත්මිය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බව ද රේගු වෘත්තීය සමිති සංගම් වල සභාපතිවරු පැවසීය .
එම ලිපියට අනුව රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ක්‍රියාත්මක කළ " අකුරට වැඩ කිරීමේ " වෘත්තීය ක්‍රියාමාර්ගය අද16 දින අත්හිටුවීම තම වෘත්තීය සමිති රැස් වී සාකච්ඡා කර එකගතාවයට පත් වූ බව ද එම සභාපතිවරුන් වැඩිදුරටත් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අවාසනාවට තමයි ස්ට්‍රයික් එක නැවැත්තුවේ. අකුරට වැඩ කළා නම් පගාව නැතිව බඩුවක් ගෙනත් සාධාරණ ගානකට විකුණන්න තිබුණා...
හොරකම් කරනවා මදිවෙලාද?
ලංකාවේ රේගුව කවදද අකුරට වැඩ කලේ ?හැමදාම වැඩ කලේ පගාවට ඉදිරියට සිදු වෙන්නෙත් මේක තමා , කල හැකි හොඳම දෙය මුලුරට්ටම ටැක්ස් ෆ්‍රී සොර්න් එකක කරලා රේගුව අහෝසි කරලා දමන එක .ලංකාවේ රේගුවට උසස්වීමේ , වැටුප් වැඩි වීම් දෙන්න අවශ්‍ය නැහැ , පඩිය නොදුන්නත් මේ ගොල්ල වැඩට ඒවි , හේතුව වැටුප වගේ 20-30 ගුණයක් පගාව ලැබෙනවා මෙගොල්ලට
රේගුව වැඩ කරන්නේ පගාවට මිසක් අකුරට නොවේ...