ගංජා කිලෝ දෙක හමාරක් රැගෙන මිරිස්වත්ත හඹුරුගලට යමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් ඌරගස්මන්හන්දිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. කුරුඳුවත්ත පොලිසියේ සේවය කරන බව කියන ඔහු යතුරු පැදියෙන් ගමට යමින් සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක රට පුරාම තියෙන වසංගතයක් . පොලිසියේ හොඳ මිනිස්සු ඉන්නේ බොහොම පොඩ්ඩක් වෙන්න ඇති. මම ඉන්න ගමේ කසිප්පු නැති කරන්න බැරි වෙලා තියෙන්නෙත් ඔය හේතුව නිසාමයි . මහා මිනිහගේ ඉඳල පොඩි එකා දක්වාම ජීවත් වෙන්නේ කසිප්පු කාරයන්ගේ සල්ලි වලින්. ඉඳල හිටලා බෝතල් දෙකක් එක්ක නඩුවක් දමල , වැරදිකරු ස්වාමිනි කියල දඩ ගෙවල ඇවිල්ල ඒකම කරනවා. දන්නා කාලෙක ඉඳලම කරන්නේ ඔය වැඩේ. හන්දියක් හන්දියක් ගානේ බීල ඇවිදින මිනිස්සු උදේ ඉඳලම . පුංචි එකෙකුට පාරක යන්න බෑ.
ඇත්තටම කණගාටුදායක සිද්ධියක්. මේ වගේ නරුමයො කීප දෙනෙක් නිසා තමයි පොලිසියත් අපකීර්තියට පත් වෙන්නෙ. ඔය වගේ උන් දිගටම අල්ලලා පොටෝ ගහලා පත්තරේ දාන්න ඔනෙ.
දියුණු වෙන්න කරපු හොඳ උත්සහයක් එත් නීතිවිරෝදී නොවන දෙයක් කරලා අමතර අදායමක් හොයාගන්න බැලුවනම් නේද හොඳ
මල් මහත්තයෙක් නේද ????
ඇති යාන්තම් ඔහොම හරි පොලිසියත් සුද්ද වෙනවනම්. වැරදි කාරයො දිගටම වටලලා උපරිම දඩුවම් දෙන්න ඕනෙ.
දුටුවද රාළහමිත් හරි පැත්ත තෝරපු හැටි! අපරාදෙ කිලො 2....
බැරිවෙයි ද දන්නෑ මේ කොස්තාපල්ව අපේ ගම් පලාතට මාරු කර ගන්න
නොදන්නවා උනාට පොලිසේ බාප්පල කොච්චර නීතිවිරෝදී වැඩ කරනවද ???????????????
ශහ්! මෙච්චර කාලයක් කොලඹ හිටිය මෙහෙම ෆිට් පොලිස්කාරයෙක් සෙට් උනේ නෑනෙ!
මේවගේ සුළුතරයකගේ වැරදි නිසා තමයි පොලීසිය දෙස මිනිසුන් වපරැසින් බලන්නේ...
මරු මනුස්සයෙක් ! ඇයි ඔය අනෙක් පොලිස්කාරයොන්ට බැරි මෙයා වගේ වෙන්න?????
නිතිය කරවන උදවියමයි ,නීති විරෝදී වැඩකරන්නේ .
කුරුඳුවත්ත පොලිසියේ රාළහාමි මිරිස්වත්තේදී පොලිසියෙන් අල්ලලා
කාකි ඇදලා ගුටිකන්න බැරිහින්දා ස්වයං රැකියාවක් පටන්ගන්න ඇති. ඉක්මණට දියුණුවෙන්න. (ස)
ශෝක් රාළහාමි
පඩි මදි හන්දා පාර්ට් ටයිම් කරන්න ඇති
මහජන මිත්‍රශීලී පොලිස් සේවාවක් උදෙසා, "කාකි සූට් ගංජා ප්‍රවාහනය සහ බෙදා හරින්නෝ"
නියම රාළහාමි කෙනෙක්. අල්ලපු පොලිස්කාරයො තමයි පිස්සො.........
නියම රාළහාමි කෙනෙක්. අල්ලපු පොලිස්කාරයො පිස්සො.........
ඊළග පාර කිලෝ පහක්වත් අදිමු හොදේ.
පව් ලැබෙන පඩියෙන් ජීවිතේ ගැටගහගන්න අමාරු නිසා පාර්ට් ටයිම් ජොබ් කරන්න ඇත්තෙ. දරු පැටවුන්ට කන්න දෙන්නනේ. පොඩ්ඩෝ මාට්ටු වුනාට. ලොකු අය සැප විදිනවා. (ස)
නඩු භාණ්ඩ ද දන්නෙත් නැ.
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව?
ඉස්සර පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ තිබුනේ; "රා...මී අරක්කුත් ආදී" කියලා. දැන් ගංජා වලට ඉල්ලුම වැඩිවෙනව වගෙයි???
@ ජනතාව 2012-07-16 11:57:43 ඔහේගෙ ගම කොහෙයි? කියන්ටකො බලන්ට අපිටත් දැනගන්ට එක්ක?
ඕක මොකක්ද කිලෝ 2 යි නේ...ගනන් ගන්න එපා...
අයියෝ............සල්ලි!
ඇයි මෙච්චර කල් ඇද්දේ ඒ අය නෙමෙයිද?