බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කෙරෙන සායනික අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මුතුරාජවෙල ප්‍රදේශයෙන් කැබිනට් අනුමැතිය යටතේ ඉඩමක් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
බස්නාහිර පළාත් රෝහල් හි අපද්‍රව්‍ය මෙතෙක් එකතු කරනු ලැබුයේ පෞද්ගලික සමාගමකින් වන අතර එම අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා භාවිත කළ මුල්ලේරියාව මුලික රෝහල් භූමියේ ස්ථානයක් භාවිත කළද ඊට එරෙහි වු ප්‍රදේශවාසීන් විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් මහහජන පීඩාවට පත් කරන අයුරින් රසායනික ද්‍රව්‍ය විනාශ කිරීමේ ස්ථානයක් ලෙස එය තහනම් කිරීමට අධිකරණය නියෝගයක් ලබා දී තිබු බවත් ඒ හේතුවෙන් පසුගිය දිනයන්හිදී කුණු කසල ගැටළුව තදින්ද බලපෑ බවද අමාත්‍යංශය සඳහන් කළේය.
දැනට රෝහල්වලින් එකතු කරන කුණු තාවකාලික ස්ථානවල දමා ඇති බවත් ඉදිරියේදී එම අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් බවත් තාවකාලික පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයේ එම විනාශ කිරිම් සිදු කරන බවද අමාත්‍යංශය පවසයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත් දෙවියනේ මේකට මුතුරාජවෙල හැර වෙන තැනක් ඇත්තේම නැද්ද?
හිතන්න, කල්පනාකරන්න, පුළුවන් මනුස්සයින් ඉන්න රටවල් වල... මෙවැනි අපද්‍රව්‍ය විශේෂ පෝරණුවක පුළුස්සා විනාශ කරනවා.. කවද්ද අපේ රටේ වගකිය යුත්තන් හිතන්න කල්පනා කරන්න උත්සාහ කරන්නේ ..!
ඉතා දරුණු මාරාන්තික වසංගතයකට මුල පිරීමක් .. !