වෘත්තිය සමිති කටයුතු පිළිබඳව ජනාධිපති හිටපු අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හා ඔහුගේ ආරක්ෂකයන්ගේ ඝාතන සම්බන්ධයෙන් රහස් පොලිසිය හරිහැටි පරීක්ෂණ නොකරන නිසා මහජනයාත්, නිතීඥවරුත් අධිකරණයට ඇඟිල්ල දිගුකරතියි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කෙළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කළත් රහස් පොලිසිය එසේ නොකරතියි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ප්‍රකාශ කෙළේය. අපක්ෂපාතව යුක්තිය පසඳලීමට ප්‍රතිඥ දී සිටින විනිසුරුවනට කළ හැක්කේ නියෝග දීම පමණක් බව ද, නිලධරයන් එම නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් අධිකරණයට කළ හැකි දෙයක් නැති බව ද මහේස්ත්‍රාත් කීවේය. දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කරුණු දක්වමින් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවි නියෝග විවේචනය කරන බව කීවේය. ඇය අලුත්කඩෙත් පොල්ගසා දේව කන්නලව් කරන බව ද ඇයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය. ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණ දක්වමින් ඇය කියා ඇත්තේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන් ලෙස උසාවියෙන් දුන් නියෝග රහස් පොලිසිය ක්‍රියාත්මක නොකරන බව යැයි ද එය උසාවියට අපහාස කිරීමක් නොවේ යැයි ද දේව කන්නලව් කිරීමට පොල් ගැසීමට හෝ කතරගම යෑමට හෝ උසාවියෙන් අවසර ගත යුතු දැයි ඔහු ප්‍රශ්න කෙළේය. රහස් පොලිසිය කියා සිටියේ දුමින් ද සිල්ව අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් අවස්ථා කිහිපයකදී විමසා ඇතත් පිළිතුරු නැති බවයි. සැකකරුවෝ 16 දෙනා ජුනි පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජරාව වැඩකරන්නේ..
සේරම එකතු වෙලා කාවද මේ රවට්ටන්නේ.මේවට අපිට හිනා යන්නේ පස්ස පැත්තෙන්
හත්වලාමේ
ටිකක් බැනුම් ඇහුවට පාඩු නැනේ. හොද වාහන ලැබිල තියනකොට....
අනේ නියම පොලිස් මහතුනේ, ඔබට මේ විදියට නිල ඇදුම ඇදගෙන ඉන්න පුළුවන්ද?
ලංකාවේ ඉතිං පොලිස් දැලට අහු වෙන්නේ හාල්මැස්සෝ මිසක් තෝරු මෝරු නෙමෙයිනේ
නිලධාරීන් එම නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් එය අපහාස කිරීමක් නොවේ ද?
මහත්වරුනි, ලංකාවේ නීතිය යනු උල්පතක් නොවේ.වක්කඩේ හැංගූ හකුරු කෑල්ලකි
මෙහෙම ගියොත් රටේ නීතියක් ඉතිරිවෙයිද??
නිලධාරීන් එම නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් අධිකරණයට යමක් කිරීමට ප්‍රතිපාදන ඇත්තේම නැද්ද?
ඕක අළුත් දෙයක්ද?දැන් රට ගිහිල්ලනේ බල්ලට
අහන්කාරකමි මුදල් තියෙන කන් කේරැම් කාරකමි බලය තියෙන කන් ගණන් කාරකම් හයිය තියෙන් මෙ ඔක්කොම කම් මෙලෝවෙන් යන කන්
නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් හරියට ගෞරවනීය විදියට ගෙදර යන්න
එහෙනම් නීතිය අතටගන්න වෙනවා.
ඇත්තටම රහස් පොලිසියද? හොර පොලිසියද?
නීතිය ........................ට ගිහින්...
කෙරුම් කාරකම් බලය තියෙන කන්
ඔයානම් හරියටම හරි මන්ජුල
තොත්ත බබාලා වෙන්න හදන්න එපා.සී.අයි.ඩී. එකත් උසාවායට යටයි
නීතිය පොතට පමණක් සීමාවී ඇති බව පෙනේ
ලංකාවේ ව්‍යවස්තාවට අනුව CID සහ නීතිපති ඉන්නේ අධිකරණයට යටත් තැන් දෙකක.
දොස්තර මහත්වරුත් ඔහොමයි. ඉස්පිරිතාලෙට ආපු මිනිස්සුන්ව හොඳටම රස්තියාදු කරවලා, බෙහෙත් නැති තුන්ඩුවක් විතරක් දීලා යවනවා.
එයින් අදහස් කරන්නේ CID එකට ඉහළ උසාවියටත් වඩා බලය වැඩිද?....
වැඩක් නැහැ මේ ගැන ලියලා..
නීතිපතිතුමා හරි.තීන්දුව දුන්නොත් ගෙදර යන්න වෙනවනේ
කුඩුකාරයො ටික අල්ලන්න CID එකට බැරිද?
ලංකාවේ ව්‍යවස්තාවට අනුව අධිකරණයට යටත් නැත්තේ ලංකාවේ ජනාධිපති විතරයි. අනිත් අය ඔක්කොම අධිකරනයට යටත්. ඒ අය අධිකරණයට කැදවන්න බලය තියෙනවා. නියෝග දෙන්න බලය තියෙනවා. පිලිපදින්නේ නැතිනම් දඩුවම් දෙන්නත් බලය තියෙනවා.
රට ඉවරයි
පරිපාලනේට නොගැළපෙන අය ආවහම රට බල්ලට තමයි යන්නේ