
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියන රහස් පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු ආදුරුප්පුවීදිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසල රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂාකර බැලීමේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී තිබිණි යැයි ද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු දැයි යන්න සොයා ගැනීමට ඔහු වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂාකර බැලීමට ද පොලිසිය කටයුතු යොදා ගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd