රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සබරගමුව සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇතැයි පොලිසිය කියයි.
මැතිවරණ සමයේ රාජ්‍ය සේවක ස්ථානමාරු තහනම් වුවත් මැතිවරණ කොමසාරිස්ගේ අවසරය ඇතිව මේ ස්ථාන මාරුව කළ බව පොලිසිය සඳහන් කරයි.
මැතිවරණ කොමසාරිස්ගේ අවසරය ගෙන තිබෙන බව කීවද මැතිවරණය ආරම්භ වීමත් සමග උසස් පොලිස් නිලධාරියකු ස්ථාන මාරු කිරීම වැරදි පූර්වාදර්ශයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
හිටපු ජනපතිගේ පවුලේ උදවිය ඇතුළු පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට එරෙහිව රහස් පොලිසිය විමර්ශන කිහිපියක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය තියනකොට කොයි කවුරුත් එකවගෙයි කියලා දැන් හිතෙනවා (නි)
අනුමානයක් නැහැ මේක සුදු වෑන් පරීක්ෂණය යට ගහන්න කරපු මගඩියක්. (ස)
මැතිවරණයක් කැඳවල තියෙද්දී මාරුවීම් කරන්න බැරිනම් මැතිවරණ කොමසාරිස් ඒවා අනුමත කරන්නේ මොකටද? ඔය සති තුන ඉන්න බැරි හරියට ලංකාවේ පොලිසිය ලෝකේ අල්ලන්න වගේ. (ස)
අගමැතිතුමා කිව්වා වගේ මේකත් එතුමාගේ අර ආණ්ඩු පෙරලීමේ ඇමරිකන් ඩිප්ලෝමා එකේ කොටසක් වෙන්න ඇති ! (ස)
මොවුන් මේ ඡන්දය දිනන්න ජඩ වැඩ, මර්දනය, නීති විරෝදී ක්‍රියා, වගේම පරදේශ න්‍යායන් උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව පේනවා. ඔවුන් හිතන් ඉන්නේ ජනතාව නිදි කියල! (ස)
මේක විහිළුවකට ගන්න දෙයක් නොවෙයි. දැන්වත් ජනාධිපතිතුමා පොලිසිය තමන් භාරයට ගතයුතුයි කියලා හිතෙනවා (නි)
ගමට මාරුවක් හදා ගන්න ඕන නම් යම්කිසි වරදක් කල යුතුය. (ස)
යහපාලනයෙන් මෙහෙම මාරු කලාම එ්ක වරදක් නෙවෙයි (නදී)
දැන් ඉතින් මේකටත් සමහරු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරාවි. (නි)
මේකට තමයි යහපාලනය කියන්නේ. (නදී)
පොලිස් ලොක්කා හොරු ආරක්ෂා කරන්න හදනවා වගෙයි (නදී)
පරණ අරක්කු අළුත් බෝතල්වල (නදී)
යහපාලන වැඩක් නේද? මිරිහානේ එකත් යට ගහන්න හැකිනේ. අැයි දන්නේ නැද්ද නාම යෝජනා දුන්නට පසු රැකියා මාරුවීම් කොපමණද දන්නවද ?(නදී)
මාරු කරනවා ඇත්තේ ඔය පළාතේ දූෂණ හොයන්න වෙන්න පුළුවන්. ඇයි මේ කට්ටිය කලබල වෙලා? ඒවා පොලීසිය බලාගනී අපි අපේ පාඩුවේ වැඩක් බලාගමු. හැම එකටම හොට දාන්නේ නැතුව. (ස)
දුමින්ද අළුත් බෝතල්වල දැම්මත් පරණ අරක්කු නිසා හොඳට වදිනවා. (ස)
මිරිහාන කේස් එකත් රහස් පොලීසියට බාරදීල නේද තියෙන්නේ. (ස)
මැතිවරණයක් කැඳවල තියෙද්දී මාරුවීම් (නදී)