IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


රේගුව’’ අකුරට වැඩ ’ වෘත්තිය ක්‍රියාමාර්ගය නවත්වයි

(ටී.කේ.ජී.කපිල )

රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්  ආරම්භ කරනු ලැබූ " අකුරට වැඩ කිරීමේ " වෘත්තීය ක්‍රියාමාර්ගය අද(16 ) අත්හිටුවීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කුමානායක මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මැදිහත් වීම මත මුදල් අමාත්‍යාංශය විසින් රේගු නිලධාරීන් විසින් සිදු කළ ඉල්ලීම් සියල්ලටම පිළිගත හැකි සාධනීය විසදුමක් ලිඛිතව ලබා දීමට එකග වූ බව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිමාලි පුල්ලෙපෙරුම මහත්මිය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බව ද රේගු වෘත්තීය සමිති සංගම් වල සභාපතිවරු පැවසීය .

 එම ලිපියට අනුව රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ක්‍රියාත්මක කළ   " අකුරට වැඩ කිරීමේ "  වෘත්තීය ක්‍රියාමාර්ගය අද16 දින අත්හිටුවීම තම වෘත්තීය සමිති රැස් වී සාකච්ඡා කර එකගතාවයට පත් වූ බව ද එම සභාපතිවරුන් වැඩිදුරටත් පැවසීය .



අදහස් (4)

රේගුව’’ අකුරට වැඩ ’ වෘත්තිය ක්‍රියාමාර්ගය නවත්වයි

Kithsiri Friday, 16 February 2024 04:57 PM

රටේ අවාසනාවට තමයි ස්ට්‍රයික් එක නැවැත්තුවේ. අකුරට වැඩ කළා නම් පගාව නැතිව බඩුවක් ගෙනත් සාධාරණ ගානකට විකුණන්න තිබුණා...

:       4       11

Prabha Friday, 16 February 2024 06:07 PM

හොරකම් කරනවා මදිවෙලාද? 

:       3       10

de silva Friday, 16 February 2024 07:05 PM

ලංකාවේ රේගුව කවදද අකුරට වැඩ කලේ ?හැමදාම වැඩ කලේ පගාවට ඉදිරියට සිදු වෙන්නෙත් මේක තමා , කල හැකි හොඳම දෙය මුලුරට්ටම ටැක්ස් ෆ්‍රී සොර්න් එකක කරලා රේගුව අහෝසි කරලා දමන එක .ලංකාවේ රේගුවට උසස්වීමේ , වැටුප් වැඩි වීම් දෙන්න අවශ්‍ය නැහැ , පඩිය නොදුන්නත් මේ ගොල්ල වැඩට ඒවි , හේතුව වැටුප වගේ 20-30 ගුණයක් පගාව ලැබෙනවා මෙගොල්ලට

:       0       0

de silva Saturday, 17 February 2024 04:04 PM

රේගුව වැඩ කරන්නේ පගාවට මිසක් අකුරට නොවේ...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 4133 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 219 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 180 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site