විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියාවේ රැකියා දෙන බව කියා රුපියල් දස ලක්ෂ ගණන් වංචා කළැයි කියන සිද්ධියේ ඇල් මැරුණු පරීක්ෂණ ගැන දැඩි නොසතුට පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිකුරාදා වන විට පරීක්ෂණ අවසන් කරන්නැයි නියෝග කළේය.
පානදුර ඊබ්‍රහිම් පාරේ සමන්තිලක දර්ශන උද්‍යාන නොහොත් මොහොමඩ් වෂීර් කළුබෝවිල කවුඩාන පාරේ සිත්ති නසීමා නිසාම්ජීන් හා කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ වන්නිආරච්චිගේ විශ්ව තරංග ෆොන්සේකා සැකකරුවෝය.
රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ සැකකරුවනට මුදල් දුන් 49 දෙනකු වංචාවට හසුවී ඇතත් ඔවුන් සිටින තැන් සොයා ගැනීමට අපහසු බවයි. ඔවුන් සැකකරුවන්ගේ ගිණුම්වල රුපියල් නව කෝටි හැට ලක්ෂයක් තැන්පත් කර ඇතැයිද සැකකරුවන් රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් බැංකු ගිණුම්වලින් ලබාගෙන ඇතැයිද පොලිසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් ද මේ කතාව, අද පහසුවෙන් කෙනෙක්ව හොයන්න පුළුවන් කොච්චර දෙනා එකිනෙකා ගැන දන්නවද? (ර)
රුපියල් දහනම ලක්‍ෂ පනස්දාහක් ගෙවලා කොරියා යන්න තරම් අපේ අය මෝඩ අැයි. (ර)
වැරදි කරුවන්ට අනිවාර්යෙන්න්ම දඬුවම් දිය යුතුයි. (ර)
ගහේ මුල නරක වුනාම කොළ අතු රිකිලි ගැන මොන කතාද?(හේ)
දේශපාලන ඇල්ම සහ බැල්මකට දක්ෂ පොලිස් නිලධාරීන් හසු වෙලාද? (ස)