රුහුණු විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව පාලනාධිකාරිය විසින් අද සිට තහනම් කරනු ලැබීය.
සරසවි ආචාර්යවරුන් අපහසුවට පත් කිරීම ඊට හේතුව බව උපකුලපති ගාමිණී සේනානායක මහතා කියයි.
එවැනි පොස්ටරයක් සරසවි භූමියේ තිබී පාලකයන් අතට පත් වී ඇත.
මෙම තහනමට එරෙහිව ශිෂ්‍යයෝ සරසවියේදීද, වැල්ලමඩම පාරේ උද්ඝෝෂණයක් ද ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය නවක වදයෙන් තොරවම ගමන් කරන පීඨයක් බවට පත් කරමින් එය සාර්ථකවම ගමන් කරවන්නට කටයුතු කළ හා කරන විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවක වදය ලබා දෙන්නට කටයුතු කල බවට විද්‍යා පිඨයේ ඇතැම් ආචාර්යවරුන් ප්‍රමුඛ පරිපාලනය විද්‍යා පිඨයේ පිඨ මණ්ඩල රැස්වීම් දෙකක දී සිදුකල චෝදනා වලට පිළිතුරු සැපයීම සඳහා ආචාර්යවරුන් සමඟ මීට ප්‍රථම සාකච්චාවක් ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර නොදක්වා තවදුරටත් සිදුකල චෝදනා වලට විරෝධතාව පලකරමින් ඇලවූ පෝස්ටරයක් මුල් කර ගනිමින් විද්‍යා පීඨ ශිෂ්‍ය සභාවේ හැසිරීම් රටාව විශ්ව විද්‍යාලයේ කිර්ති නාමයට හානියක් හා පරිපාලනයට අවහිර කිරීමක් ඝනයට වැටීම යටතේ ජුනි 18 වන දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත. (නි)
චාමික මහත්තයෝ, පුළුවන් නම් රටටම දැනගන්න කියන්නකෝ මොන සරසවියේ මොන ආචාර්යතුමාද එයාලා වෙනුවෙන් කඩේ යන්න කියලා සිසුන්ට කිව්වේ කියලා. මම හිතන්නේ ඔබතුමා සරසවියකට තියා මොන්ටිසොරියකටවත් ගිහින් නැතුව තමයි සරසවි ගැන මේ තීරුවට ලියන්නේ. මහත්තයෙක් හැටියට මගේ අභියෝගය බාරගන්න. (නි)
අපේ රුහුණ විද්‍යා පීඨයේ නවක වදය නැහැ. අපේ සරසවියේ නම නැති කරලා ශිෂ්‍යයෝ මර්දනය කරන්න එපා (නි)
මේක නම් හොද තීන්දුවක්. ඉගෙන ගන්න ආවා නම් ඉගෙන ගන්න ඕනෑ. ඊටපස්සේ රට හදන්න. (නි)
දැන් ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හරියට කතා කරන්නවත් දන්නේ නැහැ. යමක් ඉල්ලා ගැනීමට නම් හොද ක්‍රමයක් භවිතා කළ යුතුයි. නැතුව දියව් හකුලා ගනිවු කිය කියා පාට පාටින් හැම තැනම ලියලා වැඩක් නැහැ. මහ පාරවල් අවහිර කරලා වැඩක් නැහැ (නි)
මම කිව්වේ ආචර්‍යවරුන්ට පඩි වැඩි කරගන්න වර්ජනය කරන්න ඕන වුනාම විතරයි ශිෂ්‍ය සංගම් ඕන වෙන්නේ කියලා. ඒ වෙනුවෙන් පෙනී සිටි ශිෂ්‍යෙයන් මැරුනා. ඒ අයගේ පඩිය වැඩිවුනාට පස්සේ ඔක්කෙමෙ අමතකයි. ඒ නිසා දැන් ශිෂ්‍යන්ගේ වෙලාව හොදයි වගේ. අචාර්‍යවරුම ඕවා තහනම් කළාම නැවත එයාලට කඩේ යන්න කව්රුවත් නැති වෙනවා.(නදී)
කැම්පස් එකට වැස්සටවත් අපු නැති අය මේවා ගැන කතා කරන්න එපා. හොදට හොයලා බලන්න, අපි කරන්නේ මොනවද කියලා. නවකවදය නැතුව යන්න හදන ගමනට බාදා නොකර ඉන්න. (නි)
අපි හැදුවේ රට හදන්න නෙවෙයි. අපිට නැති උන දේ නැවත ලබාගන්න. ඔයාලා හිතන තරම් සුන්දර තැනක් නෙවේ මේක. විභාග, මහපොළ ප්‍රශ්න,හොස්ටල් ප්‍රශ්න විසඳගන්න තිබුන සභාව අපි ලබාගන්නවා ආයෙත්. ඔයාලා කැම්පස් එක තුලට ඇවිත් බලන්න. ඊට පස්සේ ප්‍රශ්න ගැන කතා කරන්න. අද වෙනකන් අපි කෑවේ අපේ සල්ලි වලින්.(නදී)
නිකන් කන්න අඳින්න දුන් දේ කාලා ඇඳලා නොඉඳ රට කන්න හදන කණ්ඩායම වගේම, නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගෙනගන්නේ නැතුව තමන්වම කාගන්න පිරිසකුත් තවම රටේ ඉඳීම කණගාටුදායකයි. (නි)
දැන්නම් ශීෂ්‍යයන්ගේ වෙලාව හොදයි වගේ. ඕවා නැති කරලා දාන තරමට ශිෂ්‍යයන්ට හොදයි (නි)
කැම්පස් කියන්නෙ මොන්ටිසොරික් නෙමෙයි. දන්නේ නැති දේවල් ගැන කතා කරලා මොඩයො වෙන්න එපා.... දුකයි... (නදී)
අඩුම තරමේ තමන්ගේ පවුලේ ගෑවුන කෙනෙක්වත් කැම්පස් ආවේ නැති අය කවදා දැනගන්නද නිකන් දෙන අධ්‍යාපනයේ අද තියෙන තත්වය. කරන්න දෙයක් නැතුව තැන තැන අගක් මුලක් දන්නේ නැති කතා වලට එක වසරේ ළමයි වගේ ප්‍රතිචාර දාන අය ලංකාවේ ඉන්න එක ගැන ගොඩක් දුකයි. මහත්තයෝ ඕක තමයි තාමත් අපි තුන්වන ලෝකේ රටක් වෙලා ඉන්නේ. ඔයාලට නිකන් දුන්න ඔලුවෙන් ටිකක් හිතන්න පුරුදු වෙන්න.(නදී)
ඕනෑම පීඨයකට නවකයින්ගේ ආගමනයත් සමඟ විශ්ව විද්‍යාලයක පරිසරයට පැමිණෙන ඔවුන්ට එකී සම්ප්‍රදායන් හඳුන්වා දීමේ වගකීම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුල පමණක් නොව සාමාන්‍ය සම්ප්‍රදාය තුලද හිමිවන්නේ ඔවුන්ට කලින් ඒ අත්දැකීම ලබා ඇති පිරිසටය. ඒ නවකයින්ට නවක වදයකින් තොරව සහෝදරත්වයෙන් එකී මග කියා දෙන්නට උත්සාහ කරන විට, වෙන දේ දෑසින් හොඳ හැටි දැක දැකත් එය නවක වදයක් යැයි කියන්නට තරම් ඉහල පරිපාලනය අකාරුණික වීම කණගාටුවට කරුණකි.නීතිය කාටත් එක බව ඇත්තය.නමුත් විශ්ව විද්‍යාලයට නවක ශිෂ්‍යයියින් ප්‍රථමයෙන් පැමිණෙන දින, කිසිඳු පීඨයක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන් හමුවීමට පවා අවස්ථාව නොදෙන බවට පරිපාලනය ගත් තීරණයට ගරු කරමින් විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව ප්‍රමුඛ විද්‍යා පීඨය එය ඉටුකළ නමුත් රුහුණ විශ්ව විද්‍යාලය තුල පීඨ 7ටම එම නිතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වනු දකින්නට නොලැබිණි. නමුත් පැහැදිලිව කිවයුතු කරුණ වන්නේ පීඨ 7ක් පවතින රුහුණ විශ්වවිද්‍යාලය තුල නවක වදය නැත්තටම නැති කල පීඨයක් ලෙස වසර ගණනාවක් පුරා විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට සහ විශ්ව විද්‍යාල සම්්‍රදායට ගැලපෙන ක්‍රියාවලියක් අනුගමනය කල පීඨයක් ලෙස විද්‍යා පීඨය, සමස්ත විශ්ව විද්‍යාල පරිපාලනයම දුටුවද ඔවුන් අඳ ගොළු බිහිරන් සේ හැසිරෙමින් විද්‍යා පීඨය තුල නවක වදය ලබා දෙන්නේ යැයි කීම හාස්‍යයට කරුණක් වී ඇත. මේ හරහා අප කරන කරුණු දැක්වීම දැක එය අසා සත්‍ය්‍ය වටහා ගන්නට අපි අදාල සියල්ලන්ට මෙය බාර කරමු. (නි)