IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රෝහල් වැඩ අඩාලයි : සුළුසේවකයෝ රොත්ත පිටින් ලෙඩ වෙති

වෘත්තිය සමිති 20 කට අයත් ශ්‍රේණි 22 ක කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයන් අද (30) ඉල්ලීම් පහක් මුල් කැර ගනිමින් ලෙඩ නිවාඩු දමා වර්ජනය කිරීම නිසා රෝහල් කටයුතු අඩාල විය.

වසර ගණනාවක  සිට  උසස් වීම් ද හිඟ වැටුප් ද නොලැබුණු බව ඔවුහු කියති.රෝහල්වලට රැගෙන එන අමාරු ලෙඩුන් ට්‍රොලි හා රෝද පුටුවලින් රැගෙන යාමට රෝගීන්ගේ භාරකරුවන්ටම සිදු විය.

රෝගීන්ට  රෝහලෙන් කෑම සැපයුණේ ද නැත. රෝගීනට යම් සහනයක් ලැබුණේ සිවිල් ආරක්ෂක සෙබළුන් සාමාන්‍ය ඇඳුමින් සැරසී ලෙඩුන්ගේ ආවතේව කිරීමට ඉදිරිපත් වීම නිසාය.

bimal-1 bimal02 bimal4 bimal-5 bimal6 bimal-6 bimala9

 

 

 



අදහස් (0)

රෝහල් වැඩ අඩාලයි : සුළුසේවකයෝ රොත්ත පිටින් ලෙඩ වෙති

චන්ද්‍රා Wednesday, 30 July 2014 12:34 PM

උසස්වීම්, හොඳ වැටුප් හිමිවිය යුත්තේ ඉතාමත්ම හොඳින් සේවය කරන අයටය (නි)

:       0       0

ගාමිණී Wednesday, 30 July 2014 07:40 AM

මෙදා ඡන්දෙ දෙන්නේ 5000 ක් පඩි වැඩි කලොත් විතරයි. (නදී)

:       0       0

ජිහාන් Wednesday, 30 July 2014 07:59 AM

මෙහෙම බලනකොට පඩි වැඩි කිරීම සහ උසස් වීම ලබා දිය යුත්තේ සිවිල් ආරක්ෂක සේවයේ උදවියට. ඒ කට්ටිය නිහඬ සේවයක් කරනවා. (අ)

:       0       0

ලංකා තිලක් Wednesday, 30 July 2014 08:21 AM

ලොක්ක ඉස්පිරිතාලේ ඉදල සනීපෙන් ගෙදර යන කොට මට ඕක හිතුන..ලොක්කට අවුලක් නැතුව වැඩේ හරියට වෙන එක නයාට අදු කොළ වගේනේ.ගිය ගමන් ඔය සමිති ටිකට කියන්න ඇති බොලා මොකද කරන්නේ..අන්න අරහේ වැඩේ හරියට යනවා..ලෙඩ්ඩුන්ට බේත් ටික වැටෙනවා..මෙහෙම කොහොමද කරන්නේ..අපි කොහොමද දේශපාලනේ කරන්නේ..වහාම වර්ජනයක් කරපියව් කියල..(අ)

:       0       0

සමිත් Wednesday, 30 July 2014 08:25 AM

මම අද ගියා රාගම රෝහලලේ තිබුන සායනයකට බෙහෙත් ගන්න .වෙනදාට වඩා සේරම වඩාත් හොඳට කෙරෙනවා දැක්ක .වෙනද වගේ කච පච ගාන්න කවුරුවත් හිටියෙත් නැහැ. හැමෝම පුදුම සංවර කමකින් හැසිරුනා. අනේ මෙයාල හැමදාම වර්ජනය කලානම් කියල මට හිතුන.(අ) .

:       0       0

අප්පුහාමි Thursday, 31 July 2014 06:48 AM

පෞද්ගලික රෝහල්වල නම් මේ සෙල්ලම් බෑ (දිල්)

:       0       0

මාලි Wednesday, 30 July 2014 08:48 AM

ලංකා තිලක් මසුරන් කතාව (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 30 July 2014 08:48 AM

ලංකා තිලක් ඔබ සම්පුර්ණයෙන්ම හරි. එයාලගේ බලාපොරොත්තුව සැම තැනම අවුල. (නදී)

:       0       0

නාමල් Wednesday, 30 July 2014 04:03 PM

කෝ අර පාදෙණිය දොස්තර කෙනෙකුට ගහල දොස්තරලා පාදෙණියට ගහල කියන නිව්ස් එක මේකේ නැහැනේ.(අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 30 July 2014 09:26 AM

දැන් වර්ජනය තව දික් කරාවි රොහල් හමුදාකරණය කිරීම නවත්වව් කියලා.තව කොටසක් හමුදාවට ගිය කල කියලා කිඹුල් කදුළු සලාවි.ලොක්කා ටිකට් කපපු ගමන් ඕඩරය දීලා වගේ.(අ)

:       0       0

ලංකා තිලක් Wednesday, 30 July 2014 05:26 PM

විරාජ් මහත්තයාගේ අනුකම්පාවට ස්තුතියි ..හැබැයි ඉතින් මෙහෙ කව්රුත් කැස්සට හෙම්බිරිස්සාවට සිංගප්පුරු යන්නේනම් නැහැ මේ ඕන තරම් සියලු පහසුකම් සහිත පුද්ගලික රෝහල් තියෙද්දී..අනෙක හදිසි අනතුරකදී කාවවත් පුද්ගලික රෝහල් වලට ගෙනියන්නෙත් නැහැ ඒවාට බාර ගන්නෙත් නැහැ..හදිසි අනතුරකදී ඕන ලොක්කෙක් හදිසි අනතුරු වාටුවේ තමයි මුලින්ම..ඊට පස්සේ තමයි වෙනත් දෙයක් උනොත් වෙන්නේ..විරාජ් මේ ලොක්ක ඉස්පිරිතාලේ ගිය එකත් විකුණා ගන්න හදනවා.ස්ට්‍රයික් වෙලාවක ගෙනිච්චනම් ලෙඩ්ඩු ගහල පන්නනවා (අ)

:       0       0

ප්‍රියාන් Wednesday, 30 July 2014 09:39 AM

පෙරේරාගේ මල්ලිද අයියද ලංකා තිලක් කියන්නේ? එයත් අරයට දෙවෙනි නැහැ. හොඳට විහිළු සපයනවා අපිට. ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ කව්ද මේ දෙන්න එක්ක බැලුවම. (අ)

:       0       0

බණ්ඩාර Wednesday, 30 July 2014 06:25 PM

අපේ අලුත් නායක තුමා මාර ගේම් නේ දෙන්නේ..ඇවිත් බෙහෙත් අරන් මෙහෙම නම් ලොකු ඔපෙරේෂන් එකක් කරගත්තනම් කොහොම තියේවිද. (අ)

:       0       0

විරාජ් Wednesday, 30 July 2014 10:35 AM

ලංකා තිලක් කියන පුද්ගලයා පිළිබද අනුකම්පා කරන්න ඕන තවමත් යථාර්තය අවබෝධ නොවීම ගැන , මෙහෙ ලොක්කෝ කැස්සක් හෙම්බිරිස්සවටත් යන්නේ සිංගප්පුරු ,(අ)

:       0       0

උපුල් කුමාර Friday, 01 August 2014 07:43 AM

මේ අයගේ අඹුදරුවන්ටත් මේවා ඵලදේවි (නදී)

:       0       0

අමාලි Thursday, 31 July 2014 03:53 AM

අහිංසක දුප්පත් ලෙඩුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන එක කොහොමත් සුළු වැඩ තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site