IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රොහාන් පෙරේරා ජගත් සමුළුවේ වැඩ බාරගනී

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ආචාර්ය රොහාන් පෙරේරා සිය ධූරයේ අද (20) වැඩ භාරගත්තේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා සිතැඟි නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බව ඔහු එසැණ සමග ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිවාදියකු ලෙස නොව ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ඇති කිරීමේ කටයුත්තෙහි වැදගත් කොටස්කරුවකු ලෙස ශ්‍රී ලංකා රජය සලකන බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු මුළු සංවිධානය සමගම තමා සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශාරදයකුවන ආචාර්ය රොහාන් පෙරේරා වසර තිහකට අධික කාලයක් තිස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති උපෙද්ශක වශයෙන් කටයුතු කර ඇත. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයකු වූ පෙරේරා මහතා දැනට ත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපතීත්වයද උසුලයි.

නීතිය පිළිබඳව පොත්පත් සහ ලිපි ලේඛන රැසක් ලියා පළකොට ඇති ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.

web

 



අදහස් (0)

රොහාන් පෙරේරා ජගත් සමුළුවේ වැඩ බාරගනී

සුනිල් Tuesday, 21 April 2015 06:57 PM

අබේ ළමය නොදන්නා දේවල් වලට කට දාන්න එපා .(ස)

:       0       0

ප්‍රනාන්දු පැරිස් සිට Tuesday, 21 April 2015 09:16 PM

ජහා පාලනය .(ස)

:       0       0

සත්‍යයා Wednesday, 22 April 2015 03:02 AM

අරමුණු ගැන කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා යමක් කරන්න හැකියාවක් හා අවංක උවමනාවක් තිබෙන වැදගත් පුද්ගලයෙක් කියො. අවශ්‍යවන්නේ එතුමා ගැන සැක පහළකිරීමක් නොව ඒ මහතාට යහපත් වැඩක් කරන්න ආශිර්වාද කිරීමයි. (නි)

:       0       0

ලාල් Tuesday, 21 April 2015 12:21 PM

යහ පාලනයේ ඉතාම හොඳ තනතුරු පිරිනැමීමක් . සුදුස්සෙක් සුදුසු තැනකට පත් කිරීමක් . (ර)

:       0       0

දයා Tuesday, 21 April 2015 01:02 PM

අපි සතුටු වෙනවා මෙවැනි නිවැරදි සුදුස්සන් පත්කිරීමට තීරණ කිරීම රටටම යහපතක් කරන කිරීමට දක්ෂතා ඇති අවන්ක නිලධාරියෙක් . අපේ සුබ පැතුම් .(අ)

:       0       0

සත්‍යපාල Wednesday, 22 April 2015 04:12 AM

ඇයි මේ පටන්ගන්නකොටම කට්ටිය කලබලවෙලා?උගත්කම,සුදුසුකම,පළපුරුද්ද හා හැකියාව ඇති අය පත්වන දුකටද? නැත්නම් කුහකකමටද? (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 22 April 2015 04:17 AM

අබේට ගෙදර ඉන්න තමුන්ගේ කට්ටිය ගැනවත් විශ්වාසයක් තියෙනවද...? (නි)

:       0       0

කර්තිනි Wednesday, 22 April 2015 04:21 AM

ජි එල් ට වඩා නීතිය දන්නා කෙනෙක් ඉන්නවද? (ස)

:       0       0

උපුල් Wednesday, 22 April 2015 05:12 AM

මෙතුමා ජාත්‍යන්තර නීතිය පිළිබඳව විශාරදයෙක් වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පිළිගත් බුද්ධිමතෙක්. මෙය ඉතා හොඳ පත්කිරීමක්.එතුමාට සුභපැතුම්. (නි)

:       0       0

සිරි Tuesday, 21 April 2015 04:52 PM

ශ්‍රී ලංකා නීති වෘත්තීය ඉතිහාසයේ පළමු ජනාධිපති නීතීඥ යුවල ලෙස මෙතුමා සහ බිරිඳ (තෙරේස රාජකුමාරි පෙරේරා) වාර්තාවක් තබා ඇත. (ස)

:       0       0

අබේ- ටෝක්යෝ Tuesday, 21 April 2015 05:19 PM

ඔක්කම එන්නේ ඔහොම කියාගෙන . අපිට ඔය කතා අහල එපා වෙලා තියෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site