පසුගිය 4 වැනිදා ඇඹිලිපිටියේ දෙමහල් ගොඩනැගිල්ලක උත්සවයකට සහභාගිවූ පිරිසක් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණය පිළිබඳව රහස් පොලිසිය ගොඩනැගිල්ල හිමිකරුගෙන් හා ඔහුගේ පුතුන් තිදෙනාගේ සාක්කි සටහන් කර ගත්තේය.
ගොඩනැගිල්ල හිමිකරු ජී.පී.මෙන්ඩිස් මහතාගේ නිවසේදී පැය එක හමාරක් පුරා ප්‍රශ්න කර සටහන් ලියාගෙන ඇත.
මල්වර මගුලක් වෙනුවෙන් පැවැති මෙම සාදයේදී පසුගිය 4 වැනිදා මැදියම් රැයේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිසිය පැමිණීමෙන් පසු ඇතිවූ ගැටුම ගැන රහස් පොලිසියට විස්තර කියා ඇත.
පොලිස්පති අණින් මුලින්ම මෙම පරීක්ෂණ පැවරුණේ සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතාටය. ඉන් පසුව හදිසියේම පොලිස්පතිවරයා රහස් පොලිසියට පරීක්ෂණ බාරදුන්නේය.
ඔහු එසේ කළේ මෙම මරණයට හේතුව පොලිසිය එහි පැමිණීම බවට සබරගමුව නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පතිට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුවය.
තමා ඒ වෙලාවේ පළමු මහලේ සිටි බවත් වීදුරු කුඩු කරන ශබ්දයත් සමග බුදු අම්මෝ ගහනවා, මරනවා යනුවෙන් කියනු ඇසුණු බවත් ඔහු කීවේය. මෙන්ඩිස් මහතාගේ පුත්‍රයන් වන ඩී.ජී.මෙන්ඩිස්, ඩී.ආර්.පී.මෙන්ඩිස්, ඩී.එච්.මෙන්ඩිස් හා චම්පික කුමාරගේ කට උත්තර රහස් පොලිසියෙන් ලියා ගෙන ඇත.
මරණ පරීක්ෂණයේ සාක්කි විමසීම මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරිපිටදී බදාදා පස්වරු 2ට පමණ ඇරඹීමට නියමිතය.
පසුගිය නඩු දිනයේ උසාවි කටයුතු බාර කොස්තාපල් මාධ්‍යවේදීන් හය දෙනකුගේ වාර්තා හා සටහන් පොත් උදුරා ගත්තේය. මිය ගිය පුද්ගලයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද (26) කොළඹින් නීතිඥ කණ්ඩායමක්ද ඇඹිලිපිටියට යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අය තමන්ගේ රස්තියාදුකාර හැසිරීම අත හරින්නේ නැතුව මෙහෙම ක්‍රියාකර ගෙන යනවනම් මිනිසුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවල ගිහින් මොන විනාසයක් වෙයිද දන්නේ නැහැ. (ම)
අන්තිමට මේ ව්‍යාපාරිකයාගේ ළමයි වැරදිකාරයො කරයිද දන්නේ නැහැ.කොටදෙණියාව වගේ තමා පොලිසිය කියල ගෑවුණු කවුරුත්. (බ)
ඇඹිලිපිටිය පොලිස් පරීක්ෂක පොලිස්පතිගේ ළඟම මිත්‍රයෙක් කියල පසු ගිය දවස් වල මාධ්‍යයෙන් අසන්න ලැබුණා (බ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)