කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී මහරාගෙන මැරුණ කොටි බෝම්බකරුගේ ප්‍රහාරයෙන් නොමැරී බේරුණු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලීසිය කටඋත්තරයක් ගන්නා බව පොලිස් ආරංචි කියයි.
2006 අප්‍රේල් 25 වැනිදා සරත් ෆොන්සේකා මහතා දිවා ආහාරයට එලියට ගොස් එද්දී මරාගෙන මැරෙන බෝම්බයට හසුවී බරපතල තුවාල ලැබීය.
මේ බෝම්බ ප්‍රහාරයෙන් 11 දෙනෙක් මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරක්ලා ඉතා වටිනවා
තැලෙන යකඩය දැක්කාම වෙන්නේ
ලංකාවේ හුගක් මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ ඇත්ත (නි)
කාගේවත් ලනු කන්නේ නැතිව හිටියනම් ඔබට අද හැමෝම ගරු කරනවා දේසපාලන බෙදෙකින් තොරව. (ස)
මෙතුමා කියූ දේ හරි, ඉවසුව ඇති දැන්.(ස)
කට්ටියට අයෙත් ෆොන්සේකා මතක් වෙලා වගේ. (ත)
ඔබතුමා ගැන මට දුකයි
මමත් හමුදාවේ හිටපු කෙනෙක්. මම දන්නවා හමුදා තුනෙන්ම වුන වැරදි අඩු පාඩු සහ පාවාදීම් ගැන. හැම එකක්ම තේරුම් අරගෙන ඒවාට නියම සැලැස්මක් හදල යුද්ධය දිනුවේ ඔබතුමා බව කවුරු නැතත් සොල්දාදුවෝ වන අපි දන්නවා. ඔය සිංහ හම කවදාහරි ඔය හිවල්ලුන්ට ගලවන්න වෙනවා ජෙනරාල් තුමනි. (නි)
කමක් නම නැහැ
ඔබ තුමා බය වෙන්න එපා
ජයවේවා
ජෙනරාල් පොන්සේකාට හැමදාමත් මිනිස්සු ආදරෙයි. (ස)
සරත් පොන්සේකාට ජයවේවා! (ස)
හැබැයි ඔහු අපට කවදත් ජෙනරාල්.(ස)
අපේ පපු මේවා විදින්නට ඉවසන්නට පුරුදු වෙලා තියෙන්නේ.තව ඉස්සරහට තව හුගක් ජාති බලන්න තියනවා. මොකාටද එන්නේ කියලා දැන්ම හිතා ගන්න බැහැ. තවත් ඡන්දේ දෙමු. (නි)
ඒ ගමන මොකද්ද
ඔබ හරි කපිල. (ස)
සුප්රා,ඔබ හරියටම හරි. ඒත් කීයෙන් කීදෙනාටද තර්ක බුද්ධියෙන් හිතන්න පුළුවන්. (නි)
දන්න යුද්ධය කරලා නම්බු පිට විශ්‍රාම අරගෙන හිටියා නම් මෙයාට තවමත් මිනිස්සු ගරු කරනවා. හරි හෝ වැරදි හෝ කරපු දේ මිනිස්සුන්ට තාම මතකයි. (නි)
අයෙත් කට්ටිය බයවෙලා වගේ. සරත් පොන්සේකාට ජයවේවා! (නි)
කල්පනාවෙන් වැඩ කළහොත් හෙට දිනයේ ඔබ වීරයෙකි (නි)
ඇයි ඒ? පෙළපාලි ගියාටද දන්නෙ නැහැ. හැබැයි මේ පාර වැරදි දෙයක් කළොත් ජනතාවගේ ආවේගය නවත්වන්න ඔය ත්‍රිවිධ හමුදාවට හා පොලිසියටත් බැරිවේවි. (නි)
ඒක ඇත්ත. දැනගන්න ගොඩක් දේවල් ඇති. (නි)
මේ කලබලයේ මොකද වෙන්නේ
කට උත්තරත් හරි ඉක්මණට ගත්තා නේද? මාරයි නේ. (නි)
ඔබතුමා නැති හමුදා පෙළපාලි මොකටද අපිට?අපි හැමදාමත් ඔබතුමා සමගයි. ජෙනරල්තුමනි, මේ රටේ ඉන්නේ සිංහ හම පොරවාගෝ හිවල්ලු. (නි)
ප්‍රවේශමෙන්. ජනතාව අවදියෙන්... (නි)
ඉක්මනින ඉවරක් කරන්න
බොම්බේ වැදිලත් බේරුනේ කොහොමද කියලා දැනගන්න කැමති ඇති. ඒක වෙන්න ඇති ප්‍රශ්න කරන්නේ (නි)
මහේෂ් කිවුවා වගේ තව දුරත් ඉවසන්න බැහැ. (නි)
ඉස්සර අහන්න තිබුනනේ ඕවා (නි)
තවම ඉවර නැද්ද
ඔබ තුමාට රටේ මිනිස්සු ගොඩක් ආදරෙයි. මේ වැඩකට නැති දේශපාලනය අතහැර දැන්වත් නිහඩව ඉන්න.(නදී)
අරුණ, හමුදාපතිකම දුන්නේ සුදුසුකම් තිබුන නිසායි (නි)
නම්බුව තියාගෙන හිටියා නම් මිනිසුන් මීට වඩා ගරුකරනවානේ (නි)
ආනන්ද ,ඔයාට පුළුවන් විදිය හිනාවෙන්න.එහෙත් ඔයා මතක තියාගන්න, ගුවන් යානයක් අහසේ යනවා වගේ මෝටර් රථයකට පාරේ යන්න බැහැ.එහෙම ගියොත් වැඩි දුරක් යන්න වෙන්නෙ නැහැ. ඔක්කොටම වලකජ්ජන් තමා ගහන්න වෙන්නේ.ඔය ඔයාටම හිනාවෙන්න. (නි)
රකිත් විසින් ලියන ලද පළමු අදහස් සටහන හැමෝම කියෙවුවා නම් හොදයි. සමබර අදහසක් එතන තිබෙනවා.ඔහු ඇත්ත ඇති සැටියෙන්ම ලියලා තිබෙනවා (නි)
සාදි, ඔබගේ නම දකින විට බඩ දහලනවා. ඔබගේ ප්‍රතිචාරය කියවන විට වමනේ යනවා .මෙවැනි ජාතික වීරවරයකුට අපහාස කිරීම තුලින් ඔබගේ ගුණමකුකම ප්‍රදර්ශනය කර ඇත. ඔබ වැනි නිහීන තුච්ඡ මිනිසුන් සමග ජීවත් වීමට ලැබීම අවාසනාවකි.වීරයාට අපහාස කළේ ඔබය. බැනුම් අසන්නේ ඔබගේ දෙමාපියන්ය. (නි)
කාගේවත් ලනු කන්නේ නැතිව හිටියා නම් ඔබට අද හැමෝම ගරු කරනවානේ. (නි)
ඇයි මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි යුද්ධ කරන එකයි රටක් පාලනය කරන එකයි දෙකක් කියලා.ෆොන්සේකා යුද්ධ කාලෙත් ජනාධිපතිතුමා කියපු විදියට තමයි.නැත්නම් තිබ්බනේ වෙන ආණ්ඩුවක් තිබ්බ වෙලේ යුද්ධ කරලා දිනන්න.අනේ මන්ද මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ අපේ ජනාධිපතිතුමාගේ අගේ. (නි)
ජෙනරාල්තුමනි , ඇත්තම කියන්න බිය නොවන්න.ඔබ නැත්නම් අපි තවම ගෙට වෙලා තමයි ඉන්න වෙන්නේ.දැන් පුරාජේරු ගහනවා. (නි)
අපි ඔබට විරුද්දයි
කට උත්තරය මොනවා සම්බන්ධවද බෝම්බෙ මගහැර ඇයි නොගියේ කියලද ? (ස)
මහේෂ් කිවුවා වගේ තව දුරත් ඉවසන්න බැහැ.(ස)
ජෙනරාල් පොන්සේකාට හැමදාමත් මිනිස්සු ආදරෙයි. (ස)
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා.(නදී)
මටනම් මේකේ ප්‍රතිචාර කරපු සමහර මිනිස්සු ගැන හිතා ගන්න අමාරුයි. අනේ කරුණාකරලා ලංකාවේ ඉන්න මිනිසුනේ පොඩ්ඩක් හිතන්න.ආසියාවේ හොදම අධ්‍යාපනය මට්ටමක් තියන රටක මිනිස්සු විදිහට හිතන්න. (නි)
බලයට තණ්හා උනාම ඔහොම තමා. තමන්ගේ තියන තත්වේ තියා ගන්නේ නැතුව වෙන අයගේ කතාවලට රැවටිලා ලනු කෑවනේ. අයියෝ සල්ලි. (ස)
එහෙමනම් මමත් එනවා ලංකාවට...ඉවසුවා ඇති.(ස)
සාලි මහත්තය නම් ටක් ගාල නිදහස් කලා. මෙතුමා 2ක්ම ඇතුලේ තිබ්බා. දේශපාලනය කියන්නේ කාලගුණය තරම් වත් විශ්වාස නොකටයුතු දෙයක්.(නදී)
අනේ අර පලවෙනි ෆොටෝ එකේ ඉන්න මහතාගේ මුහුණ බලන්න. බෝම්බයෙන් කොච්චර වේදනා විදින්න ඇතිද? මේ මනුස්සය දේශද්‍රෝහියෙක් කියලා මේ රටම කාලයක් හිතාගෙන හිටියනේ. අපිට සමාවන්න නායකයාණෙනි.(නදී)
සදාතනික වීරයෙක් ඔබ, වැඩකට නැති දේශපාලනය නිසා ඔබේ ගෞරවයට කෑළලක් ඈති කරගත්තා. (ස)
තව ටික දවසකින් කියාවි ෆොන්සේකා තමන්ටම බෝම්බ ගහ ගත්ත කියලා. (ස)
ආපහු පරණ දේවලට කට උත්තර ගන්නේ, බෝම්බෙට මුහුණ දීල නොමෙරී, බේරුනාට, වන්දි මුදලක් ගෙවන්න වත් ද ?වන්දියක් අයකරගන්න වත් ද ?හිතන්න අමාරුයි. (ස)
මෙයා කියල තියනවා බෝම්බ ගැහුවේ මහින්ද කියලා. නිකන් ඉල්ලන් කන්න හදන්නේ. මොනවා උනත් මෙයාට විතරයි රට ගොඩ ගන්න පුළුවන්.(නදී)
මේ මිනිහ ඉන්දිඅන් ටැමිල් නිව්ස් එකකට කියලා තියනවා බොම්බේට කොටින්ගේ සම්බන්ධයක් නැහැ , එය ගොඨාභය හා මහින්ද විසින් මොහුව මරන්න තිබ්බා කියලා. මේවගේ ගොන් කතා කියන්න මුට පිස්සුද ? ඇත්තටම මේ මිනිහා කොටින්ට මෙච්චර ලැදි උනේ කොහොමද ? බලයට තියෙන තණ්හාවට රටටම හතුරුවෙන කාලකන්නි.(නදී)
කොල්ලයි බල්ලයි හැම කෙනා එක්කම හැප්පෙන්න ගියාම තමන්ගේ ගෞරවේ නැති වෙනවා. තොප්පිය හරි නම් දා ගන්න.(නදී)
කොහොම කිවුවත් යුද්ධය දිනුවේ ජෙනරාල්ගේ දක්ෂකම නිසා.ජනාධිපතිතුමාගේ අණ ඔහු ඉතා මැනෙවින් ඉටු කළා. අදක්‍ෂයෙක් ලෙස පැරදුනා නම් ජනාධිපතිතුමාටත් මෙම කීර්තිය එන්නේ නැහැනේ. (නි)
ෆොන්සේකා මහත්තයා අදටත් ළණු කනවා වෙන මිනිස්සුන්ගේ කතා අහලා. මොනවා කරන්නද අපි? (නි)
ඉන්දික, මම ඔයත් එක්ක 100% එකගයි. රට බේරා ගන්න පුළුවන් එකම සිංහලයා. (නි)
අයි එතුමා නොමැරී ජීවත් උන එකටද කට උත්තර ගන්නේ. කොටින්ගේ ලගම හිතවත්තු පාර්ලිමේන්තුවට දාගෙන ඇමති මන්ත්‍රී තනතුරු දෙන්න හොඳයි. මේ මනුස්සයාව අවුරුදු 2ක් හිරබත් කන්න දීපුවා මතක නැහැ. වරදක් කලත් නැතත් අපේ රටේ නීතියේ හැටි තමා මේ. ඕන වෙලාවට නැ අනවශ්‍ය වෙලාවට නැති වැරදිත් මවල පිස්සු නටනවා.(නදී)
දේශපාලනය කොතරම් නරක දෙයක්ද? (නි)
13 එහාට ගිහින් රට බෙදනවා කියලා ජනරාල් මීටිමක කිව්වා අපිට මතකයි. එයාව විස්වාස කරන්න තරම් මෝඩ මේ අය කවුද ?(නදී)
ජෙනරාල් තුමනි ඔබට ජනතාව ආදරෙයි. රට හැදිය හැක්කේ ඔබට පමණි.(ස)
තමාගේ නම්බුව තියාගෙන හිටියානම් මිනිසුන් මීට වඩා ගරුකරනවා. දේශපාලනය මෙයාට ගැලෙපෙන දෙයක් නෙවෙයි. ඔය තියෙන්නේ පළිගැනීමේ චේතනාව. ගොඩක් හොඳ වැඩක් කලත් අන්තිමට බුරු වැඩ කරනකොට ගරුකරන්න හිතෙන්නේ නැහැනේ.(නදී)
අර උන්නැහේව ටක් ගාල එලියට දැම්මනේ. මෙතුමාට නම් තවත් 2ක් ඇතුලේ ඉන්න වෙනවා.(නදී)
එතුමා බෝම්බයෙන් මැරුණේ නැත්තේ මොකද කියලා හොයනවා ඇති. (නදී)
හැමෝම දැන ගන්න යුද්දේ කළත් රටක් පාලනය කරන්න අමාරුයි. ඒ නිසා අපි හැමෝම කල්පනාවෙන් වැඩ නොකරොත් අයෙත් 2009 ඉස්සෙල්ලා තිබුන කාලේ එන්න පුළුවන්.(නදී)
මේකේ තියෙන ප‍්‍රතිචාර කියවද්දි මට තේරෙන්නෙ මෙතුමා දේශපාලනයට නුසුදුසුයැයි කියන මිනිස්සුන්ට ඕනෑ සුරංගනා කතා කියන දේශපාලකයන්. ඇත්ත ඇති සැටියෙන් කීම දේශපාලනයට නුසුදුසුකමක් ලෙසයි ඔවුන් දකින්නේ. මේ වගේ ජනතාව ඉන්නකම් ලංකාවට සොරිම තමා. (නි)
මෙයාගේ පළවැනි කතාව , මෙයා කිව දේශපාලනය කරන්න සල්ලි නැති නිසා එල්.ටී.ටී එක හරි සල්ලි දෙනවා නම් මෙයා ගන්නවා කියලා. වෙන කවුරුවත් නෙමි මෙයාව විනාශ කලේ දේශපාලනය කරන්න මෙයාව පොලඹවපු කට්ටියයි. මෙයාගෙම අදික මාන්නයයි. අවසාන වශයෙන් මන් එකක් අහන්නම්. රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු රජතුමාද ? මේසන් බාස්ද ?(නදී)
අපේ මනුස්සයා මනුස්සුයාව
ලංකාවෙ මිනිස්සුන්ට ජෙනරල් ෆොන්සේකා හොද වැඩියි. පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතර අඥානයින්ට වැඩිය එතුමා උගත්. ඇත්ත කතාකරනවා. ලංකාවෙ මිනිස්සුන්ට ඇත්ත තේරෙන්නෙ නැහැ. (නි)
අනේ මන්දා මොනවාද වෙන්නේ කියලා
රට බේරා දුන් සෙන්පත්යනි, වෙලාව එනතුරු අපි නිහඩව බලාසිටිමු. මේ රට දියුණු කල හැක්කේ ඔබට පමණයි. (ස)
ජෙනරාල් ජෙනරාල් විදිහට හිටියානම්නේ වැදගත්.දේශපාලනයක් බදා ගෙන වෙච්ච දෙයක්? (නි)
ජෙනරාල් පොන්සේකාට හැමදාමත් මිනිස්සු ආදරෙයි. එයා කියන මොට්ට කතා නිසා නිකන් අමාරුවේ වැටෙනවා.(නදී)
රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රට බේරාදුන් බව සත්ත්‍යයකි .සරත් පොන්සේකා ඇතුඵ ඒසදහා උරදුන් සියලුම දෙනාට අපගේ උත්තමාචාර පිරිනමමි. නමුත් මොහුට රටේ පාලන බලය ලබාදීම සිදු කළහොත් මොහු රට පාලනය කරන්නේ හමුදා නීතියට අනුකුලවය එවිට නැවතත් මේ රට 88/89 කාලයට යනු නොවනුමානය .කපිතාන් කෙනෙකුට ගුවන් යානයක් පැදවීමට දීම දෙලිපිහියෙන් කිරි කැමකි. ඔබ රණවිරුවෙකු ලෙස මව් භූමියට කල මෙහෙවරට අපග උපහාරය. (ස)
අපිට ජනරාල් ෆොන්සකම තමයි. (ස)
මොනවා කීවත් එතුමා ගැන හිතනකොට දුකත් හිතෙනවා. හිතන කාටත්. (ස)
මෙයාව හෙමෝම ආත ඇරලා දල ඉන්න වෙලාවේ ජනාදිපති තුමත් ආරක්ෂක ලේකම් මෙයාව හමුදාපති කරාට පස්සේ මෙයාගේ ඔලුව නරක් වෙලා.(නදී)
අධිකරණයට ප්‍රහාරය දෙන්නෙත් මෙවෙනි දේ කරන්නයි. හිට්ලෙර් ගේ අවතාරය! (දී)
මට මමම බෝම්බ ගහගත්තා ...... කවුරුත් මට බෝම්බ ගැහෙවුවේ නැ.... (ත)
මිනිස්සු තුන හතර මරලත් සමහරු එළියේ. රට වෙනුවෙන් බෝම්බ කාලත් වසර 2ක් හිරේ. අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය හිර කරලා අනිත් අය එළිය හිටියාම ඇතිද (ත)
යුද්දේ ඉවර කරලා වසර හතරකට පස්සෙ ඇයි කට උත්තර ගන්නේ? (නි)
ජෙනරාල් පොන්සේකාට හැමදාමත් මිනිස්සු ආදරෙයි (නි)
ඔව් ඔව් ප්‍රශ්නකරන්න ඕනෑ තමයි. නැතුව නැතුව... (නි)
දන්නා මොකද්ද වලින් සින්දු කියන්න වෙලා දී))
බේරුණත් කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තත් මවුබිම සතුරන්ගෙන් කුහකයින් ඝාතනය කළේ පිරිසිදු චරිතයයි ඔහුගේ උත්තමාචාරය සැමදා හිමි ඔබටයි අපගේ... (නි)
අයියෝ සාලි
ඇත්ත කතා කරනවානම් වසර 30ක යුද්ධය නිම කිරීමේ ගෞරවය පළමුවෙන්ම හිමිවිය යුත්තේ ජිවිත පුජාවෙන් සටන් කරපු රණවිරුවන්ට. ඉන්පසු, එය නිම කිරීමට දායක වුනු ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, හිටපු හමුදාපතිවරයා ඇතුළු අනෙකුත් සේනාංක නායකයන්ට. අපේ අවාසනාවකට මෙන් එදා යුද්ධය අවසන් කිරීමට එක්ව කටයුතු කළ අය අද විරසක වී ඇත. එය කරනු ලැබුවේ දේශපාලනය නමැති මඩගොහොරුවයි. එක්ව කළ සටනේ ගෞරවය එකිනෙකා බෙදා ගැනීමට තරම් සහාසික වුයේ මේ ආශ්චර්යමත් දේශපාලනයයි. එය නොදන්නා බොහෝ දෙනා දෙපසට වී කෙළ ගති. (නි)
මාළුවා නහින්නේ කට නිසානේ. ඒ වගේම තමයි වෛරයෙන් වෛරය නොසන්සිදේ (නි)
සරත් මහත්තයා දේශපාලනයට සුදුසු නැහැ. සේනාපති කෙනෙක්ට අද රටේ දේශපාලනය කරන්න බැහැ. ඒකට සුදුසු හොද හොරු , වංචා , මැරකම් කරන අය (නි)
අපි දන්නවා එතුමා ඔය වගේ පහත කතා පවත්වන්නේ නැති බව. අද විපක්ෂයක් නැහැ. තියෙන විපක්ෂේ නමට විතරයි. මෙතුමාව තමයි පොඩ්ඩක් හරි විශ්වාස කරන්න පුළුවන්. කවුරු මොනවා කතා කලත් හැමෝම දන්නවා රට විශාල පරිහානියකට ලක්වෙලා කියලා (නි)
එක එක්කෙනා මෙතන මොනවා ලිවුවත් සරත් ෆොන්සේකා කියන්නේ වීරයෙක්. (නි)
ඔව් ඉතින් අද කාලෙ තමන්ම ගස් බැද ගන්නා තමන්ම තමන්ට ගහගන්න කට උත්තර ලියාගන්නා කාලයක්නේ. ජනරාල්තුමාගෙනුත් තමන්ම බෝම්බය ගස්සවා ගත්ත කියල ලියා ගත්තම හරිනේ. අනික පොලිසියේ ඉන්නෙ උසස්වීම් බලාගෙන සමහර අයට කඩේ යන කබරගොයි නේ. ජෙනරාල් තුමණි ඔබට නියත ජය.(නදී)
පුංචි කලේ සුරඟන කතා අහල පුරුද්දට මිනිස්සු චන්දෙ දන්නේ ඒවා කියන පල් හොරුන්ට. ඇත්ත කතා කරන අයට බොහොමයක් අය කැමති නැහැ. එනිසා කෙලින් කියන මිනිස්සුන්ව පැත්තකට දාලා. (ස)
මම තවම කියන්නේ මම සරත් ෆොන්සේකා මහත්තයා ගැන දන්නවා,අපට සම්බන්දකම් තියෙනවා ගොඩක් දුරින්. මීට ඉස්සෙල්ලා හිටපු හමුදාපතිලට කිසිම රාජ්‍ය නායකයෙක් යුද්ධ කරන්න අණ දුන්නෙ නැහැ. කැප්ටන් කෙනෙක් පන්දු යවන්න දෙන්නේ නැතුව මොනම දක්ෂ ක්‍රීඩකයෙකුටවත් පන්දු යවන්න බැහැ. ගොඩක් දේවල් කියන්න තිබුනත් මේ ටික දැනට ඇති. (නි)
අයියෝ සල්ලි
[කපිතාන් කෙනෙකුට ගුවන් යානයක් පැදවීමට දීම දෙලිපිහියෙන් කිරි කෑමකි.] අපි මේකට හිනා වෙන්න ඕනේ කොහොමද? (ත)
මිනිස්සු ආදරේ හමුදාපති සරත් පොන්සේකාට මිසක් දේශපාලනේ කරන පොන්සේකාට නොවේ. එයාට තවම බැහැ කල්පනා කරලා වචනයක් එලියට දාන්න . එහෙම එකේ රටක නායකයෙක් වෙන්න පුලුවන්ද? දේශපාලනේ කියන්නේ මොකක්ද කියල තවම එයා තේරුම් අරගෙන නැහැ. (නි)
මරාගෙන මැරෙන බෝම්බකාරියට උදව් ලැබුණේ ෆොන්සේකාගෙන්ද කියලා බලන්නද දන්නේ නෑ මෙච්චර කාලෙකට පස්සේ කටඋත්තර ගත්තේ. (ත)
කරුණලා, පිල්ලෙයාන්ලා, කේපීලා දේශපාලනේ කරනවා. සරත් ෆොන්සේකර හිරගෙවල්වල යවනවා. දේශහිතයිශීන් කෝ? (ත)
ඔහුගේ කැපවීම දක්ෂතාවය හා බුද්දිය නොවන්නට තාමත් මිනිස්සු මැරෙනවා බෝම්බ වලින්. රටේම ගෞරවය ලැබිය යුතු වීරයෙක්. (ස)
මහේෂ්, හැබැයි ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුගේ කඩුල්ල දවාලීමේ ගෞරවය හිමි වන්නේ පන්දු යවන්නාට හෝ පන්දු රකින්නාට (දුවද්දී දැවී යාමක්නම්), කැප්ටන්ට නෙමෙයි. කැප්ටන් දුන්නත් හරියට පන්දුව යවා ගන්න බැරිනම් වැඩක් නැහැ. අනික් අතට, පිතිකරුවන් දිගට හරහට පහර දෙනවිට සාමාන්‍යයෙන් කැප්ටන් කැඳවන්නේ කණ්ඩායමේ හොඳම පන්දු යවන්නාව. (නි)
ජෙනරල් එළියේ සිටියදී විජයග්‍රහණයේ සැමරුම් කරන්නේ කොහොමද? (නි)
ගයා, ඔයා සොයා බලන්න ලෝකේ ගුවන් යානා පදවන කපිතාන්වරු කී දෙනෙක් ඇද්ද කියලා අපේ රටෙත් එක්ක. (නි)
මේ අපේ දේශපාලනයේ හැටි. කබරගොයා මොනවද, අපේ අයට කටුස්සත් තලගොයා කරන්න පුළුවන් අනේ. අනේ පව් අපිටමයි වෙන්නේ (නි)
බලමු කොල්ලාට දැන් මොකද වෙනේ
රජිත්, ක්‍රිකට් ගහන කවුරුත් අත පය හොදින් තියාගෙන ආපසු එනවා. සිදු වුණත් සුළු තුවාලයක්. ඒ නිසා අර වීරෝධාර සෙනෙවියව ක්‍රිකට් කැප්ටන් කෙනෙකුට සමකරන්න එපා. සිංහලයන්ව සමුල ඝාතනය කිරිමට උත්සහ කළ කොටින්ට රජ සැප,විශ්‍රාම වැටුප්. මේකද සාධාරණය.මධ්‍යස්ථව හිතන්න. (නි)
අපි කවුරු කවුරුත් මොළේ කල්පනා කරලා වැඩ කෙරුවොත් හොදයි (නි)
හැබැයි ඔහු අපට කවදත් ජෙනරල් (නි)
සේරම් පැරිස්, යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ තමයි.අපි නොදන්න මොණර තැන්න. (නි)
මෙය වගේ හමුදා නායකයෙකුට වේදනාවක් දුන්න අයට කවදා හෝ ඒවායේ ප්‍රතිපල විදින්නට සිදුවේවි (නි)
පොන්සේකා වැනි රණවිරුවෙක් මේ රටේ බිහිවීමත් අපට ලොකු ආඩම්බරයක්. ඔබතුමාට ජයම වේවා. තවත් නොසැලී ඉදිරියටම යන්න වාසනාව ඔබතුමාට ලැබේවා! (නි)
අවංකවම ස්වාධීනවම කියනවා නම් දැන් ලංකාවේ තත්වය අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා හැර අපට වෙනත් විකල්පයක් නැත.ඔබ නිසා අපි තවමත් ලංකාවේ ඉදිරිගමන ගැන බලාපොරොත්තු තබා ගන්නම්. ඉදිරි ලංකාව දියුණු කිරීමට ඔබට මේ මහා බුද්ධිය පිහිට වෙනවා ඒකාන්තයි! (නි)
මේ වෙන දේවල් මට නම් තවත් ඉවසන්න බැහැ. (නි)
එතකොට මෙතුමාගේ මෝටර් රථයත් ගුවන් යානයක් අහසේ යනවා වගේ පාරේ ගිහින්ද මෙහෙම් වුනේ? (නි)
සරත්ට හමුදාපති තනතුර දුන්නේ ජනාධිපතිතුමා. ඒකේ ගරුත්වය ගැන හිතලවත් වැඩ කළාද සරත් මහත්තයා? රට පාලනය කරන්න හදන්නේ හමුදා ක්‍රමයට වෙන්න ඇති.ජනාධිපතිතුමා ප්‍රධානත්වය ගත්තේ නැත්තම් මේ රට බේරගන්න අපි තාමත් එදා හිටපු තැන තමා. (නි)
කට උත්තර ගන්න ඕනෑ ජෙනරාල් ගෙන් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඉන්න කෙනාගෙන්.නිකම් ඒ මනුස්සයට ඉන්න දෙන්නේ නැති හැටි? (නි)
මුණසිංහට මතක නැද්ද? ඔය දන්නවා කියන ලොක්කෙකුත් කට වරද්දාගෙන හිර බත් කෑවා. එයත් දැන් අපේ රටේ ඇමති කෙනෙක්.මොකෝ මේ රට කරවන හැමෝම ආචාර්ය මහාචාර්යවරු නොවෙයිනේ. ඉතින් ෆොන්සේකා මහත්තයට බැරිවෙන්නේ කොහොමද? (නි)
ජෙනරල් කරපු දෙයින් අපේ තිබුන ගෞරවයත් නැති වුණා.අදටත් මිනිස්සු ගරු කරනවා ජනාධිපතිතුමාට සහය දුන්නා නම්. එහෙම වුණා නම් අද ඔහොම වෙන්නෙ නැහැනේ (නි)
අන්තිමට කියන දේ ඔයාලා දානවද ? පිළිතුර :- ෆොන්සේකා ම බෝම්බ ගහගෙන තියෙන්නේ (ත)
මහේෂ්,රන්ජන්,ඩිංගි ඉන්දික, ඔහේලා සිංහලද? (නි)
නිමල්, ඔබ වලිගෙ පාගගෙන, මා සම කරේ නැහැ කාවවත් ක්‍රිකට් කැප්ටන් කෙනෙකුට, මා කලේ මහේෂ් දීපු උදාහරණයට පිළිතුරු දීම පමණයි.(ස)
කෝ මේ ගයා?(නදී)
ඔබතුමා ශ්‍රේෂ්ටයි