(කේ. බුද්ධික කුමාරසිරි)

මෙරට රාජ්‍ය බැංකුවකට අයත් රුපියල් ලක්ෂ 1300 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ එම බැංකුවේ නිලධාරියකුට වසර 35 ක සිර දඩුවම් නියම කළ හෝමගම මහාධිකරණ විනිසුරු ක්‍රිශාන්ති අමරතුංග මහත්මිය  එය වසර 15 කින් ගෙවී යන ලෙස  නියම කලාය.

කඩුවෙල ප්‍රදේශයේ ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක මුදල් අයකැමි ලෙස සේවය කල 31 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස දඩුවම් නියම කරන ලදී.

ඉකුත් 2025 වර්ෂයේ මැයි මාසයේදී සිදු කර තිබූ මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කටයුතු සිදු කර මාස 17 ක් වැනි කෙටි කාලයකදී මහාධිකරණ මගින් නඩු විභාගය සිදු කොට එහි තීන්දුව ලබා දුන්නේය.

අදාල සැකකරුට එරෙහිව අධි චෝදනා තුනක් යටතේ නඩු ගොනු කර තිබූ අතර අදාල රාජ්‍ය බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමි ලෙස රාජකාරි සිදුකරමින් රුපියල් ලක්ෂ 1300 කට අධික මුදලක් සිය පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම  දෙවන අධි චෝදනාව ලෙස එම රාජ්‍යය බැංකුවේම දෙහිවල ශාඛාවට අයත් රුපියල් ලක්ෂ 1100 කට අධික මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම ,අදාල බැංකුවට අයත් ගිණුම්වල තිබූ මුදල් මෘදුකාංග භාවිතයෙන් ව්‍යාජ මුදල් බවට පරිවර්තනය කිරීම යන චෝදනා තුනක් යටතේ නඩු පැවැරීය.

අදාළ අධි චෝදනා තුනටම තමන් වරදකරු බව සැකකරු මහාධිකරණය හමුවේ පිළිගන්නා ලදී.