වෙනත් වසර වල දි මැයි ජුනි මාස තුල දි බලපාන නියං සමය රුහුණූ පළාතට කල් තියාම පැමිණ තිබේ.
නිසි අයුරින් ලැබිය යුතු වැසි නොලැබී යෑම මත මේ වන විට දිවා හා රාති‍්‍ර කාලය පුරාම ඌවේ හා දකුණේ දැඩි උෂ්ණයක් පවති.
පරිසර හානි හේතුවෙන් ගස් වැල් වියළි යෑම මත දේශගුණ විපර්යාසයන් සිදුවෙමින් පවතින මෙම කාල සිමාවේ දි මිනිසාට මෙන්ම වනයේ වන සතාටද මෙම නියං සමය දැඩි පීඩාවක් ගෙන දෙමින් පවති.
වන සතුන් ජලය ඇති ස්ථාන තුළ දවසේ වැඩි කාලයක් ගත කරමින් සිටින අතර සිය කෑම පවා මඟ හරින අලි ඇතුන් ජලය ඇති ස්ථාන තුළ රැදි සිටිමින් දැඩි පිපාසය සංසිදවා ගනිති.
මිනිසුන් වෙනදාට වැඩියෙන් දිය නා ගන්නා අතර තැඹිලි, සිසිල් බීම, පානිය ජල බෝතල් පානය කිරීම මේ දිනවල ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පවසති. මෙයට අමතරව කතරගම හා තිස්සමහාරාම වැනි ප‍්‍රදේශවල සිටින හා වන්දනාවේ පැමිණෙන ජනයා සිය උෂ්ණත්වය අඩු කර ගැනීම පිණිස වැව් වල හා ගං තුළ වැඩි කාලයක් ගත කිරීමට හුරුව තිබේ.
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/212.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/312.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/512.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/611.jpg)
![IMG_0540[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_05401.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්වයට හේතුව එල් නිනෝ තත්වයයි. මේ අවුරුද්දේ මුලු ලෝකයේම කාලගුණය උඩු යටිකුරු වෙනවා. (ර)
අපේ රටේ මේ සම්පත රටේ පාලකයන්ට වටින කමක් නැහැ වෙන රටවලට මේ සමත නොමැති නිසා ඔවුන් කෘත්‍රිමව කැලේ හදල සතුන් මිලට ගෙනත් මහා ධන සම්බාරයක් වියදම් කරමින් ස්වභාව ධර්මයේ චමත් කාරය මවන්න අපමණ උත්සහයක් ගන්නවා (ම)
දේවෝ වස්සතු කාලෙන.... පීතෝ බවතු ලෝකොච--- රාජා බවතු ධම්මිකෝ.(අ)
4වෙනි පින්තුරයේ ඉන්න, අලි අම්මත් එක්ක වතුර බොන්න ආපු අලි පොඩිත්තාගේ හුරතල් පෙනුම...? අනේ අපේ වන සම්පත.!මොන තරම් දැකුම් කළු දර්ශනයක්ද....? (බ)
බය වෙන්න ඕනෑ නැහැ. වහිනවා අද හෙටම (නි)
දිරාපත් වූ අලි දැක්කහම කණගාටුවක් ඇතිවෙනවා (නි)