අතීතයේ බුදුන් දවස රහතන් වහන්සේලා වැඩසිටි කන්නේරි ගල් ගුහා 109 පිළිබඳව ලංකාදීප පලකළ වාර්තාවත් සමග ශ්‍රී ලාංකික සංචාරකයින් පෙරට වඩා වැඩි පිරිසක් එම පුජනිය ස්ථානය දැකබලා ගැනීමට පැමිණෙන බව එහි පාලකයෝ පැවැසූහ.
ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමඟ අප නැවත වතාවක් රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ කන්නේරි ගල් ගුහා වෙත ගියෙමු. ගල් ගුහා 109 අතර අතීතයේ රහතන් වහන්සේලා එක්කාසුවී ධර්ම සාකච්ඡා කළ විශාල ගල් ගුහා තුනකි. කදු මුදුනේ ඇති ධර්මශාලාව වෙත අප ලඟා වනවිට ඒ තුලින් මිහිරි බටනලා හඩක් ඇසුණි. ගල් පඩිය මත මනාව හිදගත් තරුණයෙක් මිහිරි ලෙස බටනලාව වයයි. කැමරාවේ ඇති සීමිත මතක ධාරිතාවෙන් උපරිම ප්‍රයෝජන ගත් අප තත්පර කිහිපයක් එම සුන්දර දසුන වීඩියෝ ගත කළේය.
මගේ නම ඉවාන් වන්දෙමිත්. මම බ්‍රසීලයේ ඉදලා ඉන්දියාවට ආවේ සාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න. මම මුලින්ම ඉගෙනගත් සංගීත භාණ්ඩය බටනලාවයි. මම ප්‍රසිද්ධියේ බටනලාව වාදනය කරලා නැහැ. කිලෝමීටර් ගානක් දුරගෙවාගෙන කන්නේරි ගල් ගුහා වෙත ආවේ ප්‍රථම වතාවට මම ඉගෙනගත් දේ එලියට දාන්න. මම බුදු දහමට ආසයි. අතීතයේ රහතන් වහන්සේලාගේ මඳුර ස්වර මේ ගල් බිත්ති තුල තාම ඇති. මම ඉගෙන ගන්න හැම ශාස්ත්‍රීය සංගීත භාණ්ඩයක්ම වයන්න මම මෙතැනට එනවා. බටනලා වාදනය මදකට නවත්තපු ඉවාන් අප සමග එසේ පැවසිය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රහතුන් වැඩසිටි කන්දට සංගීතයෙන් පිදුම්
සුදත් Monday, 29 December 2014 06:56 AM
මේක කොහෙද තියෙන්නේ ? (නදී)
සුජීව Monday, 29 December 2014 05:02 PM
මේ කලා කරුවාට තෙරුවන් සරණින් ඔහුගේ හැකියාවන් වැඩි දීයුණු වේවා කියා පතමු (නදී)
නිරාන් Monday, 29 December 2014 08:04 AM
හරිම අගෙයි.ඒ වගේම සතුටුයි.(හේ)
සිල්වා Monday, 29 December 2014 08:54 AM
හරිම අගෙයි. කන්නේරි ගල්ගුහා තියෙන්නේ කොහේද?(නදී)
අනුර Monday, 29 December 2014 09:11 AM
මෙතැනට යන්න පාරේ සිතියමක් පළකරන්නේ නම් මැනවි (නදී)
ලලාන් Monday, 29 December 2014 11:29 PM
හොඳ ලිපියක් (නි)
හේමන්ත Monday, 29 December 2014 11:58 AM
අපේ රටේ බෞද්ධ කළා කරුවන්ට මොහුගෙන් ඉගෙන ගත යුතු බොහෝ දේ ඇත. (ර)
රජින්ද Monday, 29 December 2014 01:20 PM
මේ තරුණයාගේ ශ්‍රද්ධාව මෙවන් කෘතගුණ දැක්වීමෙන්ම පිළිඹිබු වේ. වාර්තාකරණයට තුති.(හේ)
චමි Tuesday, 30 December 2014 05:41 AM
අපේ අයට අපේ දේ අගේ නැති උනාට පිට රැටියන් ඒවායේ වටිනාකම දන්නවා අපි අනුන්ගේ විලම්බීත පස්සේ දුවනවා. (ර)