IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජකීය ගුරුවරයා මඩකලපුවේ දී රනිල් සොයා එයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මහතා මඩකලපුවේ අද (24) පැවති මහජන රැළියේ වේදිකාවට ගොඩවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශීර්වාද කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු  කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති (ටී.එම්.වි.පි) පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය  ශිවනේසර්තුරෙයි චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්) මහතා සංවිධානය කළ "පුලුවන් ශ්‍රී ලංකා" මහජන රැළිය ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ  පැවති අතර එහි පැමිණි  සිවලිංගම් ගුරුතුමා මෙලෙස ජනාධිපතිවරයාට ආශීර්වාද කළේය.

මේ වන විට විශ්‍රාම සුවයෙන් මඩකලපුව සිය නිවසේ පදිංචිව සිටින 98 වියැති  බී. සිවලිංගම් මහතා සිය ශිෂ්‍යයකු වන රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවට පැමිණෙන බව සැලවීමෙන් පසු මෙම රැළියට පැමිණ තිබුණි.

සිය ගුරුවරයා තමන් අසලින්ම හිඳුවාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  රැස්වීම අවසන් වනතෙක් තම ගුරුතුමා වේදිකාවේ ඔහු අසලින් හිඳුවා ගත්තේය.

රනිල් වික්‍රමසිංහ මහතා ට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , හිටපු කතානායක අනුර බණ්ඩාරනායක ,හිටපු අමාත්‍යවරයා  මලික් සමරවික්‍රම ඇතුලු ඇමති මණ්ඩලයේ බහුතරයකට සිවලිංගම් මහතා අධ්‍යාපනය ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේදී සිහිපත් කළේය.

ඡායාරූපය :-ප්‍රදීප් පතිරණ 



අදහස් (16)

රාජකීය ගුරුවරයා මඩකලපුවේ දී රනිල් සොයා එයි

Sanjeewa Saturday, 24 August 2024 03:38 PM

පිල්ලෙයාන් ඉන්නවා. ප්‍රභාකරනුත් අය පණ ආවා කියාවිද දන්නේ නෑ...

:       41       41

පොඩිඑකා Saturday, 24 August 2024 03:51 PM

එයා ගොඩක් ලොකුද?

:       47       19

රම්සි Saturday, 24 August 2024 03:55 PM

නාකිවෙලා මොලේ නහර මැරිලා ඇති...

:       59       22

නිහාල් Saturday, 24 August 2024 03:57 PM

නයි, මුගටි, ගැරඬි සේරම එකම වේදිකාවේ...!

:       52       39

Brian Saturday, 24 August 2024 04:30 PM

ලපයා විතරයි අඩු...

:       26       15

ලක්සිරි පැරිසියේ Saturday, 24 August 2024 05:14 PM

නිහාල් ඔබ තමා හොඳින් ලියා තියෙන්නේ...!

:       17       18

නුවන් ජයවර්ධන Saturday, 24 August 2024 04:45 PM

ගුරුවරු හට ගරු කළත්, ඒකටත් ගරන එවුන් තමයි වැඩිය ඉන්නේ...!

:       5       43

ගමේ එකාලා Saturday, 24 August 2024 04:57 PM

හොරුනම්, දූෂිතයන් නම්, බලලෝභීන්, මස් වැද්දන් උනුත් ශ්‍රී ලංකා...

:       12       7

pakeer Saturday, 24 August 2024 05:01 PM

පිල්ලෙයාන් ලා දේශපාලන වේදිකාවට එන එක හොඳයි. ආයෙත් අවි ආයුධ ගන්නේ නැතිව... ඒත් මේ අය එක්ක නෙවෙයි.

:       13       6

වික්‍රම විදුර Saturday, 24 August 2024 06:23 PM

ඉක්මණට හොර ගෝලයාවත් අරං යන්න...

:       26       8

Lalith Saturday, 24 August 2024 06:23 PM

රනිල්ට වැඩියෙන් බාල කෙනෙක් කොහොමද රනිල්ගේ ගුරුවරයා වෙන්නේ? කීයක් දීලාද මෙයා හොයාගත්තේ?

:       35       9

අමිතSunday, 25 August 2024 12:07 AM

ඉතාමත් ගොන් ප්‍රශ්නයක් අහන්නේ ඇයි?

:       0       4

රෙක්ස් Saturday, 24 August 2024 06:43 PM

පරිස්සමින් ගෙයි ඇතුළටම වෙලා හිටපන් ටොමියෝ, මොවුන් ටික ඔබවත් ස්ටේජ් එකට නග්ගගන්න බැරි නැහැ...

:       14       10

chandima Sunday, 25 August 2024 02:09 AM

ගුරුතුමා රනිල්ට වඩා තරුණයි වගේනේ? ඒ කියන්නේ රනිල් හතේ පන්තියේ ඉද්දී, දෙකේ පන්තියේ කොල්ලන්ගෙනුත් ගණන් අහගෙනද? 

:       1       2

Perera Sunday, 25 August 2024 06:26 AM

පොලිසියේ 600ක් එක දවසින් අමු අමුවේ මරලා දාපු එක එක්කෙනා හරි හරියට වාඩිවෙලා ඉන්නේ මෙයාටත් මිනීමරණ එක ගාණක් නැති නිසා වෙන්න ඇති...

:       0       4

සිල්වා Sunday, 25 August 2024 12:13 PM

ගුරුතුමාට ගරු කළා වගේම අධිකරණයටද ගරුකළ යුතුයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site