IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රිදීමාලියද්දේ කදුවැටි කීපයක නාය යාම් යළි සක්‍රිය වෙලා

(නිශාන්ත කුමාර සහ  ප්‍රසාද් රුක්මල්)

 රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි කදුවැටි කීපයක නාය යාම් අද (10)  දින   යළී  සක්‍රිය වි ඇතැයි රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩී.ඩී.එස්.තක්ෂිලා ගුණරත්න මහත්මිය   පැවැසුවාය.

  දික්යාය පුඩුල්ල කන්ද, කළුකැලේ කන්ද, බුබුල වසමේ නියන්තලාගල කන්ද , අරාව වසමේ පේනහේන කන්ද , පහලඔය වසමේ ඔලගන්ගල කන්ද, කන්දේගම වසමේ පරණගම කන්දේ නාය යාම් මේවන විට සක්‍රියව ඇත.

 මේ වන විටත් දික්යාය වසමේ පුඩුල්ල කන්ද   පරික්ෂා කල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එය නාය යාමක් බවට තහවුරු කර ඇතැයිද පැවැසුවාය   .

නාය යාම් සක්‍රීය වෙමින් පවතින ප්‍රදේශවල ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් සිටින බවද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය. ඇය මෙසේද කීවාය ‘‘

මේ වන විට අප කොට්ඨාසයේ කඳු වැටි කීපයක නාය යෑම් සක්‍රිය වෙමින් පවතිනවා. කළුකැලේ ප්‍රදේශයේ  සිදුවන නාය යෑමෙන් ජනතාවට වන පීඩාව අවම කිරීම සඳහා එම පිරිස  ගම්මානයේ පහළ පිහිටි දික්යාය පාසලට යොමු කිරීමටත් කන්දේගම   ඔළගංගල හා ඒ අවට ප්‍රදේශවල ජනතාව කුරුවිතැන්න   පාසලේ  පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කිරීමටත් පියවර ගෙන තිබෙනවා. සමහර ප්‍රදේශවල නාය යාමට  ලක්වන ප්‍රදේශ ආශ්‍රිතව නිවාස නැහැ. කොහොම වෙතත් අපි සෑම ප්‍රදේශයක්ම ඉලක්ක කර ගනිමින් ජනතාවට හානි සිදුවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව කිව යුතුයි.



අදහස් (0)

රිදීමාලියද්දේ කදුවැටි කීපයක නාය යාම් යළි සක්‍රිය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 465 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site