(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ සිට පාලන බලය ඉල්ලන නායකයන් තමා ඉදිරිපත් කරන ප්‍රශ්න කිහිපයකට පැහැදිලි උත්තර දුන්නොත් තම සහය ඔවුන්ට ලබාදෙන බව පොදු ජන පෙරමුණේ පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔය කියන නායකයන්ට විදුලි බිල අඩු කරන්න හැකියාවක් තියෙනවද?තෙල් මිල අඩු කරන්න පුලුවන්ද?අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න පුලුවන්ද?ගෑස් මිල අඩු කරන්න පුලුවන්ද?රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බෙහෙත් ලබා දෙන්නේ කෙසේද?උපයන විට බද්ධ අහෝසි කරනවා ද ?ආදායම් බදු වෙනස් කරනවද?
රාජ්‍ය සේවකයාගේ හා පෞද්ගලික අංශයේ පඩි වැඩි කරනවද?වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවාද?මේවා කරන්නේ කොහොමද කියා පැහැදිලි කර දෙන්න.මේ කරුණු ටිකට හරියට උත්තර දුන්නොත් නායකයා කවුරු වුනත් අපත් සහාය පළකර අත උස්සනවා යැයි රෝහිත අබේගුණවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හිරේ සිටිය යුතු හොර නාම්බෙක් ගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න පක්ෂවලට පිස්සු නැ. මේ නැව් වලින් ඩොලර් ගේනවයි කිව්ව එකා නේ
කෝච්චියේ මාල කඩපු තමුන් අද ඔය විදියට ඉන්න හැටිත් දැනගන්න කැමැතියි.
උබලගේ විකාර අහන්න අපි ලෑස්ති නෑ, අපි හැමෝම දන්නවා උබල වගේ රළු මිනිස්සු මේ රට මේ තත්වෙට පත් කලා
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මේ තාක් ඔබතුමාලාගෙ මැටිමෝල් වැඩ නිසා තමයි ඔය වගේ ඔයාලට විසදුම් නැති ප්‍රශ්න ලිස්ට් එකක් ඇතිවුනේ සහ ජනතාව ඔය ප්‍රශ්න වලට විසදුම් පතා වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ. බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අය ගැන 100% විශ්වාස නොකරන්න පුලුවන් නමුත් ඔයාලා බැහැ කියල 100 % විශ්වාසයි.ලොකුම උදව්ව ඔතනම ඉන්න.
මාල කඩල දුවන කෝච්චියෙන් පනින්න පුළුවන්ද? එහෙම පනින අයට පාර්ලිමේන්තු යන්න නාමයෝජනා දෙනවද?
ඔය ලිස්ට් එකට ‘‘කෝච්චියේ මාල කඩලා ප්‍රකෝටිපතියෙක් වෙන්න වෙන්න විපක්ෂ මන්ත්‍රීලාට පුළුවන්ද? ‘‘ කියන අභියෝගයත් එකතු කරන්න.
දැන් රට පුරා මාල කඩන්නන් වැඩිවෙලා. එහෙම මාල කඩන්න එක නවත්තන්න පුළුවන්ද කියලත් කොන්දේසියක් දැම්මා නම් හොඳයි. කෙසේවෙතත් ඉදිරියට බලයට එන්න ඉන්න ජාතික ජන බලවේගය නම්, දූෂිතයින්ව මොනයම් කොන්දේසි උඩත් ගන්න නැහැ බව සහතිකයි.
මම කියන්නේ නැහැ... දන්නේ නැහැ... දැනගත්තත් සහාය එපා...
මාලිමාව බලයට ආපු ගමන් කරන්නේ ඉස්සෙල්ලාම නුඹලාව හිරේදාන එක. ලෑස්තිවෙලා හිටපල්ලා...
ඔය ලොකු කතාවල් වලින් වැඩක් නැහැ...! ඡන්දයක් තියන්නකෝ...!
රන් මාල හොරා, ආර්ථික ඔස්තාර් වෙලා...
මෙයා අටවත් පාස් නෑ. මෙයා කොහොමද විරුද්ධත්වයට අභියෝග කරන්නේ...? 88 ජවිපයට ගම් ගගා පෝස්ටර් අලවපු කෙනෙක්. මේවා ජනතාව දන්නේ නැතිව ඇති. රෑට ගෙවල්වලට ගිහින් අයිඩී කාඩ් එකතු කළා. දවසක් ආමි එකෙන් එළව එළවා වෙඩි තිබ්බා. මෙයා දුවලා තමයි බේරුණේ...
ප්‍රශ්න ඉදිරිපත් කරන පුද්ගලයා ගැන අබමල් රේණුවක තරම් ප්‍රසාදයක් ඇත්තේම නැහැ ඒත් ඊළඟ මැතිවරණ අවස්ථාව වනවිට අපිත් ඔය කියන ප්‍රශ්න සඳහා ලංකාපාලු දේශපාලුවන්ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා.. උත්තරේ සාර්ථකත්වය මත පමණක් අපේ මනාපය දිනාගත හැකියි... උත්සාහ කරන්න දිනුමක් ලබන්න. සතිඅන්ත පුවත් පතක් මගින් පක්ෂ නායකයින්ට ප්‍රතිචාර දැක්විය හැකියි...
අනුන්ගේ අදහස අරගෙන ඕක කරන්න ඕන නෑ. බැරිකම දන්නවා නම් අස්වෙලා යන්න.