මාතර රාහුල විද්‍යාලයයේ විදුහල්පති ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලගේ මහතා පත් කිරීමට විරෝධය දක්වමින් අධ්‍යාපන අමැතිවරයා දැනුම්වත් කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
ඔහු ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයයේ විදුහල්පති සමයේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්ෂණ තවමත් අවසන්ව නැති බවත්, ආනන්ද විද්‍යාලයයේ සිසුවකුට පහර දුන් බව කියන සිද්ධියකට මාලිගාකන්ද උසාවියේ නඩුවක් පවතින බවත් ස්ටාලින් මහතා කීවේය.
විද්‍යාලයයේ අදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති ගැමුණු ද සිල්වා මහතා කීවේ අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ නිලධාරියකු ඉවත් කර අධ්‍යාපන පරිපාලන තුන් වැනි පන්තියේ නිලධාරියකු විදුහල්පති ලෙස පත් කිරීම ගැන විරෝධය පළ කරන බවයි. අලුතින් පත් කළ පුද්ගලයා චෝදනා එල්ල වී සිටි කෙනකු බව ද ඔහු කියයි.
මේ ගැන කළ විමසීමක දී අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ රාහුල විදුහල්පති ලෙස වෙලගේ මහතා පත්කිරීම ගැන තමා නොදන්නා බවයි. පත්කිරීම්වලට තමා අතපෙවීම් නොකරන බවත්, අලුතින් පත් කළ විදුහල්පතිට දක්වන විරෝධතා සම්බන්ධයෙන් සොයා බලන බවත් අධ්‍යාපන ඇමති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පති කෙනෙක් එපා කියනවා නම් ප්‍රශ්නයක් නැහැ, එහෙම කෙනෙකු නැතිව වැඩ කරගෙන යන්න. එහෙමත් බැරි නම් ඉස්කෝලේ වහලා දාන්න. ආණ්ඩුවෙන් මොනවා කෙරුවත් ලෙඩ දාන්න බලා ගත්තු ඇති පණ්ඩිතයෝ පිරිසක් රට අවුල් කරනවා වගෙයි පෙනෙන්නේ! (බ)
අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයටත් මෙවැනි දෙයක් කරන්න හදනව. වත්මන් විදුහල් පතිතුමාට ස්ථාන මාරුවක් ලබාදී, පරිපාලන ශ්‍රේණියේ 01, විදුහල්පති කෙනෙක් වෙනුවට, 1977 දී රැකියා බැංකු පත්වීමක් ලැබුවකු විදුහල්පති කරන්න උත්සාහයක් තියනව. (බ)
ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ලොකුම කළු පැල්ලම කළ විදුහල්පති තමා වෙලේගේ කියන්නේ අලුතෙන් පත්වෙලා අාව විද්‍යාලෝකේ විදුහල්පතිගේ වාහනේ කුඩු කරලා ගුරුවරු ලවා මුත්‍රා වලින් පහර දීල විද්‍යාලෝකේ නවතින්න හදපු කෙනා නේද මේ වෙලේගේ (බ)
විද්‍යාලෝකයේ ස්වර්ණමය යුගය එෆ්.වෙලේගේ විදුහල් පති යුගයි .රාහුල ප්‍රජාව බිය විය යුතුනැත එතුමා ඔබ විදුහල සුරකිනු ඇත. (බ)
මේ ඉස්කෝලවල ආදි ශිෂ්‍යයො හිතන් ඉන්නෙ මේක එයාලගෙ බූදලේ හැටියට. අධ්‍යාපනය බිඳ වැටිලා විනය පිරිහිලා.ශිෂ්‍යයො පාරවල්වල ගහගන්නවා. ඒවා නිවැරදි කරගන්න බලන්න (බ)
මෙය අකිල මැතිතුමා ගත් බුද්ධිමත් තීරණයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
අනේ මන්දා දැන් මේක විලාසිතාවක් වගේ වෙලා. රටපුරාම මේක වෙනවා වගෙයි (නි)
රාජ්‍යසේවා කොමිසන් සභාවේ අදුරදර්ශී තීරණ නිසා සිදුවූ සිදුවීම් එෆ් වෙලේගේ මහතාගේ නව පත්වීම සමග සම්බන්ද කර නොගන්න (අ)
වෙලගේ සර් හරිම දක්ෂ විදුහල්පතිවරයෙක්. කොන්දක් ඇතිව තීරණ ගන්නවා. රාහුලය හොඳට හදයි. විද්‍යාලෝකය හැදුවෙත් වෙලේගේ සර් (නි)
මේක දැන් අලුත්ම රැල්ලක් වෙලා වගෙයි (නි)
දක්ෂ විදුහල්පතිවරයෙකුට ඕනෑතැනක වැඩ කරන්න පුළුවන්. මඩ ගහන එක නවත්තලා සහයෝගය දෙමු (නි)
මේක පිටුපස ඉන්නේ කවුද කියලා මාතර කවුරුත් වගේ දන්නවා. දැන්වත් යහපාලන ආණ්ඩුව මේවා ගැන හොයලා බලලා නිවැරදි විදුහල්පතිවරු ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් දැම්මේ නැත්නම් සිසුන් දහස් ගණනකගේ ජීවිත කාලකන්නි වේවි (නි)
මාතර රාහුල විද්‍යාලයට හොඳ විදුහල්පතිවරයෙක් ලැබී තියෙනවා. ඕනෑම කෙනෙක් වැඩක් කරලා තැනක් බබළවනකොට ඒකට ඊර්ෂ්‍යා කරන අය ඉන්නවා. (නි)
ගාල්ල මහින්ද විදුහලෙත් මේ වගේ වැඩක් වුණේ. දැන් විදුහලේ තත්ත්වය ගැන අපිට දුකයි (නි)
[පත්කිරීම්වලට තමා අතපෙවීම් නොකරන බව....] අධ්‍යාපන ඇමතිතුමාගේ මේ ප්‍රකාශය ඉතාම වැදගත් එකක්. පත්කිරීම් අමාත්‍යංශ නිලධාරීන් ගේ වැඩක්.නව විදුහල්පති වරු ඉතාමත් සැලකිය යුතු වෙනවා ඒ අයගේ අතීතය ගැන.මා ඉගෙනුම ලැබූ දකුණු පළාතේ උසස් විදුහලක ගුරුවරයකුගේ දරුවෙක් තම පන්තියේ ගුරුවරයාට පහර දීමක් සම්බන්දයෙන් මේ සිසුවා පාසලෙන් නෙරපා හැරියා. මේ දරුවාගේ පියාගේ ගෝලයින් අමාත්‍යංශයේ උසස් තනතුරු හොබවමින් සිටි නිසා ඔවුන් මගින් සිය පුතා යළි විදුහලට ඇතුලත් කර ගැනීමට මේ ජනප්‍රිය ගුරුවරයාට හැකි වුණා.ඔහු යළි විදුහලට ඇතුල්වුණ දිනම ඉතාම ජනප්‍රිය එමෙන්ම උගත් විදුහල්පති ඇතුළු ආචාර්යවරුන් 6 දෙනෙක්ම ඉල්ලා ඉස්වුණා.දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත !(අ)
විද්‍යාලෝකේ හිටපු වෙලේගේ පරිපාලන සේවයේ.එතෙන්ට දැම්මේ විදුහල්පති සේවයේ කෙනෙක්. එයට තිබුනේ තව මාස 8 යි. අනෙක විනය වැටිලා තිබුණු විද්‍යාලෝකයේ විනය ඉතා හොදින් හැදුවා. එතෙක් 1 වසරට ඉල්ලුම් පත්‍ර ආවේ 300 විතර . එක 1100 දක්වා වැඩි වුනා.එහෙම හිටපු වෙලේගේ ඉවත් කිරීමට දෙමාපියන් විරුද්ද වුනා. බන්දුල විදුහල්පති ඇවිත් හිටියේ මාස 6යි. තවමත් එයාට විරුද්දව පරීක්ෂණ ඉවර නැහැ. සල්ලි ගත්තා කියල. පැන්සන් එකත් හදලා නැහැ. (බ)
රාහුලය, රෝයලට , නාලන්දාවට සහ ආනන්දයට විදුහල්පතිවරු නිර්මාණය කල රුහුණේ මහා තක්සලවයි.නොදරුවන්ට මතකයට නැගේවා. සුරියආරච්චි,ගුණපාල වික්රමරත්න සහ කිත්සිරි ලියනගමගේ සූරීන් ඒ අතර වේ. එහෙව් රටේ රෝයල්, නාලන්ද සහ ආනන්දයෙන් එන නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට රාහුලයේ දොර ඇරීමෙන් රාහුලයේ අභිමානයට වන්නේ කුමක්ද. රාහුලය ආනන්දයේ කොලනියක් නොවන වග සියල්ලෝ දත යුතුය.මෙම තීරණය ගත්තා වූ අය අධ්‍යාපනයට ගැලපෙන්නේ නැත. මීට පෙර රාහුලයේ සිටි විදුහල්පතිවරු කිසිවෙක් දරුවන්ගේ කන පලා උසාවි ගියේද නැත.ස්ථාන මාරුවක් ආ සැනින් පැමිණි නව විදුහල්පතිට වැඩ බාර දුන්නා මිසක නව විදුහල්පතිගේ වාහනය කුඩු කිරීමට උඩ ගෙඩි දුන්නේද නැත. එවැන්නෝ රාහුලයට කිසිසේත්ම ගැලපෙන්නේද නැත.(අ)
රාහුලය ගොඩ නැගුනේ බෞද්ද දානපතියන්ගේ ලෙයින් එය කිසිදා නොවසනු ඇති එය අප රැක ගන්නවා ස්ටාලින්ලා රාහුලයේ නොවේ සුදුසු කම් තිබෙනවා නම් අපි විදුහල්පති පිලිගන්නවා දැනට අධ්‍යාපනය බිඳ වැටී තිබෙනවා උසස් පෙළ පළමු තැන ලැබූ පාසලින් අද එය නොඇසේ (අ)
දැන් අධ්‍යාපන අමාත්‍යංශය පාලනය කරන්නේ ස්ටාර්ලින්ලා ද..එයාලටම ගියපු රට මේක..අද තියෙන ගොඩක් වෘත්තීය සමිති දේශපාලනීකරණයකට ලක්වෙලා..තමන්ගේ පක්ෂෙට කත් ඇද්දේ නැතොත් ඔවුන්ට විරැද්ධ වෙනවා..වෙලේගේ මහත්තයට විරැද්ධව තියෙන චෝදනා මොනවද කියලා අවංකව හිතලා බලන්න..එතුමා විද්‍යාලෝකයෙන් මාරැ කරපු වෙලාවේ සිසුන් ,ගුරැවරැ,දෙමාපියන් ,ප්‍රභූන් ,දේශපාලනඥයින් ආදී පිරිස එකතු වෙලා දැවැන්ත විරෝධතාවයක් කලා එතුමා තියා ගන්න..ඒ වෙලාවේ වුණ සිදුවීම්වලට එතුමා සම්බන්ධයි කියලා පාසලේ දියුණුව දරාගන්න බැරි කුහකයෝ පිරිසක් පැමිණිලි කලා..ඕකයි ඇත්ත..වැඩ කරන මිනිහට බොරැ චෝදනා දාලා කකුලෙන් අදින එක අද අපේ රටේ පුරැද්දක් වෙලා..වෙලේගේ මහත්තයා ගාල්ලේ මහින්දේ ඉන්නකොට..විද්‍යාලොකේ ඉන්නකොට පාසල්වලට කරපු සේවය ස්ටාර්ලින්ලා දන්නේ නෑ.හැබැයි ගාලු ප්‍රජාව දන්නවා..මාතර රාහුලයටත් ස්වර්ණමය යුගයක් උදා කරගැනීමේ අවස්ථාව උදාවෙලා..එතුමට වැඩ කරන්න ඉඩ දෙන්න..කාලය සියල්ල විසදාවි...(අ)
මේ විදියට යනකොට අධ්‍යාපන අමාත්‍යාංශයට වෙනත් නමක් දාන්න වෙයි. මොකද අධ්‍යාපනයට නොගැළපෙන දේ කරන නිසා. නැත්නම් මෙවැනි පත්වීම් කරයිද? මේ පාසලටත් දෙවියන්ගෙම පිහිටයි! (නි)
අද වනවිට පාසල්වල විදුහල්පතිවරුන් විවිධ දූෂණ ක්‍රියාවල නිරත වෙන්නේ ඔවුන්ගේ සහයට සිටින පාසල් සංවර්ධන සමිතිවල ආදී ශිෂ්‍ය සමිතිවල නිලධාරීන්ගේ සහය ඇතිවයි. විදුහල්පතිවරු මාරු කරන්න එපා කියමින් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම මෑත කාලයේ බෙහෙවින් වර්ධනය වූ බවත් නොකිවයුතු මනාය. මේවට මූලිකත්වය දෙන්නේ සහයට සිටින පාසල් සංවර්ධන සමිතිවල ආදී ශිෂ්‍ය සමිතිවල දූෂිත නිලධාරීන් බව අමුතුවෙන්ම කියන්න ඕනෑ නැහැ. (නි)
පාසලක අධ්‍යාපනය සදහා පාසලේ විනය ඉතා වැදගත්. විද්‍යාලෝකයට සිදු වූ දේ වනතුරු රාහුල ආදි ශිෂ්‍යයන් නිදා සිටින්නේද නැත. රාහුලය ගොඩගත හැකි දක්ෂ විදුහල්පතිතුමෙක් ලැබීමට රාහුල මාතාවට හැකි වේවා!!! (නි)
රාහුල විද්‍යාලයට නව විදුහල්පතිවරයෙක් පත්වීම සිදු විය යුතු දෙයක්. හිටපු විදුහල්පති තුමා ආදිශිෂ්‍ය සංගමයේ මහ පුටු දරන හොර ඇම්බැට්ටයෝ ටිකක් සමග මෙතෙක් කලක් කළ විනාශය මහත් ය.. මේ විරෝධතා අාදිශිෂ්‍ය සංගමයේ උප සභාපති දෙදෙනාගේ සහ ලේකම් වරයාගේ අනුදැනුම මත සිදුවන්නකි. මොකද අලුත් විදුහල් පති තුමෙක් පැමිණියහොත් ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් වලට බාධාවකි (බ)
දැන් මාතරටත් හරි වගේ.... (නි)
විද්‍යාලෝකේ විනය හැදුවේ වෙලේගේ සර් මාස8ක් ඉන්න ආව බන්දුල ජයසිංහ තමා විද්‍යාලෝකේ නැති කළේ. ඒ ගැන හරියට නොදැන වෙලේගේ සර්ට රාහුලේ විනය හදන්න බැහැ කියන්නේ කොහොමද එතුමා දක්ෂ පරිපාලන නිලධාරියෙක් එතුමා රාහුලේ හදාගනි. (බ)
අධ්‍යාපන අමාත්‍යාංශය වෙනම රාජ්‍යයක්. සම්මතය නැත්නම් නිසි විධික්‍රම අනුගමනය කෙරෙනවා නම් මෙවැනි දේ සිදු වෙන්නේ නැහැ. නමුත් සම්මත විධික්‍රමයන් ඉක්මවා එක එක්කෙනාගේ බලපෑම් මත සිදුවෙන දේ බොහොමයි. අත් දැකීමෙන් කියන්නේ. ඕනෑම රාජ්‍ය ආයතනයක සම්මතය ඉක්මවා පුද්ගලයා ඉස්මතු වෙනකොට එතන අවුලක්. (බ)
වෙලගෙ සර් හරිම දක්ෂ විදුහල් පතිවරයෙක් කොන්දක් ඇතිව තීරණ ගන්නවා රාහුලය හොදට හදයි (බ)
වෙලගේ ගුරුමහත්මයාගේ විනය සම්බන්ධයෙන් නම් කොළඹ බොහෝ දෙනෙක් හොදාකාරවම දන්නවා. කරපු මූල්‍ය වංචා,බලය අයුතු ලෙසෙ ප්‍රයෝජනයට ගැනීම,නීත්‍යනුකූල නොවන ලෙස සිසුන් ඇතුලත් කිරීම් ආදී බොහෝ විනයානුකුල ක්‍රියාවන් වල මොහු නිරතවූ බව කොලඹ බොහෝ දෙනාටනම් රහසක් නොවූ රහසකි.විදුහල්පති තනතුර සදහා මොහුව පත්කිරීම එම පාසලට මෙන්ම සිසුන්ටද සිදු වූ බලවත් අසාධාරනයකි. (බ)