නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ආචාර්ය රොහාන් පෙරේරා සිය ධූරයේ අද (20) වැඩ භාරගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා සිතැඟි නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බව ඔහු එසැණ සමග ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිවාදියකු ලෙස නොව ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ඇති කිරීමේ කටයුත්තෙහි වැදගත් කොටස්කරුවකු ලෙස ශ්‍රී ලංකා රජය සලකන බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු මුළු සංවිධානය සමගම තමා සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.
ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශාරදයකුවන ආචාර්ය රොහාන් පෙරේරා වසර තිහකට අධික කාලයක් තිස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති උපෙද්ශක වශයෙන් කටයුතු කර ඇත. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයකු වූ පෙරේරා මහතා දැනට ත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපතීත්වයද උසුලයි.
නීතිය පිළිබඳව පොත්පත් සහ ලිපි ලේඛන රැසක් ලියා පළකොට ඇති ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබේ ළමය නොදන්නා දේවල් වලට කට දාන්න එපා .(ස)
ජහා පාලනය .(ස)
අරමුණු ගැන කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා යමක් කරන්න හැකියාවක් හා අවංක උවමනාවක් තිබෙන වැදගත් පුද්ගලයෙක් කියො. අවශ්‍යවන්නේ එතුමා ගැන සැක පහළකිරීමක් නොව ඒ මහතාට යහපත් වැඩක් කරන්න ආශිර්වාද කිරීමයි. (නි)
යහ පාලනයේ ඉතාම හොඳ තනතුරු පිරිනැමීමක් . සුදුස්සෙක් සුදුසු තැනකට පත් කිරීමක් . (ර)
අපි සතුටු වෙනවා මෙවැනි නිවැරදි සුදුස්සන් පත්කිරීමට තීරණ කිරීම රටටම යහපතක් කරන කිරීමට දක්ෂතා ඇති අවන්ක නිලධාරියෙක් . අපේ සුබ පැතුම් .(අ)
ඇයි මේ පටන්ගන්නකොටම කට්ටිය කලබලවෙලා?උගත්කම,සුදුසුකම,පළපුරුද්ද හා හැකියාව ඇති අය පත්වන දුකටද? නැත්නම් කුහකකමටද? (නි)
අබේට ගෙදර ඉන්න තමුන්ගේ කට්ටිය ගැනවත් විශ්වාසයක් තියෙනවද...? (නි)
ජි එල් ට වඩා නීතිය දන්නා කෙනෙක් ඉන්නවද? (ස)
මෙතුමා ජාත්‍යන්තර නීතිය පිළිබඳව විශාරදයෙක් වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පිළිගත් බුද්ධිමතෙක්. මෙය ඉතා හොඳ පත්කිරීමක්.එතුමාට සුභපැතුම්. (නි)
ශ්රී ලංකා නීති වෘත්තීය ඉතිහාසයේ පළමු ජනාධිපති නීතීඥ යුවල ලෙස මෙතුමා සහ බිරිඳ (තෙරේස රාජකුමාරි පෙරේරා) වාර්තාවක් තබා ඇත. (ස)
ඔක්කම එන්නේ ඔහොම කියාගෙන . අපිට ඔය කතා අහල එපා වෙලා තියෙන්නේ (ස)