
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මහතා මඩකලපුවේ අද (24) පැවති මහජන රැළියේ වේදිකාවට ගොඩවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශීර්වාද කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති (ටී.එම්.වි.පි) පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය ශිවනේසර්තුරෙයි චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්) මහතා සංවිධානය කළ "පුලුවන් ශ්‍රී ලංකා" මහජන රැළිය ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති අතර එහි පැමිණි සිවලිංගම් ගුරුතුමා මෙලෙස ජනාධිපතිවරයාට ආශීර්වාද කළේය.
මේ වන විට විශ්‍රාම සුවයෙන් මඩකලපුව සිය නිවසේ පදිංචිව සිටින 98 වියැති බී. සිවලිංගම් මහතා සිය ශිෂ්‍යයකු වන රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවට පැමිණෙන බව සැලවීමෙන් පසු මෙම රැළියට පැමිණ තිබුණි.
සිය ගුරුවරයා තමන් අසලින්ම හිඳුවාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රැස්වීම අවසන් වනතෙක් තම ගුරුතුමා වේදිකාවේ ඔහු අසලින් හිඳුවා ගත්තේය.
රනිල් වික්‍රමසිංහ මහතා ට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , හිටපු කතානායක අනුර බණ්ඩාරනායක ,හිටපු අමාත්‍යවරයා මලික් සමරවික්‍රම ඇතුලු ඇමති මණ්ඩලයේ බහුතරයකට සිවලිංගම් මහතා අධ්‍යාපනය ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේදී සිහිපත් කළේය.
ඡායාරූපය :-ප්‍රදීප් පතිරණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලෙයාන් ඉන්නවා. ප්‍රභාකරනුත් අය පණ ආවා කියාවිද දන්නේ නෑ...
එයා ගොඩක් ලොකුද?
නාකිවෙලා මොලේ නහර මැරිලා ඇති...
නයි, මුගටි, ගැරඬි සේරම එකම වේදිකාවේ...!
ගුරුවරු හට ගරු කළත්, ඒකටත් ගරන එවුන් තමයි වැඩිය ඉන්නේ...!
හොරුනම්, දූෂිතයන් නම්, බලලෝභීන්, මස් වැද්දන් උනුත් ශ්‍රී ලංකා...
පිල්ලෙයාන් ලා දේශපාලන වේදිකාවට එන එක හොඳයි. ආයෙත් අවි ආයුධ ගන්නේ නැතිව... ඒත් මේ අය එක්ක නෙවෙයි.
ඉක්මණට හොර ගෝලයාවත් අරං යන්න...
රනිල්ට වැඩියෙන් බාල කෙනෙක් කොහොමද රනිල්ගේ ගුරුවරයා වෙන්නේ? කීයක් දීලාද මෙයා හොයාගත්තේ?
පරිස්සමින් ගෙයි ඇතුළටම වෙලා හිටපන් ටොමියෝ, මොවුන් ටික ඔබවත් ස්ටේජ් එකට නග්ගගන්න බැරි නැහැ...
ගුරුතුමා රනිල්ට වඩා තරුණයි වගේනේ? ඒ කියන්නේ රනිල් හතේ පන්තියේ ඉද්දී, දෙකේ පන්තියේ කොල්ලන්ගෙනුත් ගණන් අහගෙනද?
පොලිසියේ 600ක් එක දවසින් අමු අමුවේ මරලා දාපු එක එක්කෙනා හරි හරියට වාඩිවෙලා ඉන්නේ මෙයාටත් මිනීමරණ එක ගාණක් නැති නිසා වෙන්න ඇති...
ගුරුතුමාට ගරු කළා වගේම අධිකරණයටද ගරුකළ යුතුයි.