වංශකතා ගත සාධකවලට අනුව රහතන් වහන්සේලා දොළොස්දහසක් වැඩසිටි සිතුල්පව්ව රජමහා විහාර භූමියේ කැණීමෙන් මහල් සහිත ආවාස ගෘහයක නටඹුන් මතුවේ....
මෙහි ඉතිහාසය දෙවන පෑතිස් රජ දවස දක්වා දිවයයි.
මහාවංශයේ සඳහන් වන පරිදි ක‍්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේ දී වසභ රජු විසින් සිතුල්පව්ව ප‍්‍රධාන පර්වතයේ ස්ථූප 10ක් ඉදිකර ඇත.
එම මූලාශ‍්‍රගත සාධක තහවුරු කරමින් වර්තමානය වන විට ප‍්‍රධාන ස්ථූපය ඇතුළු ස්ථූප 7ක පමණ සාධක අනාවරණය කරගෙන ඇත.
ඊට අමතරව පූර්ව බ‍්‍රාහ්මී ලිපි සහිත ලෙන් විශාල සංඛාවක් හා ගොඩනැගිලි විශාල ප‍්‍රමාණයක සාධක මෙම ආරාම සංකීර්ණය පුරා විසිරී පවතී.
ඒ අතර පිළිමගෙය බෝධිඝරය උපෝසථඝරය හා ප‍්‍රධාන ලෙන් වැදගත් වේ. එසේම මතුකර නොගත් නටඹුන් රාශියක් විහාර භූමියට අයත් වනය තුළ තවමත් විසිරී පවතී.
මෙකී නටබුන් අතරින් සිතුල්පව්ව ආරාම සංකීර්ණයේ අයිමර නම් ලෙන අසල පිහිටි නටඹුන් ගොඩනැගිල්ලක් පාදා ගැනීමේ කැණීම් කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාල විසින් ඇරඹිණි.
එහිදී ක‍්‍රිස්තු වර්ෂ පළමුවන හා දෙවන සියවසට පමණ අයත් විය හැකි ඉදිකිරීම් ලක්‍ෂණ සහිත නටඹුන් ගොඩනැගිල්ලක් පාදාගෙන ඇත. දැනට අනාවරණය වී ඇති සාධක වලට අනුව මෙය මහල් කිහිපයකින් යුත් ආවාස ගෘහයක් විය හැකි බව කැණීම් ව්‍යාපෘතියේ ස්ථානභාර නිලධාරී පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා පවසයි.
එසේම මීටර් 13 . 5 ක් දිගින් හා මීටර් 11 ක් පළලින් යුත් මෙම ගොඩනැගිල්ල සිතුල්පව්ව ආරාම සංකීර්ණයට අයත් පැරණි ගොඩනැගිලි අතරින් එකක් බව ද ඒ මහතා පැවසීය.
මීට අමතරව රන් ආලේපිත මැටි බ`දුන් කැබලි විවිධ වර්ණයන්ගෙන් යුත් මැටි බ`දුන් කැබලි පැරණි පෙති උළු පැරණි කාසි හා පැරණි යකඩ ඇණ ආදිය ද මෙම ගොඩනැගිල්ල පාදා ගැනීමේ කටයුතු අතරතුර දී අනාවරණය කරගෙන ඇත. රන් ආලේපිත මැටි බ`දුන් ලංකාවෙන් හමු වී ඇති ප‍්‍රථම අවස්ථාව මෙයයි. කැණීම් කටයුතු අවසන් වූ වහාම මෙම ගොඩනැගිල්ල සංරක්‍ෂණය කිරීමට ද නියමිතයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර දිග මනින්න දාල තියන රූලත් ඒ කාලෙ එකක්ද? ()
ගයනි,කොටි සිතුල් පව්වේ ගැවසෙන කාලේ හමුදාවෙන් ත්‍රස්ත වාදියෙක් සිතා වෙඩි තිබ්බත් නොවැදුණු එක ගැන ලිපිය ලංකාදීප පුවත් පතේ එම කාලයේ පළවී තිබුණා.එය නැවත පළ කරන්න අපි ඉල්ලා සිටිමු (දිල්)
අපි ඉතිහාසය ගැන මෙතරම් උනන්දුයි එත් වර්තමානය ගැන සැලකිල්ලක් නැහැ නේද ? භික්ෂුන් වහන්සේලා කියාගන්න උදවිය වශී ගුරු කම් කරනවා, පේන බලනව, නිධන් හාරනවා. ළමයින් පැහැරගෙන යනවා බිලිඳුන් බිල්ලට සුදානම් කරනවා. මේ දේවල් දැක දැකත්, අකැප දේවල් සිද්ධ වෙනවා දැන දැනත් මහනායක හිමිවරුත් නිහඬයි. මෙහෙම ගියොත් අපිට කෙසේ වෙතත්, අනාගතයේ අයට හාරලා බලා මතු කර ගන්නවත් මේ කාලයෙන් යමක් ඉතිරි වෙන එකක් නැහැ. (ර)
ගම්ඇති මහත්මයා අසා ඇති නිසයි මෙය ලියන්නේ. 'දෙවන පෑතිස්' යනු 'දේවානම් පියතිස්ස' යන නම කෙටියෙන් හැඳින්වීමක් පමණයි. දෙවන ස්ථානය සඳහන් කිරීමක් නොවෙයි. (ර)
මේ පුරාවස්තු ආරක්ෂා සහිතව තැබේවී යයි සිතනවා. හෙට අනිද්දා වෙනකොට කාගේ හරි බංගලාවක නවතීද දන්නේ නැහැ. (නදී)
එදා සිතුල් පව්වේ පමණක් රහතුන් 12000ක් වැඩ සිටියා. අද සංඝයා 36000 ක් ලංකාවේ ඉන්නවා. නමුත් සිල්වත් අය ඉන්නේ කීදෙනාද? මල්වත්තේ හාමුදුරුවන්ගෙන් වත් අහල බලමු. (නදී)
මේ ලෝකේ අද පවතින දේවල් තව අවුරුදු 1000 ක් 2000 ක් යද්දී නටඹුන් වශයෙන් මේ විදිහට අනාගත පරපුරට දැකගන්න පුළුවන් වේවි කැනීම් කරද්දී. (නදී)
එතකොට දුටු ගැමුණු රජුගේ කඩුව ? (නදී)
පුරා වස්තුන්වලින් නම් වැඩක් නැහැ හරි හමන් බික්ෂුන් වහන්සේලා නැති නම් (බ)
අය්යෝ පව් නිදන් හොරුන්ට වැඩක් නැහැ වගේ. රහතන් වහන්සේලා ලග වස්තුව තිබුනේ නැහැනේ නිදන් කරන්න. (බ)
නියමයි නේද? (ර)
මේ ගැන වැඩිය ප්‍රසිද්ද කරන්න හොඳ නැහැ මොකද අරයගෙ පුතා දන ගත්තොත් හමුදා ආරක්ෂාව ඇතුව ඔක්කොම සුද්ද කර ගෙනයයි. (බ)
මෙහි බුදු පිළිම හෝ වෙනයම් බෞද්ධාගමික සංකේත හමුවී තිබේද? (නි)
පුරාණේ හිටපු රහතන් වහන්සේලාටත් දැන් වෙන අකටුතුකම් දකින්ඩ පවු මදි ඇති. (නදී)
ගයන් ඔබ හරි. දැන් ඉන්න අයට මොන ඔල්මාදේ හැදිලද කියල දෙයියෝ තමයි දන්නේ (නදී)
සිතුල්පව්ව වනාන්තරයේ සිටින ඊශ්‍රායල් ජාතික රහතන් වහන්සේ දැකීම හරිම දුෂ්කරයි (නි)
තවත් සාධකයක් මතුවේ.(හේ)
තමන් රහත් නම් ඒ බව තමන්ගේ හැසිරීමෙන්ම ප්‍රඥාවන්තයන්ට දැනෙන බව මා අසා තිබෙනවා (නි)
මහා නායක හිමිවරුත් බුදුන්ගේ ධර්මයට පිටින් යමින් කුල මල කරගහගෙන ඉන්නේ . නිවන් මාර්ගයේ යනවට වැඩිය දේවල් දැන් හාමුදුරුවන්ට කරන්න තියෙනවනේ.(බ)
මෙය ඉතා හොඳ සොයාගැනීමක් (නි)
ආඩම්බර විය හැකි ඉතිහාසයක් අපට තියෙනවා.(හේ)
නිහාල් මහතා, කරුණාකර අපිටත් දැනගන්න විස්තර කියන්නකෝ. ඊශ්‍රායල් ජාතික රහත් නමක් වැඩවසනවාද සිතුල්පව්වේ? (නි)
මම භානුගේ කතාවට බෞද්ධයෙක් ලෙස එකඟයි. නමුත් භික්ෂුන් පිලිබඳව දොස් දකින ගොඩ දෙනෙක් මේ රටේ පවතින අන්‍ය ආගමික නියෝජිතයන් දකින්නේ දේවදුතයන් හෝ ශාන්තුවරයන් විදියටද? ඔවුන් අතරෙත් අඩුපාඩු ඇතැම්විට සමාව දිය නොහැකි වැරදි පවා තිබෙනවා. ඇතැමුන් පාතාලේ. ඇතැමුන් කොටි ඒජන්තවරු. නමුත් එම ආගමික බැතිමතුන් ඔවුන්ගේ වැරදි සුක්ෂම ලෙස වසා තබනවා. පහසුවෙන් මාධ්‍යයන්ට හෙලිවෙන්න දෙන්නේ නැහැ. මදක් මේ ගැනත් සිතා බලන්න. (නදී)
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් වැරදි කරපු හාමුදුරු වරු හිටියා. බුදු හාමුදුරුවන්ට භික්ෂුන් උදෙසා නීති පනවන්න සිදුවුනේ ඒ නිසා. ප්‍රතිමෝක්ෂයේ තියෙන හැම නීතියක්ම පනවල තියෙන්නේ හාමුදුරු කෙනෙක් කරපු වැරැද්දක් නිසා. හාමුදුරුවරු විතරක් නෙවෙයි කවුරු කළත් වැරැද්ද වැරද්ද මයි. හාමුදුරුවරු වැරද්දකට හසු වූවිට එය උලුප්පා දැක්වීම සමාජයේ හැටි. අනෙක සිවුරු දාගෙන වැරදිවලට අහුවෙන හැම කෙනෙක්ම හාමුදුරු කෙනෙක් ලෙසට දැකීම වැරදියි. (නදී)
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේගේ බුදු සසුන වසර 5000 ක් පවතිනවා . එයින් අඩක් දැනට ගෙවී අවසන්. එමෙන්ම රත්නත්‍රය සහ දෙවියන් අදහන්නේ නැති කලියුගයක් උදාවන බව ද සදහන්. එවැනි කලෙක ත්‍රිවිධ රත්නයට හිමිවිය යුතු ,ගෞරවය හිස් ,පුහු දේවල් සදහා ලැබෙනවා දකින්ට හැකිවේවි. එවැනි යුගයක දැකිය හැකි පිරිහීමේ ලක්ෂණ දැනට අප සතර අතින් දකිනවා නොවේද ? වසර 5000 ක් ගතවන තැන ලොව පවතින සියලුම ,අප වන්ධනාමාන කරන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ශ්‍රී මහා බෝධිය ඉහල අහසට රැස්වී බුදුරුවක් මවා අතුරුදන් වන බව සදහන්. සංගරත්නය විවේචනය හොද දෙයක් නොවේ. නමුත් සෑම අංශයකම දකින පිරිහීමේ ලකුණු කලියුගයක් උදා වෙමින් තියෙන බවට සාධකයි. (නදී)
ලංකාවේ කොහේ හෑරුවත් ලැබෙන්නේ බෞද්ධ නටබුන්. ඕක සමහරුන්ට කාල ඉන්න බැරි වැඩක් (නදී)
ඒ කාලයේ රහතන් වහන්සේලා 12000 හිටියා කියනකොට හැමෝම සාදුකාර දෙනවා. ඒ උනාට අපේ අයගේ කුහකකම කියෙන්නේ අර දැන් කාලෙ එක හාමුදුරු නමක් තමන් රහත් භාවය අවබෝධ කර ගත්ත කියල ප්‍රකාශ කරහම හැමෝම ඒ හාමුදුරුවන්ට අගෞරව කරනවා. එහෙම කොහොමද කියනවා එයාට පිස්සු කියනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මම අහන්නේ ඇයි දැන් කාලෙ අපිට ඒවා බැරි කියල කියන හේතුව මොකක්ද ? (නදී)
අපි උගත් යතිවරයාණන් වහන්සේලාගෙන් සහ බෞද්ධ පොත පත ඇසුරින් අසා දැන තිබෙන්නේ නම් , මාර්ගපල ලාභින් ඒ බව ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන බවයි. (නදී)
අපේ රජවරුන්ගේ දස්කම් තමා. (ර)
අදටත් පින්වත් රහතන් වහන්සේලා වැඩ සිටිනවා. කියන්න සතුටුයි ඝණ වනාන්තරවල ගල් ලෙන්වල වාසය කරන්නේ. ඒ අය සැප සම්පත් අතහැරපු නිසා පන්සල්වල සම්පත් විඳින්න අකමැති. එවන් රහතුන් වැඩ උන් ඉස්ථානයක් දැකගන්නත් වාසනාවක් තිබෙන්න ඕනේ. (ර)
අමා සහ රුකී, කියපු දේ ඇත්ත. තාමත් ලංකාවේ රහතුන් වහන්සේලා ඉන්නවා. ඔවුන් කිය කිය යන්නේ නැහැ. අනික මේ පන්සල් වල ඉන්න හාමුදුරුවරුන්ට අකැප දේවල් පුජ කරලා ඔවුන්ට ආශාවන් ඇතිකරන්නෙත් අපිම නේද? අන්න ඒ වරද අපි හදා ගත්තොත් හමුරුවරුන්ටත් සසර ගමන කෙටිකරගන්න ලැබේවි. මොකද ඔවුනුත් තවම පෘතග්ජන මිනිසුන් නිසා. (ර)
රහත් ඵලය ලැබූ සංඝයා වහන්සේ නමක් යනු සියලු කෙලෙස් වලින් මිදුනාවූ කෙනෙක් යැයි දහමෙහි සඳහන් වෙයි. එවිට තමන් එම ඵලය ලැබූ බව ශබ්ද විකාශන යොදා, තමාගේ නම සමාජය තුල ඉහලට ඔසවා ගැනීමේ අරමුණින් අනුන් හට කියාගෙන යාමට තරම් සිතක් පහළ වීමට කෙසේ වත් ඉඩක් තිබිය නොහැකිය. එසේ කරන කෙනෙක් වේ නම් එයින්ම එවැනි උතුම් ඵලයක් ලබා නොමැති බව තහවුරු වෙයි. (ර)
මම ඉතිහාසය ගැන වැඩි දැනීමක් නැතිනිසා මෙය අහන්නේ. මෙහි සඳහන් වෙනවා දෙවන පෑතිස් රජු ගැන. පළමුවන පෑතිස් කියලත් ලංකාවේ රජකෙනෙක් ඉඳලා තියනවද? (ර)