2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ රු.මි.772 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, එෆ්.යූ. වුට්ලර් මහතා සදහන් කරයි.

2025 වසර තුළ රු.මි.1549 ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (31) "රටම එකට" ජාතික මෙහෙයුම - ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි