IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රෝහිත විපක්ෂයට අභියෝග ලැයිස්තුවක් දෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ සිට පාලන බලය ඉල්ලන නායකයන් තමා ඉදිරිපත් කරන ප්‍රශ්න  කිහිපයකට පැහැදිලි උත්තර දුන්නොත් තම සහය ඔවුන්ට ලබාදෙන බව පොදු ජන පෙරමුණේ පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔය කියන නායකයන්ට විදුලි බිල අඩු කරන්න හැකියාවක් තියෙනවද?තෙල් මිල අඩු කරන්න පුලුවන්ද?අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න පුලුවන්ද?ගෑස් මිල අඩු කරන්න පුලුවන්ද?රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බෙහෙත් ලබා දෙන්නේ කෙසේද?උපයන විට බද්ධ අහෝසි කරනවා ද ?ආදායම් බදු වෙනස් කරනවද?

රාජ්‍ය සේවකයාගේ හා පෞද්ගලික අංශයේ පඩි වැඩි කරනවද?වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවාද?මේවා කරන්නේ කොහොමද කියා පැහැදිලි කර දෙන්න.මේ කරුණු ටිකට හරියට උත්තර දුන්නොත් නායකයා කවුරු වුනත් අපත් සහාය පළකර අත උස්සනවා යැයි රෝහිත අබේගුණවර්ධන මහතා කීය.

 



අදහස් (14)

රෝහිත විපක්ෂයට අභියෝග ලැයිස්තුවක් දෙයි

දාස Thursday, 09 March 2023 01:51 PM

මේ වගේ හිරේ සිටිය යුතු හොර නාම්බෙක් ගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න පක්ෂවලට පිස්සු නැ. මේ නැව් වලින් ඩොලර් ගේනවයි කිව්ව එකා නේ

:       0       0

ගමේ එකාලා Thursday, 09 March 2023 01:56 PM

කෝච්චියේ මාල කඩපු තමුන් අද ඔය විදියට ඉන්න හැටිත් දැනගන්න කැමැතියි.

:       0       0

pradeep Thursday, 09 March 2023 02:04 PM

උබලගේ විකාර අහන්න අපි ලෑස්ති ​​නෑ, අපි හැමෝම දන්නවා උබල වගේ රළු මිනිස්සු මේ රට මේ තත්වෙට පත් කලා

:       0       0

ana Thursday, 09 March 2023 02:05 PM

බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මේ තාක් ඔබතුමාලාගෙ මැටිමෝල් වැඩ නිසා තමයි ඔය වගේ ඔයාලට විසදුම් නැති ප්‍රශ්න ලිස්ට් එකක් ඇතිවුනේ සහ ජනතාව ඔය ප්‍රශ්න වලට විසදුම් පතා වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ. බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අය ගැන 100% විශ්වාස නොකරන්න පුලුවන් නමුත් ඔයාලා බැහැ කියල 100 % විශ්වාසයි.ලොකුම උදව්ව ඔතනම ඉන්න.

:       0       0

Pankumburage Thursday, 09 March 2023 02:08 PM

මාල කඩල දුවන කෝච්චියෙන් පනින්න පුළුවන්ද? එහෙම පනින අයට පාර්ලිමේන්තු යන්න නාමයෝජනා දෙනවද?

:       0       0

de silva Thursday, 09 March 2023 02:09 PM

ඔය ලිස්ට් එකට ‘‘කෝච්චියේ මාල කඩලා ප්‍රකෝටිපතියෙක් වෙන්න වෙන්න විපක්ෂ මන්ත්‍රීලාට පුළුවන්ද? ‘‘ කියන අභියෝගයත් එකතු කරන්න.

:       0       0

Hafeel Thursday, 09 March 2023 02:15 PM

දැන් රට පුරා මාල කඩන්නන් වැඩිවෙලා. එහෙම මාල කඩන්න එක නවත්තන්න පුළුවන්ද කියලත් කොන්දේසියක් දැම්මා නම් හොඳයි. කෙසේවෙතත් ඉදිරියට බලයට එන්න ඉන්න ජාතික ජන බලවේගය නම්, දූෂිතයින්ව මොනයම් කොන්දේසි උඩත් ගන්න නැහැ බව සහතිකයි.

:       0       0

Jay Thursday, 09 March 2023 02:19 PM

මම කියන්නේ නැහැ... දන්නේ නැහැ... දැනගත්තත් සහාය එපා...

:       0       0

Bamunuarachi Thursday, 09 March 2023 02:38 PM

මාලිමාව බලයට ආපු ගමන් කරන්නේ ඉස්සෙල්ලාම නුඹලාව හිරේදාන එක. ලෑස්තිවෙලා හිටපල්ලා...

:       0       1

ගනේගොඩ Thursday, 09 March 2023 03:03 PM

ඔය ලොකු කතාවල් වලින් වැඩක් නැහැ...! ඡන්දයක් තියන්නකෝ...!

:       0       3

Ranjith Thursday, 09 March 2023 04:17 PM

රන් මාල හොරා, ආර්ථික ඔස්තාර් වෙලා...

:       1       3

Thilak Thursday, 09 March 2023 04:44 PM

මෙයා අටවත් පාස් නෑ. මෙයා කොහොමද විරුද්ධත්වයට අභියෝග කරන්නේ...? 88 ජවිපයට ගම් ගගා පෝස්ටර් අලවපු කෙනෙක්. මේවා ජනතාව දන්නේ නැතිව ඇති. රෑට ගෙවල්වලට ගිහින් අයිඩී කාඩ් එකතු කළා. දවසක් ආමි එකෙන් එළව එළවා වෙඩි තිබ්බා. මෙයා දුවලා තමයි බේරුණේ...

:       1       3

ගජමන්ගේ Thursday, 09 March 2023 05:14 PM

ප්‍රශ්න ඉදිරිපත් කරන පුද්ගලයා ගැන අබමල් රේණුවක තරම් ප්‍රසාදයක් ඇත්තේම නැහැ ඒත් ඊළඟ මැතිවරණ අවස්ථාව වනවිට අපිත් ඔය කියන ප්‍රශ්න සඳහා ලංකාපාලු දේශපාලුවන්ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා.. උත්තරේ සාර්ථකත්වය මත පමණක් අපේ මනාපය දිනාගත හැකියි... උත්සාහ කරන්න දිනුමක් ලබන්න. සතිඅන්ත පුවත් පතක් මගින් පක්ෂ නායකයින්ට ප්‍රතිචාර දැක්විය හැකියි...

:       1       4

Lalla Thursday, 09 March 2023 05:33 PM

අනුන්ගේ අදහස අරගෙන ඕක කරන්න ඕන නෑ. බැරිකම දන්නවා නම් අස්වෙලා යන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site