
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය
එමෙන්ම එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය
ඇය මෙම අදහස් පළකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය
2011/2012 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම ක්‍රියාත්මක කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ 2012.05.23 දින. 2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානකගේ මුට්ටිය දාලා බැලිම කොහොමද?
එහෙනම් මොකටද එදා මම යවන රොකට් එකක් ගැන පොර ටෝක් දුන්නේ, මමයි මේ රටේ ඉන්න එකම අභ්‍යවකාශ විද්‍යාඥයා කියල, අනුන්ගේ රොකට් එකක් තමන් යවනවා වගේ හිටියේ, මේකට සල්ලි දුන්නේ කව්ද?, ඒවා රාජපක්ෂ බූදලයේ සල්ලිද? අගමැතිතුමියට කොළේ වහල ඒකයි වෙලා ඇත්තෙ.
ඇත්ත කිව්වම අගමැතිත් වැරදියිලු. තාමත් කෙඳිරිගාන ඩෝබිලා, හිතනවට වඩා ඉක්මනට වඳ වෙලා යයි.
අපේම නයි අපිවම කයි.
එතකොට සල්ලි කොහෙන්ද?
මේක යවලා තියෙන්නේ වෙනත් සමාගමක්. ඒ අයගේ බිස්නස් එකක් විදිහට. මේ වැඩේට අවසර ගන්න. රජයේ කාර්යාලයට ආවම මහින්ද කියන්න ඇති. අනේ අපේ පොඩි එකත් මෙවට ආසයි එයත් ඕකට හවුල් කරගන්න කියලා. රෝහිතයා ඉතින් මිනිහා යැවුවා වගේ ඕක කියන්න ඇති.
මේ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ ඇමැතිතුමා අද පාර්ලිමේන්තුවේ කරපු හෙළිදරව්ව අනුව මට පෙනෙන විදිහට මෙතැන වෙලා තියෙන්නේ රොකට් රෝහිතයා ගේමක් ගහලා ශ්‍රී ලංකාව රජයට චන්ද්‍රිකාවක් යැවීමට ඇති අයිතිය පුද්ගලික සමාගමකට විකුණලා බිලියන ගාණක් අත යටින් ගත්තු එක. කොහොම නමුත් අගමැතිනියට BOI එකෙන් දීලා තියෙන්නේ වැරැදි තොරතුරු...
චිතීගේ රොකට් එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රොකට් එකක් යවන්න එයාට රස්සාවක් නොකර සල්ලි කොහොමද හම්බවුනේ කියන එක...
රටටම ඇරපු අයට මොනවා කියන්න බැරිද?
ඇත්තම කියනවා නම්, මට නම් මේකේ අගක් මුලක් තේරෙන්නේ නැහැ.. අගමැති තුමිය එකක් කියනවා, ආණ්ඩුවේ ඇමැති කෙනෙක් තව එකක් කියනවා.. මීට කාලයකට කලින් මේ රොකට් එකට ලංකා රජයෙන් ඩොලර් මිලියන තුන්සීයක් වැය වුණා කියලා විපක්ෂ නායකතුමාත් කියලා තියනවා.. මේක බොරුවක් නම්, ඒ බොරුව සමාජගත කිරීමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කොහොමත් මේ ලංකාවේ අසමත්ජාති අවලම් තක්කඩි කියන කිසිවක් විශ්වාස කරන්න නම් බැහැ.. (රාජ්‍ය නිලධාරීනුත් ඇතුළුව) කරුණාකර කයිවාරු නොගහා මේ සම්බන්ධව රජයේ ස්ථාවරය පැහැදිලි කල යුතු වෙනවා... පක්ෂ පාට වලින් වැඩක් නැහැ. අමනයින් බහුලව ඉන්න මේ රටෙන් බොරුව අතුගා දැමිය යුතුයි.. කවුරු වුණත් ලංකාවේ කෙනෙක් නම් ඒකා පර බල්ලෙක් කියලා මම කියන්නේ කට කහනවට නෙවෙයිනේ... මොවුන්ව කොහොමද අපි විශ්වාස කරන්නේ..?
මෙතන වුනේ මේකයි. මාලිමා කැටියේ එකෙක්වත් පාරලිමේන්තුවේ දී මේ ගැන කල්තියා විමසුවේ නැහැ. ගොන්නු වගේ හිටියා. මිනිස්සු කොච්චර කිව්ව ද මේ ගැන වහාම හොයපල්ලා කියලා. එකෙක් වත් එක ගණන් ගත්තේ නැහැ. අන්තිමේ දී අරුන් ටික හෙමිහිට කේස් එකට බැහැලා වැඩේ දුන්නා. ඔක්කොම තොරතුරු වෙනස් කරලා කතාව වෙන විදියකට හැදුවා. අන්තිමේ දී උන්ගේම එකෙක් ඇවිත් පාරලිමේන්තුවේ දී වෙලාවට ස්විච් එක දැම්මා. හරිනි දන්නෙවත් නැතුව ඇති චිචියගේ රොකට් කියන්නේ මොකද්ද කියලවත්. එය BOI එකට ප්‍රශ්නේ ඇරියම ආපු උත්තරේ දියවන්නාවට ඇවිත් කිව්වා.
එතකොට ඒකට වියදම් කරන්න මුදල් වෙන්කලා කියන කැබිනට් පත්‍රිකාව මොකක්ද?