මතුගම කළුතර පාරේ ගල්ලස්ස හංදියේ දී අද අලුයම යතුරු පැදියක් ටිපර් රියක ගැටී යතුරුපැදිකරු මියගොස් එහි පිටුපස ගමන් කළ කාන්තාවක තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මිය ගිය යතුරුපැදිකරු අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සේවකයෙකි. ඔවුහු ලෙඩකු බැලීමට රෝහලට යමින් සිහියහ.
ටිපර් රථ රියදුරු දොඩම්ගොඩ පොලිසියට භාර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ ටිපර් රථ රියදුරන් ගැන පොලිසිය මීට වඩා විමසිල්ලෙන් සිටින්න.ඔවුන් මනුෂ්‍ය ජීවිත සමඟ කාලයක සිට සෙල්ලම් කරනබව කාහටත් පැහැදිලි කරුණක්. (නි)
කළුතර නගරයේ සිට නාගොඩ දක්වා දිවෙන(පොලිස් පාසල ඉදිරියෙන්) මාර්ගයෙ තිබෙන මෙම අනතුර සිදුවු වංගුව ඉතාමත් අනාරක්ෂිතය. මාර්ගයද පටුය අනතුරු ගණනාවක් සිදු වී ඇති මෙම ස්ථානය කෙරෙහි වග කිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු ස්ථානයකි.(අ)
මිලානෝ , මට නම් මේ දොගොල්ලෝම වගේම තුන්රෝද කාරයොත් මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවා (නදී)