කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ පිහිටි රක්නා ලංකා අවි ගබඩාව හා ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සේවය සම්බන්ධයෙන් රහස් පොලිසිය අද හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි කියයි.
ඔහුගේ පෞද්ගලික නිවසට ගිය රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු මේ ප්‍රකාශය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොද වැඩක් (නදී)
නමුත් ලොකු මුදල් කන්දක් නාස්ති කරලා තියනවා. (නදී)
අනේ මන්ද මේ දිල්ෂාන්ලා වගේ කට්ටිය එක්ක මේ රට කොහොම හදන්නද කියල. වැරදි කරපු මිනිස්සු හොයල දඬුවම් දෙන එක පලිගැනීමක් නෙවෙයි. ඔය මිනිස්සු බලයේ ඉන්දැද්දී මේ රට නීතියක් නැති විනයක් නැති පවුල්වාදී ජාතිවාදී නාස්තිකාර කෝලම් මඩුවක් කළා. ඒ කරපු විනාසෙට වග කිව යුත්තෝ හොයල දඬුවම් දෙන එක දින සීයම ගියත් කලයුතු වැඩක්. (නදී)
රටට ආදරය කරන මිනිසුනේ, දැන්වත් එකතු වෙයල්ලා... (නි)
දින 100 පලිගැනීමයි, තිබුන රජයෙන් ආරම්භ කළ සංවර්ධන නැවතීමයි ,රටේ ජනතාවගේ ආරක්ෂාවත් රටේ ඉදිරි ගමන ගැන කුතුහලයත් හැරුන විට වෙන දෙයක් නැත.(නදී)
සහන අයවැය, ඖෂධ පනත, සිගරට් පැකට් වල 80% ක් රූපමය අවවාද ප්‍රදර්ශනය කිරිම, චාම් උත්සව, නාස්තිය අඩුකිරිම කළෙත් මේ ටික කාලෙ නෙමෙයිද? (නි)
ගෝඨාබය රාජපක්ෂ ලංකාවේ ඉදිරි අනාගතය සදහා කර තිබෙන වැඩ කොටස වත්මන් රජයේ සිටින අයට ඉදිරියට ගෙන යාමට හැකියාවක් තිබේද ? (නදී)
මෙහි සාමාන්‍ය ජනතාවට කරුණු දෙකක් වැදගත් වෙනවා. ප්‍රභූ පන්තිය ලගට යන සාමාන්‍ය ජනතාව ලඟට ගෙන්නන නීතිය. පොලිසිය තුල ඇති බව සහ පහල ශ්‍රේණියේ පොලිස් නිලදාරියෙකුට ප්‍රභූවරයෙකුගෙන් නීතියනුකුල කටයුත්තකදී ප්‍රශ්ණ කිරීමට ඇති බියගුළු බවයි. මේවා යහ පාලනයේ ඉදිරි මග අසුරා දැමීමක් ලෙසයි දකින්නේ. (නදී)
දිල්ෂාන් ඕයා හරි. අනගාරික ධර්මපාල තුමා එදා කියපු දේ අදටත් ගැලපෙනවා. නිකන් කන්න දුන්නත් වැඩක් නැහැ යුද්ධේ තිබුනානම්. හැමදාම බෝම්බ තිබුනේ. දුෂණ 1977 ඉදලාම හොයන්න. රටක් වටිනා ජෙනරාල් කොබ්බැකඩුව මහතා නැති උන විදියත් හොයන්න. (නදී)
තව දින 55 යි. මහින්ද අවසන් කොටිය ඉවර වෙනතුරු සටන් කළා. සිරිසේන අවසන් ශ්‍රී ලංකා කාරය ඉවර වෙනතුරු සටන් කරාවි (නදී)
වෛරය සාර්ථක දින 50 පසු කළා විතරක් නම් වෙන්න එපා. ඡන්දේ දුන්නේ සුබ වෙනසකට (නදී)
ශ්‍රි ලංකා කාරයො, යුඇන්පි කාරයො කියන මානසිකත්වයෙන් මිදෙන්න බලන්න ෂෙල්ටන්. මේ රට හදා ගන්නයි ඕනේ. බෙදීමෙන් රටට තියා ගමකට පවුලකටවත් කිසිම යහපතක් නැහැ. මේ සරල සත්‍ය තේරුම් ගන්න. මෙතුමා වරදක් කරලා නැත්නම් සිංහයෙක් වගේ ඕන දේකට මුහුන දෙන්න පුළුවන්නේ. ඇයි කලබල වෙන්නේ? (නදී)
රෝයි ඔබ 100% ක් නිවැරදියි. නිතිය කාටත් සමාන විය යුතුයි. ඒකයි නිතියේ දෙවඟනගේ ඇස් බැඳලා තියෙන්නේ. නමුත් අපේ රටේ උසස් පහත් කම් අනුව එකිනෙකාට එක එක විධියට සළකන්නේ. මෙය ඉතාම වැරදි ආදර්ශයක්. දියුණු රටවල මෙහෙම නැහැ. ඒකයි ඒ රටවල් දියුණුයි කියන්නේ.(නදී)
රෝයි හරි (නදී)
රට ත්‍රස්තවාදයෙන් මුදවා ගෙනදුන් නිදහස සහ රාජපක්ෂවරුන් විනාශ කරන්න යොදන උපක්‍රම මේවා.(නදී)
දින ගණනක් සිමාවක් නැතුව අවුරුදු ගනන් වෛරය පිරිමැහුවේ පෙර පාලන සමයෙයි ෂෙල්ටන්. ඇයි ඔයාට මතක නැද්ද ෆොන්සේකා මහත්තයට කළ දේවල්. එතුමා කෙළින්ම ගියේ බන්ධනාගාර රෝහලටත් නෙමෙයි. කෙළින්ම බන්ධනාගාරයට. ඒවත් අමතක කරන්න එපා මහත්තයෝ (නදී)
ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කළෙත් ඔහුගේ පෞද්ගලික නිවසට ගිහින්ද? (නදි)
අනෝමා ඔයා කියන විදියට දුෂණ 1977 ඉදලාම හොයන්න ගියොත් වෙන වැඩක් කරනන් වෙන්නේ නැහැ. ඒ ඒ කාල වල කල දුෂණ ඊට පසු එන රජයයන් සෙවිය යුතුයි. ඇයි ඒ අය ඒක නොකළේ ? ඇයි දැන් හොයන්න කියන්නේ. පසුගිය කාලේ ටික හොයන්නත් සෑහෙන කලක් යයි. ඒ තරමට තියෙනවා. (නදී)
රට ත්‍රස්තවාදයෙන් මුදාදුන්නාට මුව නොසෑහෙන සේ ස්තුති කරමි. සෑම පුරවැසියෙකුටම සමානව සළකන රටක් අප හදාගත යුතුයි. තම තමන් අතිවිශේෂ වෙන්න උත්සාහ නොකර එයට හැමෝම දායක වෙනවා නම් නේද හොඳ? (නි)
ඇහැට පෙනි පෙනී පහුගිය කාලේ වුණ දූෂණ හොයන්න හදනකොටත් සමහරු කියනවා වෛර පිරිමහනවා කියලා. තව කොහෙද 77 ඉඳන් හොයන්න ගියොත්. (නි)
දැන් ඔය හොඳටම ඇති. දැන්වත් රටට වැඩක් ඇති දෙයක් කරන්න (නි)
ෂෙල්ටන්, නියම කතාව (නි)
මගේ නමින් ලියවී ඇත්තේ වෙන කාගේදෝ අදහසක්. ඔය කෙනා ලියපු අදහසට මගේ එකඟතාවයක් නැති නිසයි මේ ලියන්නේ. (නි)
දිල්ෂාන්, මීට කලින් ආණ්ඩුව හතර පෝයටම සිල් අරගෙනද බලයේ හිටියේ?පළිගැනීම් වුණේම නැහැනේ. (නි)
මලික්, දිල්ෂාන් කියන්නේ ඊයෙ පෙරේදා උපන් අතදරුවෙක් වෙන්න ඇති. ඒකයි ඒ. ගණන් ගන්න එපා. (නි)
මට පෙනෙන්නේ ජනපතිගේ දවස් සීයම පළි ගැනීම් සඳහා වෙන් කර ඇති බවයි. එහෙම නැතුව රටට වැඩක් කෙරෙන බවක් පෙනෙන්න නැහැ. කවදත් අපි ලෝකයේ රටවල් හිනස්සන එක නේ කරන්නේ. (අ)
තමන්ගෙ ළඟටම ඇවිල්ලා ප්‍රකාශයක් ලබාගත්තා කියන්නෙ නරක බරපතල දෙයක් නෙමෙයිනේ. මෙතුමා වරදක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නැහැ (නි)
ඇයි මේ දිල්ෂාන් වගේ කට්ටියට දරාගන්ඩ බැරි රටට හොදක් වෙනවා නම්. වැරදි කරපු, වංචා කරපු නිලදාරින්ගෙන් ප්‍රශ්න කරොත් ඒවා පලිගැනීම්, අනේ මන්දා! (නදී)
මහින්ද දිනලා තිබ්බ නම් ලංකාවේ මිනිස්සු හිගා කන්න තිබ්බා. දැන් රුපියලක් හරි අඩු කලානේ. හොඳ දෙයක් කලා නම් හොඳ කියන්න ඕනේ (නදී)
කරනකොට හොඳයි අහනකොට නරකයි, නේද ඩිල්ෂාන්? (නි)
මේක තමා යහ පාලනයක සබැ වෙනස. එය දරා ගත නොහැකි පිරිසක් ඉන්නවා. අපිත් දශකයක් බලාගෙන හිටියා. නමුත් ඒ බලකොටුව බිඳින්න යහපාලන මුගුර මට සිලුටු වැඩියි. නමුත් දැන් හිතෙනවා පෙනේ පුප්පන්න වෙලාව හරි වගේ. නැත්නම් දරමිටිය බඳින්න ගනීවි? අපිට ඕන අවංක මහජනතාවට අපි ආයිත් රැවටුන කියා නොසිතෙන ක්‍රියාදාමයක්. (නදී)
කොහොම කිව්වත් ගොඨාහය සහ සරත් ෆොන්සේකා ,මහින්ද තුන්දෙනා ජාතික වස්තු ලෙස රැක බල ගන්න ඕන.(හේ)