ආණමඩුව අධ්‍යපන කොට්ඨාසයේ රළපනාව කනිටු විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලකාර අංග රැසකින් සමන්විතව විද්‍යාල ක්‍රීඩා භූමියේදි පැවැත්විණි.
ගැමි ගෙදරක් හා ගමයි පන්සලයි වැවයි දාගැබයි ආකෘති ඇසුරෙන් මයුර සහ තිසර නමින් ක්‍රීඩා නිවාස සකසා තිබිණි. සමස්ථ ජයග්‍රහණය මයුර නිවාසයට හිමිවිය.
විදුහල්පති මැල්කම් පීටර්සන් සහ නියොජ්‍ය විදුහල්පති සනත් ප්‍රියදර්ශන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය සහ දෙමව්පිය එකමුතුවෙන් උළෙල සංවිධානය කළ මේ උත්සවයට නවගත්තේගම පොලිස් ස්ථානාධිපති එස් දයානන්ද මහතා ඇතුළු අවට විද්‍යාල රැසක විදුහල්පතිවරුන් මේ සඳහා එක්ව සිටියහ.























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය! (නි)
පුදුමාකාරයි. මගේ ආශිර්වාදය හා සුබපැතුම්. (අ)
ගමක අසිරිය කියාපාන අපූරු ක්‍රීඩා උළෙලක්. හරිම සතුටු හිතුනා දැක්කහම (නි)
ඉතා අනර්ඝයි. ඔය පාසලෙන් මුලික අධ්‍යාපනය ලැබූ කෙනෙක් දැන් මැලේසියාවේ ජාත්‍යන්තර සමාගමක ප්‍රධාන විධායක නිලධාරී. එයාගේ නමත් රළපනාව.(නදී)
හරිම ලස්සනයි! ගුරුවරුන්ට සහ දෙමාපියන්ට අපේ හදපිරි සතුට! (නි)
කොහොමත් ගම්බද අය ළඟ අපේකම ගොඩක් දුරට තාම ඉතුරුවෙලා තිබෙනවා සිංහල ජාතියේ වාසනාවට (නි)
හරිම අපුරු ආදර්ශමත් වැඩක් ගුරුවරු ළමයි එකතුවෙලා කරලා තියෙන්නේ. ලංකාවේ හැම විදුහලකටම ආදර්ශයක්.(නදී)
ඉතා අනර්ඝයි. දුව, පුතා, අපේ සුබ පැතුම්! (නි)
ගමේ පාසල්වල කටයුතු ගැන ප්‍රචාරයක් දීම ගැන ලංකාදීපයට ස්තුති කළයුතුයි. (නි)
ඔලිම්පික් ගිනි සිළුවත් අපේ හෙළ ක්‍රමයට කළා නම් තවත් ලස්සනයි (නි)
සපත්තුවත් නැතුව ළමයි දුවන හැටි දැක්කහම ලොකු දුකක් ඇතිවෙනවා. (නි)
හරිම අපුරු ආදර්ශමත් බොහොම විශිෂ්ට හොද වැඩක්...!ජය වේවා..(අ)