රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි නොකරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් හා ඔහුගේ ගණකාධිකාරීගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අද (07) ආරම්භ කළේය.
එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා ඔහු ද, ගණකාධිකාරීවරයා ද ද අද උදේ රහස් පොලිසියට ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණ දුන් නියෝගයක් අනුව බන්ධනාගාරය මගින් ඔහු රහස් පොලිසියට ගෙන ආවේය.
අධිකරණයේදී ඔහුගෙන් ප්‍රකාශය ලබා ගන්නා ලෙස රහස් පොලිසියට වෙනත් අධිකරණ නියෝගයක් ලැබී තිබූ හෙයින් සජින් වාස් ගුණවර්ධන කොළඹ ප්‍රධාන උසාවි සංකීර්ණයට ගෙන එනු ලැබූ අතර එහිදී ප්‍රකාශය සටහන් කිරීම ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ රාජ්‍ය සේවයේ ඉඳලා මධ්‍යම ප්‍රමාණයේ හොරකම් කළ අයත් දැන් බයවෙලා ඇති. (නි)
සියළු මුදල් රාජසන්තක කරන්න. මේ සියල්ල අපේ මහජව මුදල් (නි)
කරන කලට පවු මිහිරිය මී සේ කිවුවේ මේවට තමයි (නි)