(උපාල ආනන්ද)
අනුරාධපු රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කශ්‍යප හිමි ඇතුළු පිරිසට එම මළුවෙන් ඉවත්වන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මහතා ආඥාවක් නිකුත් කළේය.
හදිසි මහජන පීඩාවක් ඇති වීම වැළැක්වීම සඳහා මෙම ආඥාව තාලකාලිකව නිකුත් කරන බව ද සිය නියෝගය මගින් බලංගොඩ කශ්‍යප හිමි ඇතුළු පිරිසට දැනුම් දී ඇති මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර පූජාභූමියේ ඇති පුරාවිද්‍ය ස්මාරකවලට කිසිදු හානියක් හෝ අලාභයක් සිදු නොකළ බව ද දැනට ඉදිකර ඇති තාවලාකි කූඩාරම් වහාම අදාල ස්ථානවලින් ඉවත් කරන ලෙස ද නියෝග කළේය.
මෙම ආඥාව නිකුත් කළේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රුක්මල් අත්තනායක මහතා අධිකරණයට කරුණූ දක්වමින් කළ ඉල්ලීමක් සලකා බලමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd